26

කොළඹ

අදත් පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හ

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි

හදගැස්ම

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?

මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත් හා විදුලි ඉන්ජිනේරු අංශයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක්.

මෙවර හිරු අවුරුදු කුමරා බවට පත්වෙන්න වාසනාව හිමිවුණේ ඔබට?

ඔව්. දහස් ගණනක් තරගකරුවන් අතරෙන් ලංකාවේ අංක එකේ නාළිකාවක අවුරුදු කුමරා වීමට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඊට අමතරව මට “හිරු සේයා රූ කුමරා” බවට පත්වෙන්නටත් හැකියාව ලැබුණා.

මේ ජයග්‍රහණය ලබාගන්න මට උදවු කරපු අම්මා, තාත්තා, මගේ සහෝදර සහෝදරියන් ඇතුළු විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන්ට ස්තුතිවන්ත වෙනවා.

ගිය වසරෙත් ඔබ හිරු අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වුණා නේද?

ඔව්. මම ගිය අවුරුද්දෙත් හිරු අවුරුදු කුමරා අවසන් 16 දෙනා අතරට ආවා. නමුත් අවසන් 12 දෙනා අතරට එන්න බැරි වුණා. ඒ නිසා මම මේ පාරත් තරගයට ඉල්ලුම් කරලා ජයග්‍රහණය ලබාගත්තා.

ඇයි හිරු අවුරුදු කුමරා වෙන්න මෙතරම් උනන්දුවක්?

මගේ තාත්තා තමයි මේ තරගයට ඉල්ලුම් කරන්න කියලා මට කිව්වේ. නමුත් මට ගියවර මේ තරගයෙන් ජයගන්න බැරි වුණා. මගේ තාත්තා මීට මාස හතකට කලින් නැති වුණා. ඒ නිසා මම හිතුවා අනිවාර්යයෙන්ම ආයෙත් මේ තරගයට ඉදිරිපත් වෙනවා කියලා. වෙනත් නාළිකාවලට වඩා ප්‍රමිතිගතව අවුරුදු කුමරා කුමරිය තරගයක් සංවිධානය කරන්නේ හිරු නාළිකාව. ඒ නිසා මම හිරු නාළිකාවේ අවුරුදු කුමරා තරගයට ඉල්ලුම් කළා.

ඔබ ගිය වසරේත් වෙනත් නාළිකාවක් සංවිධානය කළ අවුරුදු කුමරා තරගයක ජයග්‍රහණයක් හිමි කරගත්තා?

ඔව්. වෙනත් නාළිකාවක් මඟින් සංවිධානය කරපු අවුරුදු කුමරා තරගයක තෙවැනි ස්ථානය හිමිකර ගන්නට මට හැකි වුණා.

මේ වගේ තරගවලට ඉදිරිපත් වෙලා රූපය, පෙනුම උරගා බලන්නද උත්සාහ කළේ?

මට පොඩි කාලේ ඉඳන් තිබුණේ අධ්‍යාපනික පවුල් පසුබිමක්. මගේ අයියලා දෙන්නම ඉන්ජිනේරුවන්. මගේ අක්කා වෛද්‍යවරියක්. මම මගේ වෘත්තිය පැත්ත ඉන්ජිනේරුවෙක් විදියට ගොඩනඟා ගන්න උත්සාහ කරනවා. හැබැයි මගේ ෆැෂන් එක විදියට නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න උත්සාහ කරනවා.

ඔබ ජාත්‍යන්තර තරගයකටත් ඉදිරිපත් වෙන්න සූදානමින් ඉන්නවා කියලා ආරංචියි?

ඔව්. රටවල් 36ක සහභාගීත්වයෙන් යුතුව පෘතුගාලයේදී මැයි 21 වැනිදා පැවැත්වෙන “Best Global Model of the year 2019” තරගයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා.

ඒ අවස්ථාවට ඉදිරිපත් වෙන්න තියෙන සූදානම කොහොමද?

මේ දවස්වල මම අනුග්‍රාහකයෙක් සොයනවා. අනුග්‍රාහකයෙක් ලැබුණොත් මම මේ තරගයට සහභාගී වෙනවා.

මා වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට කැමැති කෙනෙක් සිටිනවා නම් 071-3100952 දුරකථන අංකයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්.

රංගනයට එන්න කැමැත්තක් තියෙනවාද?

ඔව්. කැමැත්තක් තියෙනවා.

ඒ වෙනුවෙන් දැන් ආරාධනා ලැබිලද තියෙන්නේ?

හිරු නාළිකාවෙන් ඉදිරියේදී ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

අධ්‍යාපන කටයුතුත් එක්ක මේ වැඩකටයුතු සමබර කරගන්න පුළුවන්ද?

මම දැන් ඉන්නේ විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ. ඒ නිසා මම හිතනවා හැමදේම සමබරව කරගන්න පුළුවන් කියලා.


ඉරේෂා කල්හාරි සේනාධීර