28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

සැමියා මියගිය පසු තරුණ බිරියට වෙන දේ!

හදගැස්ම

දක්‍ෂ රංගන ශිල්පියකු වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් හැටියට නමක් දිනා සිටි සරත් නාමල්ගමගේ හදිසි වියෝව ඔබ දන්නවා. ඒ වගේම සරත් නාමල්ගම විවාහ වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනි මනිෂා ශ්‍යාමලී එක්ක කියන එක ගැනත් ඔබ දන්නවා ඇති කියලා අපි හිතනවා.

ඊයේ පෙරේදා දවසක අපි මනිෂාට කතා කළා. ඒ සරත්ගේ මරණින් පසුව ඇය මුහුණ දී සිටින සානුකම්පිත තත්ත්වය ගැන කතා කරන්න හිතාගෙන.

“සරත් අයියා නැති වෙලා. මාව දාලා නොඑන ගමන් ගිහිල්ලා කියලා මට තවමත් හිතෙන්නෙම නැහැ. මේ ගෙදර ඇතුළේ එයා ඉන්නවා කියලා තමයි මට හැම වෙලාවෙම හිතෙන්නේ.”

“තවත් වෙලාවකට හිතෙනවා එයා දුර ගමනක් ගිහින් කියලා. ආපහු ඒවි කියලත් හිතෙනවා. ඇත්තටම මේවා මම මෙහෙම කියද්දී අනිත් අය හිතාවි මට පිස්සු කියලා. මියගිය මනුස්සයෙක් ගැන මම එහෙම කියන්නේ කොහොමද කියලා. ඒත් ඇත්ත කතාව මට මේ මරණය අදහා ගන්න බැහැ. ඒ නිසා මට එහෙම හිතෙනවා. මගේ හිතේ තියෙන පසුතැවිල්ල, වේදනාව නැති කරගන්නත් මම එහෙම හිතනවා ඇති.”


මට හිතෙන්නේ ඔබ විශාල තනිකමකින් හා පසුතැවිල්ලකින් ජීවත් වෙනවා කියලයි?

ඔව්.. ඒක ඇත්තක්. මාත් එක්ක අවුරුදු 17ක් එකට පවුල් කාපු, හැම වෙලාවෙම මගේ තනියට හිටපු, මම ගැන හොයා බලපු ඒ මනුස්සයාව මම අමතක කරන්නේ කොහොමද?

අපි පවුලක් හැටියට ජීවත් වෙද්දී ලොකු ප්‍රශ්න ඇති කරගෙන නැහැ. වාද විවාදවලට පටලැවිලා නැහැ. සරත් අයියා හුඟක් ඉවසන මනුස්සයෙක්. අවවාදයක් දීලා හරි කෙනෙක්ව යහ මඟට ගන්න පුළුවන් කෙනෙක්. එයා මා එක්ක ජීවත් වුණු විදිහ මම හොඳටම දන්නවා. ඒ ආදරය මම දන්නවා. (ඇය කඳුළු සලයි)

මට හිතෙන්නේ දැන් ඔබේ ආර්ථික ගැටලු පවා වැඩිවෙලා?

ඔව්.. සරත් අයියා මියයන විට මහා ලොකු මුදලක් ඔහු සතුව තිබුණේ නැහැ. එයා කලාව නිසාම නැති වුණු කෙනෙක්. මුල් කාලේ එයාට හොඳට සල්ලි තිබුණා. ඒත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කරන්න ගිහින් ලොකු රැවටීමකට එයා අහු වුණා. ඒවට මුදල් වියදම් කළා. නමුත් සමහර නිර්මාණ නිසා නඩුමඟට යන්න පවා සිදු වුණා. ඉතින් ආර්ථිකය කඩා වැටෙන එක අහන්නත් දෙයක්ද?

හැබැයි සරත් අයියා ඒවා ඉවසීමෙන් දරාගෙන මාවත් බලාගෙන ජීවත් වුණේ කාටවත් මේවා කියන්න යන්නේ නැතිව. අන්තිම කාලේ එයා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල අවසරය අරගෙන පාසල්වල, විශ්වවිද්‍යාලවල දේශන පවත්වන්න ගියා. ඒ දරුවන්ගේ හෙට දවස ගැන.

අසනීප වුණ දවසෙත් එයා කොළඹ රාජකීය විද්‍යාලයේ දේශනයකට යන්නයි හිටියේ.

දැන් ඔබේ ආදායම් මාර්ගයත් කඩා වැටිලා ඇති?

ඇත්ත.. සරත් අයියා මියගියාට පස්සේ මම මොනම දේකටවත් සම්බන්ධ වෙන්න ගියේ නැහැ. මට යන්න හිතෙන්නේ නැහැ. අම්මලා මා ගැන බලනවා. සහෝදරයෝ බලනවා. ඒත් හැමදාම මට මෙහෙම ඉන්නත් බැහැ.

