25

කොළඹ

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

තෙල්දෙණිය පොලිස් වසමේ මහනුවර මහියංගණය ‘ඒ’ විසි හය මාර්ගයේ 25

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019

ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ හතක් අත්අඩංගුවේ

09:00 PM May 23 2019

හිරෙන් නිදහස් වූ ඥානසාර හාමුදුරුවෝ පළමු වරට ජනතාව අමතයි (VIDEO)

08:02 PM May 23 2019

විහිළුවක් දුරදිග ගිහින් යකඩ පොල්ලකින් පහරදී අසල්වැසි තරුණයා මරා දාලා

07:30 PM May 23 2019

ඥානසාර හිමි නිදහස් (UPDATE)

05:55 PM May 23 2019

ඥානසාර හිමි නිදහස් කිරීමට අදාළ ලිපිය බන්ධාගාර කොමසාරිස් අතට : Live Update

05:36 PM May 23 2019

වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් 2500ක් ප්‍රවාහනය කල සැකකරුවෙකු අත්අඩංගුවට

05:17 PM May 23 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

දමිළ තාලයෙන් සුන්දරීට ගී ගයන ‘රිද්ම’

හදගැස්ම

සුන්දරියේ ගීතය රිද්මගේ හීනයක් සැබෑ කළා නේද?

ඔව්. ඇත්තටම සුන්දරියේ කියන්නේ දමිළ භාෂාවෙන් ගායනා කරන ගීතයක්. කාලයක් තිස්සේ මං ආසාවෙන් හිටියා දමිළ ගීතයක් ගායනා කරන්න. ඒ අතරේ තමයි මට ජෝ පෙරේරාව හමුවන්නේ. ජෝ පෙරේරා කියන්නේ රංජිත් පෙරේරා මහතාගේ මුනුබුරා.  ජෝ තමයි සුන්දරියේ ගීතයට සංගීතය නිර්මාණය කරන්නේ. රොක්සාමි මහතාගේ මුනුබුරු කිෂෝන් තමයි සුන්දරියේ ලියන්නේ. දවසක් ඒ දෙන්නා මට එයාල කරපු සින්දුවක් එවලා තිබුණා. ඒක හරි ලස්සන නිර්මාණයක්. ඒ වෙලාවේ මං කිව්වා මගෙත් මෙහෙම ආසාවක් තියෙනවා දමිළ ගීතයක් කරන්න කියලා. එයාලා ළඟත් මට ගැළපෙන නිර්මාණ කිහිපයක් තිබුණා. ඊට පස්සේ තමයි සුන්දරියේ ගීතයට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ.

ඇත්තටම සුන්දරියේ කියන්නේ මාර ලස්සන තේරුමක් තියෙන සින්දුවක්. එක් පුද්ගලයකුගේ බිරිය මියගිහින්, ඔහු පුංචි දියණිය සමඟින් තනි වීමත්, එහිදී ඒ පුද්ගලයාට දැනෙන තනිකම සහ විරහව ගැනත්, අනතුරුව පුංචි දියණිය උස්මහත් වෙද්දී මියගිය බිරියගේ ගති පැවතුම් රූපය දියණිය තුළින් යළිත් සිහිපත් වීමත් ගැන කියැවෙන අපූරු හැඟීම් එකතුවකින් නිර්මාණය වුණු ගීතයක් තමයි සුන්දරියේ කියන්නේ. මේ දවස්වල ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

දමිළ භාෂාව එක්ක රිද්මට මේ තරම් තියෙන ගනුදෙනුව මොකක්ද?

මම පුංචි කාලේ ඉඳන් දමිළ භාෂාවට කැමැතියි. ඒ නිසාම මට ඉස්සර ඉඳන්ම ආසාවක් තිබුණා දමිළ ගීතයක් කරන්න. මට දමිළ කතා කරන්න බැහැ. නමුත් ලියන්න කියවන්න පුළුවන්. මේ ගීතය නිර්මාණය කරද්දී වුණත් බොහෝ දෙනෙක්ගේ අදහස් එක්ක නැවත නැවත අඩුපාඩු හදාගෙන තමයි නිර්මාණය කළේ.

සුන්දරියේ ගීතය සිංහල භාෂාවෙන් නිර්මාණය වෙනවාද?

නැහැ. ගොඩක් අය ඉල්ලලා තිබුණා. නමුත් සුන්දරියේ ගීතය සිංහලෙන් නිර්මාණය කරන්න අදහසක් නැහැ. මොකද ඒක දමිළ භාෂාවෙන් නිර්මාණය වුණු වෙනස්ම නිර්මාණයක්. මට හිතෙනවා සිංහල භාෂාවට ඒ ගීතය නිර්මාණය කරන්න ගියොත් ඒ ගීතයේ මුල් රසය අහිමි වෙයි සහ තේරුම වුණත් ගීතයේ රසයට හානියක් නොකර හැඩගස්වා ගන්න බැරිවෙයි කියලා.

රිද්මගේ ඊළඟ නැවතුම දමිළ ගීත ක්ෂේත්‍රයටද?

එහෙම අවස්ථාවක් ලැබෙනවා නම් අනිවාර්යෙන් ඒ අවස්ථාව ගන්නවා. කොහොම නමුත් මොන නිර්මාණය කළත් ලංකාවේ රසිකයන්ට ගීත නිර්මාණය කරන ගමන් තමයි ඒ හැම දෙයක්ම කරන්නේ. තව අත්හදා බැලීම් කිහිපයක් කරන්නත් හින්දි භාෂාවෙන් ගීතයක් නිර්මාණය කරන්නත් අදහසක් තියෙනවා. හැම දේටම තව ටික කාලයක් යාවි.

ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න නම් සංගීතය පිළිබඳ හැදෑරීමක් අවශ්‍යයි. රිද්මට සංගීතය ගැන තියෙන හැදෑරීම මොකක්ද?

පුංචි කාලේ ඉඳන් මම සංගීතය හදාරලා තියෙනවා. උතුරු ඉන්දියානු සංගීතය පැත්තට තමයි මම ගොඩක්ම නැඹුරුව තිබුණේ. කෙටි කාලයක් නන්දා මාලනී ගුරුතුමිය ළඟත් තවත් කාලෙක නිමන්ත හේෂාන් ගුරුතුමන් ළඟත් මම ඉගෙන ගෙන තියෙනවා. ඒ වගේම තවමත් සංගීතය පිළිබඳව ස්වයං අධ්‍යයනයක නිරත වෙමින් ඉන්නවා. මට අවශ්‍ය අත්දැකීම් සහ ප්‍රායෝගික පැත්තෙන් අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න. ඒ නිසාම අලුත් අභියෝග භාර ගනිමින් ඉගෙන ගන්නවා.

ක්ෂේත්‍රයේ වෙනස්ම ආරක ගීත රැල්ලක් අත්පත් කරගෙන ඉන්න මොහොතක කුවේණියේ නිර්මාණය වෙනවා සහ කුවේණියේ ගීතය නව ගීත රැල්ලක් බිහි කරන්නත් හේතු පාදක වෙනවා. කුවේණියේ ගීතය නිර්මාණය කරලා දැන් වසරක් ගෙවිලා. ඒ ආපු ගමන පිළිබඳ රිද්මගේ අදහස මොකක්ද?

මට හැම දෙයක් දැනුණේ අහම්බයක් විදියට. මට පොඩ්ඩක්වත් හිතුණේ නැහැ කුවේණියේ ගීතයට ඒ තරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. නමුත් ඒක වුණා. සමහර වෙලාවට තවම මට හිතාගන්න බැහැ මොකද වුණේ කියන එක. මම ඊට කලිනුත් ගීත පහක් විතර නිර්මාණය කරලා තිබුණා. ඒ කුවේණියේ ගීතයත් ලොකු බලාපොරොත්තු තියාගෙන නිර්මාණය කරපු ගීතයක් නෙවෙයි. මොකද අලුත් කෙනෙක්ට එහෙම ඇවිත් එකපාර එළියට එන්න පුළුවන් පසුබිමක් නෙවෙයි එතකොට තිබුණේ.

මම වුණත් මිනිසුන් අතරට ආවේ සමාජ ජාලා හරහා. ඕනෑම කාලයක හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. මට එහෙම රැල්ලක් කඩන්නවත් රැල්ලක් නිර්මාණය කරන්නවත් කොහෙත්ම අදහසක් තිබුණේ නැහැ. මම මුලින්ම රනිල් ගුණවර්ධන සහ චරිත අත්තලගේව හමුවන්න යද්දී මගේ අදහස වුණේ අපි අහන්න කැමැති අපි ආස විදියේ සින්දු ටිකක් නිර්මාණය කරමු කියන එක. නමුත් නොහිතපු විදියට කුවේණියේ ගීතය රසිකයන් වැලඳ ගත්තා වගේම මේ වෙද්දී මිලියන දෙකකට අධික පිරිසක් කුවේණියේ ගීතය රසවිඳලා තියෙනවා. මම හිතන්නේ ඒ හැම සාර්ථකත්වයටම හේතුව නිර්මාණයට තිබුණු අවංක බව. මොකද ඉක්මනට මොකක් හරි කරලා එළියට දානවාට වැඩිය අපිට ඕනි වුණේ ගීතයට උපරිම රසයක් ලැබෙන තුරු මහන්සි වෙලා නිර්මාණය කිරීම. ඒක තමයි මම හිතන්නේ ඒ සාර්ථකත්වයට හේතුව.

සුන්දරියේ ගීතයෙන් අනතුරුව රිද්මගේ ඊළඟ පියවර මොකක්ද?

චරිත අත්තලගේ සමඟින් නිර්මාණය කළ නව නිර්මාණයක් එන්නත් තියෙනවා. ඒ වගේම තව කිහිපයක් ගැන සැලසුම් කරමින් පවතිනවා. ඒ වගේම සිනමා නිර්මාණයක පසුබිම් ගායනයකට ආරාධනා ලැබිලාත් තියෙනවා. ඒ හැමදේම එක්ක හොඳ පරිපූර්ණ රසවින්දනයක් තියෙන ගීත කිහිපයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ.

රටේ වත්මන් වාතාවරණය කලාකරුවෙක් විදියට රිද්මට දැනෙන්නේ කොහොමද?

කලාකරුවෙක් විදියට ඇත්තටම හරිම දුකයි. මේ නොවිය යුතු දෙයක්. මේ වෙන දේවල් නවත්තගන්න හැමෝටම තමන්ගේ හඬ අවදි කරන්න කියලා මම විශේෂයෙන් කියන්න කැමැති. ඒ වගේම හැම කෙනෙක්ම මිනිස්සුන්ගේ මේ අන්තවාදී අදහස් නවත්තන්න පුංචි හෝ උත්සාහයක් ගන්න කියලා ඉල්ලන්න ඕනි. භාෂාවන් ජාතීන් ආගම් නෙවෙයි අපි හැමෝම මිනිස්සු. මිනිස්සුන්ගේ ආකල්ප මීට වඩා යහපත් තැනකට ගෙන යෑමේ නිර්මාණ බිහි කරන්න කලාකරුවන් විදියට අපි හැමෝටමත් වගකීමක් තියෙනවා කියලා හිතෙනවා.

අරුණි කළුපහන