26

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙන

හදගැස්ම

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?

අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක් ගන්න ගියා. ඒ ගිහින් තියෙන්නේ එයාගේ අයියාගේ කඩේට. එතකොට අයියා හිටියේ නැහැ. මෙයා තමයි හිටියේ ඉතින් එහෙම දැකලා තමයි මුණගැහුණේ. 


මුණගැහෙනකොට ධනුෂ්ක කොයි වගේ කෙනෙක්ද?

දැන් වගේම තමයි හරිම අහිංසකයි.


පෙම්වතා කාලේ ඔහු?

හරිම ආදරෙයි. අවංකයි.


සැමියෙක් විදියට ඔහු?

සැමියෙක් විදියට මුලදී නම් එයා අපි ගැන හොයනවා බලනවා. 


ඇයි මුලදී නම් කියන්නේ?

දැන් එහෙම නැද්ද?

එහෙම නෙමෙයි. දැන් එයා කාර්යබහුල නිසා ටිකක් ඒ දේවල් මඟහැරෙනවා.


ඒ කියන්නේ රැකියාවේ හිරවුණ ඔහුට පවුල සහ

ඔබව මඟහැරෙනවා?

සමහර අවස්ථාවල එහෙම තියෙනවා. එයාගේ රූපගත කිරීම්වලට ගියාමත් එක දිගටම ඒවයේ ඉන්න වෙනවනේ. එතකොට ඉතින් අපිත් එක්ක ඉන්න තියෙන කාලය අඩුයි. ඒත් ඉතින් එයාට නිවාඩුවක් ලැබුණු ගමන්ම අපිත් එක්ක ඉන්නවා. 


ජනප්‍රිය වීමට පෙර?

සාමාන්‍ය විදියම තමයි එයාගේ එහෙම වෙනසක් නැහැ.


ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිය?

මට එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මොකද එයා අපිට සලකන්නේ එකම විදියටනේ. ගෙදරින් එළියට ගියාම එයා එක්ක කට්ටිය පින්තූර ගන්න හදනකොට තමයි මට තේරෙන්නේ එයා ජනප්‍රිය කෙනෙක් කියලා. 


ඔහුට ජීවිතයේ මඟහැරුණ දේවල් තියෙනවද?

එහෙම නැහැ. අපි දෙන්නම හිතපු හැමදේම අපිට ලැබිලා තියෙන්නේ. 


ධනුෂ්කට වගකීම් දරන්න පුළුවන්ද? 

ස්ටූඩියෝ එකේ, රංගන ක්‍ෂේත්‍රයේ ඕනම වගකීමක් දරන්න පුළුවන්. ඒත් ගෙදර වගකීම් දරන්න නම් චුට්ටක් අමාරුයි. මොකද මම ඒ දේවල් බලන නිසා ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. 


සාමාන්‍ය ජීවිතයේ ඔහු?

හරිම හොඳයි. සැර කෙනෙක් නෙමෙයි. මට ඕනම දෙයක් කරන්න නිදහස දීලා තියෙන්නේ. 


ඔහු ජීවිතය ගැන සීරියස් විදිහට හිතන කෙනෙක්ද? සැහැල්ලුවට හිතන කෙනෙක්ද?

ටිකක් සීරියස්. ගොඩක් දුරට ඉදිරිය ගැන හිතනවා. 

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?

අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. මොකද එයා බලාපොරොත්තු වුණ දේවල් එයාට ලැබිලා තියෙනවා. 


දුක හිතුණම ඔහු?

මට මතකයි එයා සීයා හරි අච්චි හරි නැතිවුණ වෙලාවේ ඇඬුවා. 


සතුටු හිතුණම ඔහු?

කෑ ගහගෙන එක එක ඒවා කියාගෙන ඉන්නවා. 


තරහ ගියාම ඔහු?

එයාට ලොකුවට තරහ යන්නේ නැහැ. එහෙම තරහ ගියොත් ටිකක් වෙලා ඉඳලා එයාම කතා කරනවා ඉතින්.


ඔහු වැඩිපුරම යන්න කැමැති තැන්?

ගොඩක්ම කැමැති ගෙදරට වෙලා ඉන්න. අපි තමයි ඉතින් කොහේ හරි යමු කියන්නේ.


ඔහු වැඩිපුරම ආදරේ කාටද?

මම දන්න විදියට නම් එයා ඉස්සර ඉඳන්ම කැමැති අයියට. 


ඔහුට නැතිවම බැරි අය කවුද?

අයියයි, අම්මයි, තාත්තයි අපි කට්ටියම එයාට නැතිව බැහැ.


ධනුෂ්ක මොන වගේ විලාසිතාවලටද කැමැති?

ඩෙනිමටයි ටීෂර්ට් එකටයි කැමැති.


ඔහු ගැන අහන්න ලැබුණ නරකම ආරංචිය?

එහෙම ආරංචියක් ලැබිලා නැහැ.


එහෙම ආරංචියක් ආවොත්?

එහෙම ආරංචියක් එන්නේ නැහැ කියලා මට විශ්වාසයි. 


ධනුෂ්ක වැඩිපුරම සතුටු වුණ දවස?

දුවයි පුතයි හම්බුණාම තමයි එයා ගොඩක් සතුටු වෙන්න ඇත්තේ.


ධනුෂ්ක ජීවිතයේ ජය ගත්ත දේවල්?

විනාවි ස්ටූඩියෝව ගොඩනඟාගත්ත එක තමයි එයා ජය ගත්ත දේ.


ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?

පවුලට තමයි එයාගේ ප්‍රධාන තැන.


ධනුෂ්කගේ විනෝදාංශ?

පොත් කියවනවා. ඒ වගේම ලියන්න කැමැතියි. 


ධනුෂ්ක ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?

ළමයි දෙන්න තමයි ඉතින් එයා මට දීලා තියෙන වටිනාම තෑග්ග.