25

කොළඹ

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

තෙල්දෙණිය පොලිස් වසමේ මහනුවර මහියංගණය ‘ඒ’ විසි හය මාර්ගයේ 25

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019

ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ හතක් අත්අඩංගුවේ

09:00 PM May 23 2019

හිරෙන් නිදහස් වූ ඥානසාර හාමුදුරුවෝ පළමු වරට ජනතාව අමතයි (VIDEO)

08:02 PM May 23 2019

විහිළුවක් දුරදිග ගිහින් යකඩ පොල්ලකින් පහරදී අසල්වැසි තරුණයා මරා දාලා

07:30 PM May 23 2019

ඥානසාර හිමි නිදහස් (UPDATE)

05:55 PM May 23 2019

ඥානසාර හිමි නිදහස් කිරීමට අදාළ ලිපිය බන්ධාගාර කොමසාරිස් අතට : Live Update

05:36 PM May 23 2019

වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් 2500ක් ප්‍රවාහනය කල සැකකරුවෙකු අත්අඩංගුවට

05:17 PM May 23 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

ඇමැතිකමක් ගත්ත ශ්‍රියන්තගේ අලුත් තොරතුරු

හදගැස්ම

• ශ්‍රියන්තට අලුත් ඇමැතිකමක් හම්බවුණාලු නේද?

 ඔව්. මේ දිනවල හැටියට නම් ඒක බොහොම භයානක ආරංචියක් තමයි. මොකද මේ දවස්වල ඇමැතිතුමන්ලා ඉන්නේ ප්‍රශ්න රැසකට මැදිවෙලානේ. හැබැයි ඉතින් ඒක තරමක් භයානක ආරංචියක් වුණත් මගේ ලොකු වාසනාව මට මේ ඇමැතිකම ලැබෙන්නේ නිර්මාණයක් වෙනුවෙන් විතරයි.

• අලුත් ඇමැතිතුමාගේ චරිත ස්වභාවය  කොයි වගේද?

 වත්මන් සමාජයේ ඉන්න දේශපාලනඥයන්ට ආර්ථික, සමාජීය ප්‍රශ්න රැසකට මුහුණපාන්නට සිදු වෙන්නේ. ඒත් ජය ශ්‍රී  ඇමැතිතුමාට ඒ කියන්නේ චිත්‍රපටයේ ඉන්න ඇමැතිවරයාට නම් පෞද්ගලික ගැටලුවක් මූලික කරගෙන තමයි මේ සියලුදේට මුහුණපාන්නට සිදු වෙන්නේ. මේ නිර්මාණය ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න විනෝදාත්මක චිත්‍රපටයක් වේවි කියලා හිතනවා.

• ටෙලි නාට්‍ය නිසාද සිනමාවට අඩු කාලයක් වෙන් කරන්නේ?

 ටෙලි නාට්‍ය හරියට අපි එක දිගට ගමන් කරන සංසාර ගමන වගේ දෙයක්. එක ටෙලි නාට්‍යයක් අවසන් වෙද්දිම  තවත් නාට්‍යයක් ආරම්භ වෙනවා. ඒවාට ආරාධනා හිමි වෙනවා. මේ විදියට එක දිගට ගලා යන ටෙලි නිර්මාණවලට දායක වන නිසා තමයි ටිකක් සිනමාවෙන්  අෑත් වන්නටත්  සිද්ධ වුණේ. 

"ඝරසරප" චිත්‍රපටයෙන් පසුව තමයි මට මේ "ජය ශ්‍රී  ඇමැතිතුමා" කියන චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයා හමුවට එන්නට අවස්ථාව  ලැබෙන්නේ. ඒත් ඉන් පසුව උතුරු සුළඟ, ශ්‍රී  වික්‍රම හා උදයකාන්ත වර්ණසූරියගේ නවතම  චිත්‍රපටයකිනුත් රිදී තිරයෙන් මං ප්‍රේක්ෂකයන් හමුවට  එන්න බලාපොරොත්තු වෙනවා.

• සංකීර්ණ චරිතවලට පණ පෙවූ ඔබට මේ චිත්‍රපටයෙන් ලැබුණු අත්දැකීම මොන වගේද?

 ජය ශ්‍රී  ඇමැතිතුමා කියන්නේ නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ  සිනමා නිර්මාණයක්. මේ නිර්මාණය තුළින් මට යම් දෙයක් කරන්න පුළුවන් කියලා හිතුණා. ඒ වගේම මගේ සහායක නළුවා වෙන්නේ අපි හැමෝම ආදරය කරන ටෙනිසන් කුරේ රංගන ශිල්පියායි. අපි දෙන්නා රංගන ශිල්පීන් විදියට මාර්ග දෙකක ගමන් කළ දෙන්නෙක්. මම පළමුවැනි වතාවට  තමයි ටෙනිසන් එක්ක රංගනයේ යෙදෙන්නේ. ඒකත් හරිම සුන්දර අත්දැකීමක්. ඔහුත් එක්ක රසවත් කතාබහක යෙදෙන්නට වගේම සතුටින්  කාලය ගත කරන්නටත් මට  එය හොඳ අවස්ථාවක් වුණා.

