25

කොළඹ

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

තෙල්දෙණිය පොලිස් වසමේ මහනුවර මහියංගණය ‘ඒ’ විසි හය මාර්ගයේ 25

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019

ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ හතක් අත්අඩංගුවේ

09:00 PM May 23 2019

හිරෙන් නිදහස් වූ ඥානසාර හාමුදුරුවෝ පළමු වරට ජනතාව අමතයි (VIDEO)

08:02 PM May 23 2019

විහිළුවක් දුරදිග ගිහින් යකඩ පොල්ලකින් පහරදී අසල්වැසි තරුණයා මරා දාලා

07:30 PM May 23 2019

ඥානසාර හිමි නිදහස් (UPDATE)

05:55 PM May 23 2019

ඥානසාර හිමි නිදහස් කිරීමට අදාළ ලිපිය බන්ධාගාර කොමසාරිස් අතට : Live Update

05:36 PM May 23 2019

වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් 2500ක් ප්‍රවාහනය කල සැකකරුවෙකු අත්අඩංගුවට

05:17 PM May 23 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම

හදගැස්ම

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ පිළිකාවකට ගොදුරු වී ඇතැයි යන කතාව මෙයට කලකට පෙර ඔහුගේ රසිකයන් මහත් කම්පනයට පත් කළ ආරංචියක් වුණා. ඔහුට වැලඳී ඇත්තේ මොළයේ පිළිකාවක් බවට මුලින් පැවැසුණත් ටික කලකට පසු ඉර්ෆාන්ම ඔහුගේ ට්විටර් පිටුව මත සටහනක් තබමින් තමාට වැලඳී ඇති පිළිකාව ගැන සැබෑ තොරතුරු ඉදිරිපත් කර තිබුණා. ඒ විස්තරවලට අනුව ඔහුට වැලඳී තිබුණේ ඉතාම දුර්ලභ ගණයේ පිළිකාවක්.

 නියුරොඑන්ඩොක්රින් (Neuroendocrine) යනුවෙන් ඉංගී්‍රසියෙන් හැඳින්වෙන මෙම පිළිකාව වැලඳෙන්නේ ලක්ෂයකින් 35 දෙනකු වැනි ඉතා සුළු පිරිසකට පමණක් බවයි පැවැසෙන්නේ. මෙය සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වයට බලපාන පිළිකාවක් හැටියට සැලකෙනවා. ඉර්ෆාන් මේ ආකාරයෙන් රෝගාතුරව ඇති බව මාධ්‍ය හරහා නිල වශයෙන් අනාවරණය කෙරුණේ පසුගිය වසරේ මුල් භාගයේදීයි. එයින් පසු ඔහු රඟපෑමෙන්ද සමුගත් අතර එය ඔහුගේ රංගනයට ඇලුම් කළ රසික රසිකාවන් තුළ මහත් කනගාටුවක්, කම්පනයක් ඇති කළ සිදුවීමක් වුණා. මේ වන විට 52 වැනි වියෙහි පසුවන මෙම අති දක්ෂ නළුවා සිනමාවට එක් වුණේ 1988 වසරේ ‘සලාම් බොම්බේ’ සිනමා පටයෙනුයි. මෑත කාලයේ ඔහු රඟපෑ ‘ලන්ච් බොක්ස්’ ‘පිකු’, “තල්වාර්’, ‘හින්දි මීඩියම්’, ‘බ්ලැක් මේල්’ වැනි චිත්‍රපට ඉතා ජනප්‍රිය වුණා.

 ඔහු ඉන්දියානු සිනමාවේ පමණක් නොව ඔහු හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ නළුවෙක්. Slumdog millionaire. Life of pi වැනි චිත්‍රපටවල ඉර්ෆාන් රඟපෑවා. ඔහු සිනමා ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේද ප්‍රියතම රංගන ශිල්පියකු වූ අතර සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබෙනවා. මේ තත්ත්වය තුළ ඉර්ෆාන් රෝගී වීම සහ සිනමාවෙන් අෑත්වීම සැබැවින්ම කා තුළත් විශාල කනගාටුවක් ඇති කිරීම පුදුමයක් නොවෙයි.

