26

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංචි කෙල්ල රංගනයට

හදගැස්ම

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදිරිපත් කිරීමේ ශෛලියත් බොහෝ දෙනා අතර ඇයව ආදරයට පාත්‍ර කරන්නට සමත් වුණා. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත්ත ආක්ෂා චමුදි ගැන කතා කරන්න අපි ඇයගේ පියා වන 

ආර්.ඒ. අජිත් කුමාරව  හදගැස්මේ කතාබහට එකතු කරගත්තා.


ඔබේ දුව බොහෝ වෙලාවට ගයන්නේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

පුංචිම කාලේ ඉඳන් දුව ඇන්ජලින් ගුණතිලක මහත්මියටයි, ජෝතිපාල මහත්මයටයි පුදුම කැමැත්තක් තිබුණේ. ජෝතිපාල මහත්මයාගේ සොහොන බලන්න යන්න ඕන කියලා දුව කිය කියා හිටියේ. අපිට එයාව එතැනට එක්ක යන්න බැරිවුණා. ඒත් ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු කරන්න බොරැල්ල කනත්තට ගියාම අපි දුවව ජෝතිපාල මහත්මයාගේ සොහොන පෙන්නන්නත් එක්කන් ගියා. එදා දුව එතුමාගේ සොහොන ළඟ ඉඳන් පින්තූරයකුත් ගත්තා.

ඇන්ජලින් ගුණතිලක මිය යන්න කාලයකට කලින් දුව ඇයව මුණගැහුණා නේද?

ඇන්ජලින් ගුණතිලක මහත්මිය සහ එතුමියගේ සැමියා අපිට කතා කරලා එන්න කිව්වා. ඒත් ඇයි දන්නේ නැහැනේ අපිට එන්න කියන්නේ. ඒ නිසා අපි බයට ගියේ නැහැ. ඒත් එතුමියගේ උපන් දිනය දවසේ එන්න කිව්වාම අපි දුවත් එක්ක ගියා. එදා ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දුව, බෑනා, මුනුපුරාත් හිටියා. ලතා වල්පොළ මහත්මියත් හිටියා. එදා ඇන්ජලින් ගුණතිලක මහත්මිය කිව්වා අපේ දුව එතුමියගේ ගීත හරියටම කියනවා කියලා. එදා එතුමිය දුවත් එක්කම සින්දු කිව්වා.

ඒ හමුවීමෙන් පස්සේ දුවගේ නමට තවත් නමක් එකතු වුණා?

ඔව්. එදා ඇන්ජලින් ගුණතිලක මහත්මිය කිව්වා ඇගේ නමේ කොටසකුත් දුවට දෙනවා කියලා. එහෙම කියලා ඇන්ජලීනා කියන නම දුවගේ නමට එකතු කරලා කියන්න කියලා දුවට කිව්වා. දුව දහපාරක් විතර ආක්ෂා චමුදි ඇන්ජලීනා කියලා කියද්දී එතුමිය සතුටු වුණා. අපි ඉතිං ප්‍රසංගයකට ගියත් දැන් දුවගේ නම විදියට ඒ සම්පූර්ණ නම කියනවා.

ඇන්ජලින් ගුණතිලක ඇගේ ගීත ගායනයට යම් පවරාදීමක් දුව වෙනුවෙන් කළාද?

ලිඛිතව ගීත පවරා දුන්නේ නැහැ. නමුත් එතුමියගේ ගීත ගායනා කරන්න දුවට වාචික අවසරයක් දුන්නා. අපිට ගීත පැවරුවා කියලා සමහරු වරද්දාගෙන තියෙනවා.

දැන් ඒ ගීත ගායනයත් ප්‍රශ්නයක් වෙලා තිබෙනවාද?

මම දැක්කා ෆේස්බුක් එකේ දාලා තියෙනවා ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත ගයන්න දුවට අයිතියක් නෑ කියලා. අපිට බලෙන් කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපි ගොඩක් දුප්පත් මිනිස්සු. ගොඩක් දුක් විඳලා මේ තත්ත්වයට ආවේ. අපි ලද දෙයින් සතුටු වෙනවා. දුවට එතුමියගේ ගීත ගායනා කරන්න එපා කිව්වොත් මම දුවට කියනවා නවතින්න කියලා.

