28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන ගැටලුව

හදගැස්ම

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

මේ තත්ත්වය වැඩි වශයෙන් පලපෑ ක්‍ෂේත්‍රයක් හැටියට සංගීත ක්‍ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්. මෙහිදී පැන නැඟෙන ප්‍රශ්නය තමයි සංගීත ප්‍රසංග පවත්වන්න පුළුවන් වාතාවරණයක් නැතිව අපේ රටේ සංගීත ශිල්පීන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක.

අපි මේ සම්බන්ධව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතාගෙන් විමසුවා. “1988 - 89 කාලයේදීත් මේ තත්ත්වය දරුණුවට බලපෑවා. එදා මම ජීවත් වුණේ ප්‍රසංග වේදිකාවෙන් ලැබුණු මුදලින්.

ඒ වගේම පසු කාලයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් ඉදිරියේදීත් මේ ගැටලුව අපේ ගායක ගායිකාවන්ට ආවා. එහිදී ඇතැම් ගායක ගායිකාවෝ පුංචි පුංචි ව්‍යාපාරවලට යොමු වෙන්නත් තවත් අය පිටරටවල රැකියා සොයාගෙන යන්නත් තීරණය කළා.


මේ වෙලාවේ ඔබ ඔබේ සාමාජික සාමාජිකාවන්ට ලබාදෙන පණිවුඩය මොකක්ද?

යම් ප්‍රශ්නයක්, එහෙමත් නැතිනම් ආර්ථික ගැටලුවක් ඇතිවන බව දැනෙනවා නම් දැන්ම ඉඳලා ඒ සඳහා විකල්ප වැඩ කටයුතු ගැන හිතනවා නම් හොඳයි. එහෙත් මම කියන්නේ නැහැ ඔබේ ගෞරවයට හානි වන දේවල්වලට යොමු වෙන්න කියලා.

නමුත් පවතින තත්ත්වය ගැන හිතල අපි බුද්ධිමත් විය යුතුයි. මේ තත්ත්වය තව මාසයකින් දෙකකින් ඉවර වෙනවා නම් අපි හම්බ කරගත්ත දේ සැලකිල්ලෙන් යුතුව වියදම් කළ යුතු වෙනවා. නමුත් තවත් කාලයක් තිබෙනවා නම් අපි ක්‍රමවත් ලෙස කිසියම් වැඩපිළිවෙළක් යටතේ ආර්ථික ශක්තිය වර්ධනය වන විදියෙ වැඩපිළිවෙළකට යා යුතුයි.

බොහෝ කලාකරුවන් විවිධ බැංකුවලින් ණය අරගෙන තිබෙනවා. ඒ වාහන ගන්න... ගෙවල් ‍ෙදාරවල් හදන්න. ඒවා දීර්ඝකාලීනව ගෙවන ණය. මේවා ගෙවාගන්න බැරි වුණොත් ලොකු ගැටලුවකට ඔවුන් මුහුණ දෙනවා. 

මේක කලාකරුවන් විතරක් නෙමෙයි බොහෝදෙනා මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක්.

මම මේ කියන්නේ තව මාසයකින් දෙකකින් මේ ප්‍රශ්නය ඉවර නොවුණොත් බලපාන ප්‍රශ්න.

සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධ හැමදෙනාටම මේ ප්‍රශ්නය බලපානවා නේද?

ඔව්. ශබ්ද විකාශන යන්ත්‍ර, විදුලි ආලෝක, වේදිකා පමණක් නොවෙයි, ප්‍රසංගය රස ගන්වන සංගීත කණ්ඩායම්, සංවිධායකවරු මේ හැමෝම.

ඒ වගේම තමයි කඩල, බුලත්විට විකුණන වෙළෙන්දා. ඔවුන් පවා රැකුණේ ප්‍රසංගයට ඇවිත් ඒවා විකුණලයි.

අපේ රටේ සංගීත ශිල්පීන් ගත්තොත් ඉතා විශාල සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙළක් හදන්න අපහසු නැහැ.

මම නැවත කියන්නේ අපේ සාමාජික සාමාජිකාවනට මාස දෙක තුනක් මේ විදියට හම්බකරගත් දේ ප්‍රයෝජනයට අරන් ජීවත්වෙන්න බැරිකමක් නැහැ. නමුත් දිගටම සැලකිය යුතු කාලයක් මේ තත්ත්වය තිබුණොත් ලොකු ගැටලුවක් වෙනවා.

දැනට ඔබේ සංගමය මේ සම්බන්ධව අවධානය යොමු කොට නැද්ද?

තවම සති දෙකක් වගේනේ මේ ගැටලුව ඇතිවෙලා. ඉතිං දැන්ම හදිසි වෙන්න නරකයි.

අනික දැන් අපේ සංගීත ශිල්පීන් වුණත් අතීත අත්දැකීම් ප්‍රයෝජනයට අරන් නිතරම මේක බැරි වුණොත් ඊළඟට මොකක්ද කරන්නේ කියන සැලසුමකින් ජීවත් විය යුතුයි. ඒ සඳහා පෙර සූදානමක් තිබිය යුතුයි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