26

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

හිමි අහිමි දේවල් ගැන මම දැන් හිතන්නේ නැහැ

හදගැස්ම

ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ගයාත්‍රි ඩයස් මෙවර හදගැස්ම සමඟ එකතු වුණා. ඒ ඇගේ ජීවිතේ අලුත් තොරතුරු අපි එක්ක කතා කරන්න. 

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල සංජය නිර්මාල්ගේ ‘දඩයම් බඹරු’ ටෙලි නාට්‍යයේ මම රඟපානවා. ඒකට අමතරව ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලි නාට්‍යයක රඟපානවා. ඒ ටෙලි නාට්‍යය මැයි මාසයේදී විකාශනය වෙනවා. ඒ වගේ නාට්‍ය කිහිපයකම වැඩකටයුතු ඉදිරියට කරන්න තිබෙනවා.

මේ දවස්වල ඔබේ සුපුරුදු ස්වරූපයේ වෙනසක් වෙලා නේද?

ඔව්. ඒක ඇත්තටම රහස් පොලිසියේ ප්‍රධාන නිලධාරියකුගේ චරිතයක්. ඒ නිසා ස්වරූපයේ වෙනසක් කරමුද කියලා සංජය නිර්මාල් මගෙන් ඇහුවා. ඒත් මම මුලදී නම් කැමැති වුණේ නැහැ. මොකද කොට කොණ්ඩ මට ටිකක් කැතයි. පස්සෙ ඉතින් චරිතයක් විතරක් නිසා මම කැමැති වුණා. දැන් විග් එකක් පාවිච්චි කරලා ඒ චරිතය කරගෙන යනවා. 

කොහොමද ඒ චරිතවලට ලැබෙන ප්‍රතිචාර?

හැමදාමත් වගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද මට හොඳ ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවනේ. ඒක මට ලොකු ධෛර්යයක් ඉතින්. 

සැලෝන් එක ආයෙත් අලුතින් පටන් ගත්තා නේද?

ඔව්. අවුරුද්දක විතර විවේක කාලයකින් පසුව තමයි මම සුපුරුදු විධියට සැලෝන් එක ආයෙත් පටන් ගත්තෙ. ඒ නිසා ඒ වෙනුවෙන් වැඩියෙන් කාලය යොමු කරනවා. අනෙක් එක දැන් මගේ සේවය ලබාගන්න එන්නේ අලුත්ම කට්ටියක්නේ. ඒ නිසාම ඒ වෙනුවෙන්ම වැඩි අවධානයක් දෙනවා. 

ගයාත්‍රි කාලයක් උපරිම නිහඬව ඉඳලා නේද දැන් ආයෙත් දිගටම වැඩ කරන්නේ?

රංගනය පැත්තෙන් නම් මම වැඩකළා. සැලෝන් එක පැත්තෙන් තමයි පොඩි විවේකයක් ගත්තෙ. ඒත් ඉතින් මට ඒක ලොකුවට දැනෙන්නෙ නැහැ. මොකද මම හැමතිස්සෙම මොකක් හරි වැඩක් කරනවානෙ. 

සැලෝන් එකේ සහ රංගන කටයුතුවලට කාලය කළමනාකරණය කරගන්නෙ කොහොමද?

ඒක එච්චර අමාරු නැහැ. මොකද සැලෝන් එකේ වැඩවලට වෙන් කරපු දින රූගත කිරීම්වලට දෙන්නෙ නැහැ. 

ලොකු දුව දැන් ටිකක් ලොකු නිසා රංගනයට යොමු කරන්න අදහසක් නැද්ද?

මගේ දුවලා දෙන්නම රංගනය පැත්තට යොමු වෙන්න කිසිම කැමැත්තක් නැහැ. ඉතින් මං එයාලව බලෙන් ඒ පැත්තට යොමු කරන්නෙත් නැහැ. 

කාර්යබහුල නිසා පවුලේ වැඩකටයුතු මඟ හැරෙන්නෙ නැද්ද?

ගොඩක් මඟ හැරෙනවා. ඒත් ඉතින් ලොකු සැලැස්මක් ඇතිව තමයි ජීවත් වෙන්නෙ. දරුවන්ගෙ ඉදිරි වැඩකටයුතු ගැන වුණත් අපි දන්නවා සියට සියයක්ම ගෙදර ඉන්න අම්මා කෙනකුට තරම් මට ගෙදර වැඩවලට සහභාගි වෙන්න අමාරුයි. නමුත් පුළුවන් විධියට හැමදේම කරනවා. 

ගොඩක් අයට ජීවිතේ දේවල් හිමි අහිමි වෙනවා. ඔබටත් එහෙම වෙලා ඇති. ඒ දේවල් එක්ක ගයාත්‍රි කියන්නෙ මොනවගේ චරිතයක්ද?

ඔව්. ඒක හරියටම හරි. හිමි වෙන දේවල්වලට ලොකු සතුටකුත් අහිමි වෙන දේවල්වලට ලොකු දුකකුත් ඇතිවුණු කාල තිබුණා. දැන් ඉතින් අපි එන්න එන්න පරිණත වෙලා, හැමදේම තේරුම් අරන් ඉන්නෙ. ඒ නිසා ඒ දේවල් ගැන ලොකුවට හිතන්නෙ නැහැ. 

ක්‍ෂේත්‍රයේ හොඳ යාළු මිත්‍රයො ඉන්නවාද?

ඔව්. කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම තාමත් එයාලා එක්ක බැඳීම් තියෙනවා. 

යාළු මිත්‍රයෝ විශ්වාස කරන්න ගිහින් අහිමි වුණ දේවල් තියෙනවාද?

එදා සිට අද දක්වාම මගේ ළඟින්ම ඉන්න යාළුවන්ගෙන් නම් එහෙම දේවල් වෙලා නැහැ. නමුත් ඉතින් ජීවිතේ අතරමඟදී හමුවුණු යාළු මිත්‍රයන් නිසා මගේ ජීවිතයට කරදර ගොඩවල් එකතු වෙලා තියෙනවා. ඒක ඉතින් ඕනම කෙනකුට වෙන්න පුළුවන් දෙයක්. 

සිනමාව පැත්තෙන් ඇරැයුම් ලැබී නැද්ද?

චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවායේ රූගත කිරීම් ඉක්මනින්ම පටන් ගනියි.

ගොඩක් අය කියන්නෙ වයසත් එක්ක කාලයත් එක්ක අවස්ථා අඩු වෙනවා කියලා. ඒත් ගයාත්‍රිට එහෙම නැහැ නේද? 

ඇත්තටම නැහැ. මට දිගටම වැඩ තියෙනවා. චරිත ගොඩාක් ලැබෙනවා. ඒවා තෝරා බේරා ගෙන මට සුදුසුයි කියලා හිතෙන චරිත විතරක් කරනවා.

තරු ගුණය පරිස්සම් කරගන්නෙ කොහොමද?

කොහොමටත් කලා ක්‍ෂේත්‍රයේ අය එයාලගේ පෞරුෂය රැකගන්න ඕන. එහෙම රැකගන්න කියලා අමුතුවෙන් දේවල් කරන්න ඕන නැහැ. අපි හරියට අධ්‍යාපනයක්  ලබලා සමාජයේ කොහොමද හැසිරෙන්නෙ කියලා දන්නවා නම් ඒක අමාරු නැහැ.


ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්