ඔබ සහ බිරිය ආක්ෂා දුවව ප්‍රසංගවලට ඉදිරිපත් කරනවා. මේ ගැන විවිධ අයගේ විවේචන එල්ල වෙනවා නේද?

අපි දුෂ්කර ගමක ඉඳලා දුවව අරගෙන මේ තත්ත්වයට ආවේ. මම පොළේ එළවලු වෙළෙ¼දාම් කළේ. අපි අවුරුදු එකහමාරක් විතර දුක් විඳලා දුවව මේ තත්ත්වයට ගෙනාවේ. දුව දෙරණ ලිට්ල් ස්ටාර් ජනප්‍රිය තරුව වුණා. දුවව ඒ තත්ත්වයට ගෙනාවේ රසිකයො. ගොඩක් ජනතාව අපේ දරුවා වෙනුවෙන් උදවු කළා. අපේ දරුවා ජනප්‍රිය තරුව වුණාට පස්සේ ගෙදර තියාගෙන ඉන්න එක නෙමෙයිනේ කරන්න ඕන. ඉතින් දරුවව ප්‍රසංගවලට සම්බන්ධ කරනවා. දරුවා ජනප්‍රිය වෙද්දි එක එක අය එක එක කතා කියනවා. සමහරු කියනවා අපේ දරුවා ළමා සින්දු නෙමෙයි කියන්නේ කියලා. දරුවා මුලින් චිත්‍රපට ගීත කියද්දී ඒවට ජනතාවගෙන්ම ඉහළ ප්‍රතිචාර ලැබුණේ. ඒත් දැන් වෙන කතා කියනවා. දැන් කියනවා දරුවා පැහිච්ච අම්මණ්ඩි වගේ සින්දු කියනවා කියලා. නමුත් අපි දරුවව ප්‍රසංගයකට එක්ක ගියත් මුදල ගැන නෙමෙයි ළමයාගේ පහසුව ගැන හිතලා වැඩ කරන්නේ. තේරුමක් නැතිව මිනිස්සු ඉතින් එක එක කතා කියනවා.

විදෙස් ප්‍රසංගයකදි ආක්ෂා දුවට අපහසුතාවට ලක්වෙන්න සිද්ධවුණා කියලත් විවිධ වීඩියෝ පසුගිය කාලේ සමාජ මාධ්‍යවල සැරිසැරුවා?

අපිට මේ වෙනකොට විදෙස් ප්‍රසංග පනහකට වඩා ඇවිත් තියෙනවා. ඒත් ඒ එන ප්‍රසංගවලට දරුවටයි අම්මටයි හෝ දරුවටයි මටයි යන්න තමයි කතා කරන්නේ. නමුත් මමයි බිරියයි දෙන්නම දරුවා එක්ක යනවා නම් තමයි දරුවව විදෙස් ප්‍රසංගයකට සම්බන්ධ කරන්නේ. අපි ඩුබායි සහ කුවේට් ප්‍රසංග දෙකකට දුවව අරගෙන ගියා. අපි රටවලට ගිහින් නෑනේ. ඉතින් බලාගන්නත් එක්ක තමයි අපි ගියේ. ඒ එක ප්‍රසංගයකදී නම් මට අතිනුත් ගෙවන්න වුණා. කුවේට් ගියාම නම් දුවට පුදුම ප්‍රතිචාර ලැබුණේ. අපි ඒ ප්‍රසංගයට ගියේ රුපියල් පනස්දාහකට. ඒත් අපිට වැඩිපුරත් එක්ක සල්ලි හම්බ වුණා. කුවේට් ප්‍රසංගයේදී දුවව පිරිමි අය ඉස්සුවා කියලත් වීඩියෝ ෂෙයාර් කරන්න ගත්තා සමහරු. නමුත් එතැන අපිත් හිටියා. එතැන දුව නට නටා සින්දු කියද්දි වයර් එකක පැටලෙන නිසා තමයි දුවව උස්ස උස්ස තියන්නේ. නිවේදක මහත්මයා දරුවාව වඩාගෙනත් සින්දු කිව්වා. දරුවා බයවෙලා නම් එයාට සින්දු කියාගන්න බෑනේ. දරුවාට පුදුම ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණේ. අපි දැනටත් ප්‍රසංගයක් ආවොත් හොඳට හොයලා බලලා දන්න කියන අයගෙන් අහලා තමයි දරුවව ගෙනියන්නේ.