මේ චිත්‍රපටයේ ඇමැතිවරයා හදවත් රෝගියෙක්. ඒ හදවත් රෝගය නිසා ඇමැතිවරයාට අලුත් හදවතක් බද්ධ කරනවා.  ඒක බලු හදවතක්.  මේ සිදුවීමත් එක්ක ගලාගෙන යන රසබර  කතාවක් තමයි මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ.

• ඔබ නිර්මාණවලට දායක වෙද්දී විශේෂ තෝරා බේරා ගැනීමක් කරනවාද?

 රංගන  ශිල්පියෙක් ඕනෑම චරිතයකට අනුගත  වීමේ  හැකියාවක් තියෙන්න ඕන. මෙගාද? කොමඩිද? කියන එක ඔහුට ගැටලුවක් වන්නේ නැහැ. 

 උදාහරණයක් විදියට මම "ඝරසරප" චිත්‍රපටයේ  පෙනී සිටියේ කතෝලික පූජකතුමෙක්ගේ චරිතයකට. 

 ඒක අතිශය ගාම්භීර (Serious) චරිතයක්.  ඊට පස්සේ තමයි මම "ජය ශ්‍රී " ඇමැතිතුමා කියන විනෝදාත්මක  චිත්‍රපටයේ ඇමැතිතුමාගේ  චරිතයට පෙනී සිටියේ. 

මේ චරිත දෙක හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නවා "නළුවා කටුස්සෙකි." ඕනෑම වෙලාවක පාට වෙනස් කර ගනිමින් සිය චරිතයට අනුගත වන්නට ඔහුට හැකි විය යුතුයි. එම අභියෝගය මම ඉතා කැමැත්තෙන් භාර ගත්තා. ඒත් ඒක  සියයට සියයක්ම නිවැරැදියි කියන්න බෑ. ඒක ප්‍රේක්ෂකයන් තීරණය කරයි.

• ඒ කියන්නේ කළු, සුදු චරිත දෙකම භාරගන්නවා වගේ?

 රංගන ශිල්පියෙක් විදියට මට ලැබෙන  චරිත  තෝරා ගැනීමේදී ඒ තුළ ඇති රංගන වපසරිය ගැන මම හිතලා බලනවා. ඒත් ඒ චරිතය කළු හෝ සුදු වීම නම් මට ගැටලුවක් වෙන්නේ නැහැ. රංගන ශිල්පියෙක්ට ඕනෑම චරිතයක් නිරූපණය කරන්නට හැකියාව තියෙන්න ඕන.  ඒ වගේම ඒ චරිතයෙන් යම් දෙයක් කළ හැකි  නම් විතරයි මම ඒ නිර්මාණය භාර ගන්නේ.

• ඔබ අපේ රටේ දේශපාලනයද මේ හාස්‍යයට ලක් කරන්නේ?

 මේක යම් පුද්ගල චරිතයක් කේන්ද්‍ර කර ගත්ත නිර්මාණයක්. ඒත් මේ නිර්මාණයෙන් පුද්ගල චරිතයන්ට හානියක් වෙන්නේ නැහැ. ආසියාවේ දේශපාලනය තුළ දේශපාලනඥයා හා ජනතාව අතර සිදුවන ක්‍රියාවලියේදී ඉස්මතු වන හාස්‍ය මේ නිර්මාණයෙන්  මතු වෙනවා. රංගන ශිල්පීන් විදියට අපි මේ නිර්මාණයට අපේ උපරිම දායකත්වයක් දුන්නත් එහි සාර්ථක අසාර්ථක බව තීරණය  කරන්නේ ප්‍රේක්ෂක ජනතාවයි. අපි ඒ තීරණයට හිස නවා ආචාර කරනවා.

• මේ දවස්වල ඔබ සම්බන්ධ වෙලා ඉන්න අනෙකුත් කලා කටයුතුත් මතක් කරමු.

 ඇත්තටම මේ දවස්වල නම් කලා කටයුතු කිහිපයක්ම නිසාම ටිකක් කාර්ය බහුලයි. උදයකාන්තගේ අලුත්ම චිත්‍රපටය හා චාමර පීරිස්ගේ අලුත් නිර්මාණ කටයුත්තක් සූදානම්  වෙමින් පවතිනවා.  ඒ වගේම උතුරු සුළඟ, ශ්‍රී  වික්‍රම වගේම සිනමා නිර්මාණ නිසාත් කාර්ය බහුලව සිටිනවා.

 මීට අමතරව පුංචි තිරයේ රන් බැඳි මිනිස්සු, අමුතු රසිකයා, සංගීතේ වගේ නිර්මාණවලිනුත් ප්‍රේක්ෂකයන්ට මාව දැකගන්න පුළුවන්. පුංචි තිරය, රිදී තිරය වගේම වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයේම මම කටයුතු කරනවා. මගේම අධ්‍යක්ෂණයක් වන "මමයි  ආණ්ඩුව" වේදිකා නාට්‍ය, කළු හා සුදු, ජයන්ත චන්ද්‍රසිරිගේ හංකිති දහතුන කියන වේදිකා නාට්‍ය කටයුතුවලටත් මම රංගනයෙන් දායක වෙනවා.  වෘත්තීය රංගන ශිල්පියෙක් විදියට කොයි තරම් කාර්යබහුල වුණත් මගේ දරු මුනුපුරන් වෙනුවෙනුත් කාලයක් වෙන් කරගන්න මම අමතක කරලා නැහැ.


 ශාලිකා රංගනී සමරදිවාකර