කෙසේ නමුත් පසුගිය දිනවල ඔහු පිළිබඳ අලුත් ආරංචියක් මාධ්‍ය තුළ සංසරණය වනු දක්නට ලැබුණා. එයින් පැවැසුණේ ඉර්ෆාන් දැන් තරමක් දුරට සුවය ලබා ඇති බව සහ ඔහු නැවතත් චිත්‍රපටයක රඟපාන බවයි. මේ ආරංචිය ඔහුට ආදරය කළ කාටත් ඉතා සතුටුදායක ආරංචියක් වුණා. පිළිකාවට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය වසරේ ඉන්දියාවෙන් නික්ම ගිය ඔහු ඉන්පසු වැඩිවශයෙන් කාලය ගත කළේ ලන්ඩන් නුවරයි. මෙයට ටික කලකට පෙර ඔහු එහි සිට නැවත ඉන්දියාව බලා පැමිණ තිබුණා. එයින් පසු  ඔහු අප්‍රේල් මුල් සතියේ පටන් ‘අන්ගේ‍රසී මීඩියම්’ නමැති හින්දි චිත්‍රපටයේ රඟපෑම ආරම්භ කර ඇති බවට ඉන්දියානු මාධ්‍ය අනාවරණය කර තිබෙනවා’ අන්ගේ‍රසි මීඩියම්’ යනු 2017 වසරේ තිරගත වූ ‘හින්දි මීඩියම්’ නමැති චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මේ වනවිටත් ඉර්ෆාන් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටිනවා.

කෙසේ නමුත් ඔහු තවමත් සියයට සියයක් සුවය ලබා නැති බවත් පැවසෙනවා. ඔහු රූගත කිරීම්වලට සහභාගි වන අතරතුරත් ඉන්දියාවේ සහ ලන්ඩනයේ විශේෂඥ වෛද්‍යවරුන් නිතර ඔහු සහ ඔහුගේ බිරිය සුතාපා අමතමින් ඔහුගේ තත්ත්වය පිළිබඳ විමසන බවයි පැවසෙන්නේ. ඒ අනුව පෙනෙන්නේ මේ වනවිටත් ඔහු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන බවයි. මාධ්‍ය වාර්තාවල සඳහන් වන අන්දමට ඉර්ෆාන්ට මේ ආකාරයෙන් නැවත රංගනයට එක්වීම සඳහා නිර්දේශ කර ඇත්තේ වෛද්‍යවරුන්මයි. ඒ ඔහු කිසිදු වැඩක නොයෙදී සිටිනවාට වඩා ඔහුගේ ප්‍රියතම වෘත්තියෙහි නියැළීම මානසික වශයෙන් ඔහුට යහපත් ලෙස බලපානු ඇති නිසයි. කොහොමටත් ඉර්ෆාන් වැඩ කිරීමට ඉතා කැමැති පුද්ගලයකු ලෙසයි සැලකෙන්නේ. එවැනි කෙනකුට වැඩ නොකර සිටීමට සිදුවීම මානසික වශයෙන් පීඩාවක් වීම සාමාන්‍ය කාරණයක්. කෙසේ වෙතත් ඔහු රූගත කිරීම්වල නියැළෙද්දී පෙරට වඩා ඉක්මනින් වෙහෙසට පත්වන ගතියක් දක්නට ලැබුණු බවද චිත්‍රපටයේ රූගත කිරීම් ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු සඳහන් කර තිබුණා. මේ වන විට ඉර්ෆාන්ගේ රසික රසිකාවන්ගේ එකම ප්‍රාර්ථනය වී ඇත්තේ මෙම සම්මානනීය නළුවාට සම්පූර්ණ සුවය ලැබී පෙර මෙන්ම රංගනයෙහි යෙදෙන්නට හැකියාව ලැබේවා යන්නයි.

‘ජීවිතයේ ජයග්‍රහණ සොයා දුවන දිවිල්ලේදී අපට ආදරය නමැති කාරණයේ ඇති වැදගත්කම නිතර අමතක වෙයි. නමුත් අප දුර්වල වන අවස්ථා විසින් අපට ඒ ගැන නැවත සිහිපත් කරවනු ලබයි. ‘මා නැවත ජීවිතයේ ඉදිරියට පිය නඟද්දී මට මොහොතක් නතර වී ඔබට ස්තුති කිරීමට අවශ්‍යයි. ඒ ඔබෙන් ලැබුණු අප්‍රමාණ ආදරය සහ සහයෝගය වෙනුවෙන්. පසුගිය කාලයේ මා සුවය ලබමින් සිටියදී මේවා මට ඉමහත් සහනයක් ගෙන දුන්නා. දැන් මා නැවත ඔබ වෙත පැමිණෙන්නේ මගේ හදවතේ ගැඹුරුම තැනින් ඔබට ස්තුතිවන්ත වෙමිනුයි’ ඉර්ෆාන් නැවත ඉන්දියාවට පැමිණ සිය වැඩකටයුතු ආරම්භ කළේ මෙවැනි සටහනක්ද ඔහුගේ ‘ට්විටර්’ පිටුවේ සටහන් කරමිනුයි.

සනත් වික්‍රමගේ