දරුවත් ඒ විදියට කාර්යබහුල වෙන්න කැමැතිද?

එයාට පුදුම කැපවීමක් තියෙන්නේ. අපි විදෙස් ප්‍රසංගයකට ගියත් දවස් තුන හතර වෙන් කරන ඒවට යන්නේ. නිවාඩු කාලෙක නම් තමයි වැඩිපුර දින තියෙන ප්‍රසංගවලට යන්නේ.

දරුවට ප්‍රසංග ජයයි වගේ

ඔව්. දවසකට ප්‍රසංග දහයකට වුණත් යන්න ආරාධනා ලැබෙනවා. නමුත් අපි එහෙම එක්ක යන්නේ නැහැ. දවසක් හැර දවසක් හෝ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යෙදෙන ප්‍රසංගවලට දරුවව එක්ක යනවා.

දැන් ආක්ෂා ගායනයට අමතරව රංගන කටයුතුවලටත් යොමු කරලා නේද?

ඔව්. සංගීතේ ටෙලි නාට්‍යයට දුවව එකතු කරගන්න අපට කතා කළා. දුවට කොහොමත් නටන්න, සින්දු කියන්න, රඟපාන්න පුළුවන්. මීට කලිනුත් දුවව චිත්‍රපටයකට සම්බන්ධ කරගන්න කතා කළා. අවුරුදු කාලේ තමයි ඒ ආරාධනාව ලැබුණෙත්. නමුත් අපි ඒ ආරාධනාව භාරගත්තේ නැහැ. දරුවට ඒ ඔක්කොම එක ගොඩේ කරන්න බැහැනේ.

රංගනයෙනුත් දුව ඉස්සරහට යයිද?

එයා කැමති දෙයට අපි එයාව යොමු කරනවා. එයාට කලාවේ දේවල් හොඳට පුළුවන්. රඟපාන දේවල් වුණත් කියන දේ එයා එක පාරින් කරනවා. ඒ නිසා හැමෝම දරුවාට ආදරෙයි.

ගායනා කටයුතු හෝ රංගන කටයුතු නිසා දරුවගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙන්නේ නැද්ද?

සමහරු කියනවා අපි දරුවව ඉස්කෝලේ යවන්නේ නෑ කියලා. නමුත් ඒක පාසලෙන් දැනගන්න පුළුවන්. දැන් දුව කටුවන ප්‍රාථමික විද්‍යාලයේ 3 වසරේ ඉගෙන ගන්නේ. පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය දරුවට ගොඩක් උදවු කරනවා. දරුවට ඉස්කෝලේ යන්න අතපසු වුණත් අතපසු වෙන වැඩ ගුරුවරු දරුවාට කියලා දෙනවා. මගේ දරුවාට අතපසු වෙන වැඩ ඉක්මනින් අල්ලගන්න පුළුවන්. සමහර ගුරුවරු දරුවාට නොමිලේ පන්ති පවත්වනවා. අපි දරුවට උගන්නන්නේ නැතිව ඉන්නේ නැහැ. මමයි බිරියයි ලොකුවට ඉගෙන ගත්ත අය නෙමෙයි. අපේ නොදැනුවත්කම නිසා අපි බොහෝ දේවලට මුහුණදීලා තියෙනවා. ඒ නිසා දරුවාට අපි ඒ තත්ත්වයට මුහුණදෙන්න ඉඩ දෙන්නේ නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