ඔබ රංගන ශිල්පිනියක්.. ඔබ ජනප්‍රියත්වය නිසා විවිධ යෝජනා ගලා එන්නේ නැද්ද? සබඳතා ඇති කර ගන්න කතා කරන්නේ නැද්ද?

(නැවතත් ඇය කඳුළු සලයි)

ගැහැනියක් තනි වුණාම මේ සමාජයේ ඉන්න සමහර පිරිමි විවිධ යෝජනා අරගෙන එනවා. ඒක මම මේ පුංචි කාලය තුළදී අත්වින්දා. මම ඒ දුරකථන ඇමතුම්වලට, යෝජනාවලට ඉවසීමෙන් උත්තර දුන්නා. මොකද බනින්න, කෑගහන්න ගියා නම් ඒක අන්තර්ජාලයට දාලා තවත් මොකක් හරි ලෙඩක් මට දමාවි කියලා හිතලා.

ඇත්තටම මේ සමාජයේ ඉන්න හැමෝම එක වගේ නැහැ. හරිම පුදුම මිනිස්සු අපි අතර ඉන්නවා. මම ඒ හැමදෙනාවම මේ සිදුවීමෙන් පස්සේ හඳුනා ගත්තා. මට දුරකථන ඇමතුම් දීලා මාව බලාගන්නම්, මුදල් වියදම් කරන්නම් කියපු හැමෝගේම දුරකථන අංක මම බ්ලොක් කළා.

කොහොමද මේ ප්‍රශ්නවලට ඔබ මුහුණ දෙන්නේ? ජීවත් වෙන්න සල්ලි ඕන?

ඔව් හැමදාම මගේ ගෙදර අයට බරක් වෙන්න මට බැහැ. ඒ වගේම නරක දේවල් කරලා නරක විදියට සල්ලි හම්බ කරලා සරත් අයියාගේ වගේම මගේ ගෙදර අයගේ, නෑදෑයන්ගේ මුණේ දැලි ගාන්නත් මට බැහැ. ඒ නිසා මම නැවත රඟපාලා හරි කීයක් හරි හොයා ගන්නවා. වැදගත් විදියට ඒ රස්සාව කරනවා.

ඔබ කලින් හෙදියක් නේද? ඒ රස්සාව ආපහු කරන්න බැරිද?

ඒ රස්සාව මම ලංකාවේදී වගේම පිටරටවල්වලදීත් කළා. ඒත් දැන් ඒ රස්සාව කරන්න පුළුවන් පරිසරයක් මට නැහැ. ඒ වගේම තවත් කාලෙක මම නිමි ඇඳුම් ව්‍යාපාරයක් කළා. ඒ වගේම සැලෝන් එකක් කළා. ඒවට වුණත් දැන් ඉල්ලුමක් නැහැ.

කොහොම හරි ඒ හැමදෙයක්ම අතරේ සරත් අයියගේ නමට ආදායම් බදු ගෙවන්න කියලා ලියුමකුත් ඇවිත්. නොගෙව්වොත් නඩු දානවා කියලත් තියෙනවා. ආදායමක් නැතිව සරත් අයියා මියගිහින් කියලා දන්නෙවත් නැතුව වෙන්න ඇති මෙහෙම ලියුමක් ඇවිත් තියෙන්නේ.

සරත් අයියා මියගිය දවසෙත් අනාගතයේ සිදුවිය යුතු හා සිදුකළ යුතු දේ ඔබ සමඟ කතා කළා කිව්වා?

ඇත්තටම මට මේ වියෝව හීනයක් වගේ දැනෙන්නේ ඒ නිසාමයි. එදා මේ පුටු සැටියේ ඉඳගෙන ක්‍රිකට් මැච් එකක් බල බලා හිටපු ඔහු පපුව රිදෙනවා කිව්වා. ඊළඟට වමනය කළා. ඇඟේ විශාල වශයෙන් දහඩිය තිබෙනවා එහෙමත් මම දැක්කා.

ඉතින් මම වහාම ඔහු කළුබෝවිල රෝහලට අරන් ගියා. එතැනදී ලැබුණු ප්‍රතිකාරවලින් යථා තත්ත්වයට පත් වුණා. හැබැයි ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන් නිගමනය කළා.

කොහොම හරි මියගිය දවසේ උදේ මම බලන්න ගියාම හරිම ලස්සනට ඇඳේ වාඩිවෙලා හිනාවෙවී කතා කළා. රෝහලින් නික්ම ගියාට පස්සේ කරන්න තිබෙන වැඩ රාජකාරි ගැන පැය එකහමාරක් විතර කතා කළා. මා ගැනත් කතා කළා. ඒත් දවල් බලන්න යද්දී ඔහු දෙවැනි හාට් ඇටැක් එකකින් මියගිහින් තිබුණා. මට මේවා දරා ගන්න බැහැ. ඉවස ගන්න බැහැ. හැම වෙලාවම ඒ සුන්දර මුහුණ, හිනාව මට මතක් වෙනවා. ඒක තමයි තවමත් මට හිත හදාගන්න බැරි වී තිබෙන්නේ.


සමන් ප්‍රියංකර නම්මුනිගේ