27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කතාවක් එළියට

සැණකෙලිය

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත් යට ගොසින්ය. මෙහි එන විග්‍රහයෙන් කියැවෙන්නේ එවන් කතාවක තොරතුරුය. මහාවංශයේ සඳහන් වී ඇති පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ සමයේ නාගදීපයේ වාසය කළැයි පැවසෙන නාග රජවරුන් ද ද්‍රවිඩ ජාතිකයන් බව ඔවුන්ගේ මතයයි. මේ කරුණු අනුව අප රටේ ඉතිහාසයේ මුල් අවධියේ පටන්ම යාපන ප්‍රදේශයේ ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක් පැවැති බවට ද මෙම ද්‍රවිඩ ප¾ඩිවරු තර්ක කරති. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ සමයේ මෙහි විසූවන් පිළිබඳ මහාවංශය කරන සඳහන මේ මතයෙහි සාවද්‍යතාවය පෙන්වීමෙහිලා වැදගත් වෙන හෙයින් ඒ කොටස මෙහි උපුටා දක්වමු. “ඒ සර්වඥයන් වහන්සේ ප්‍රථමකොට මේ ලක්දිව වැඩ යක්ෂයන් දමනය කළ සේක. නැවත දෙවනුව වැඩ නාගයන් දමනය කළ සේක, නැවත තුන්වෙනුව පස්මරුන් දිනූ මුනින්ද්‍රයන් වහන්සේ කැලණියේ මණිඅක්ඛිත නම් නාගයා විසින් නිමන්ත්‍රණය කරන ලද්දේ ආගමනය කොට එහි සංඝයා සමඟ ආහාර වළ¼දා.. ලෝකයට ප්‍රදීප වූ සේක්.

 එකල ලංකාද්වීපයෙහි මනුෂ්‍යයන් නැති බැවින් ද්වීපයෙහි සිටියා වූ දේව සමූහයාට ද නාගයන්ට ද මොනවට අනුශාසනා කොට සංඝයා සහිතව අහසට නැඟී දඹදිව වැඩි සේක. මේ පාඨයෙන් පැහැදිලි වන්නේ එකල යක්ෂ හා නාග යන නම්වලින් හැඳින්වූවන් මනුෂ්‍යයන් නොවූ බවත් මහාවංශ කර්තෘ ඔවුන් භූතයන් පිරිසක් ලෙස සලකා ඇති බවත්ය. එකල නාග නමින් හැඳින්වුණේ මනුෂ්‍ය වර්ගයක් ම යැයි පිළිගනු ලැබූවන් ඔවුන් ද්‍රවිඩයන් යැයි සැලකීමට හේතු සාධක නැත. දැනට යාපන අර්ධද්වීපයේ මුළුමනින්ම ද්‍රවිඩයන් පදිංචි වී සිටින නිසා එකල නාග නමින් හැඳින්වූවන් ද්‍රවිඩයන් වශයෙන් හඳුනා ගන්නේ නම් එම තර්කයටම අනුව දැනට උතුරු ඉන්දියාවේ නාගපුරයේ ජීවත්වන්නන් ආර්යයන්ගෙන් පැවත එන්නන් බැවින් නාග නමින් හැඳින්වුණේ ආර්යයන් බව පිළිගත යුතුය. 

අෑත අතීතයේ සිටම හෝ දහතුන්වැනි සියවසට පෙර කිසිම අවස්ථාවක හෝ යාපන අර්ධද්වීපයේ ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක් නො වූ බවටත් ශ්‍රී ලංකාවෙහි ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට ක්‍රි.ව. දහතුන් වැනි සියවසේ අග භාගය වනතුරු ම යාපනය ප්‍රදේශය සිංහලයන් සතුව පැවැති බවටත් සාක්ෂි අපේ වංස කතාවලින් හා සමකාලීන සෙල්ලිපිවලින් ලැබේ. මේ සාක්ෂි බොහොමයක් හා අදාළ ද්‍රවිඩ මූලාශ්‍රවලින් ලබාගත් සාක්ෂි ද ඉදිරිපත් කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට සපයන ලද ශාස්ත්‍රීය ලිපියක් මඟින් ක්‍රි.ව. 13 වැනි සියවසට පෙර කිසි විටෙක යාපනයේ ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක් නොවූ බව මනාව ඔප්පු කොට ඇත. යාපනය දිස්ත්‍රික්කයෙන් ලැබුණු ක්‍රි.ව. දහවැනි සියවසට අයත් සෙල්ලිපියක් මෙහි පළ කිරීමට අප අදහස් කළේ පරණවිතාන මතය නිවැරැදි බව සනාථ කිරීමටය. මේ සෙල්ලිපිය පරණවිතාන මහතාට දකින්නට ලැබුණු බවක් නොපෙනේ. තමාගේ ලිපියෙහි මේ සෙල්ලිපිය ගැන සඳහන් නොවීමෙන් ඒ බව පැහැදිලිය. ක්‍රි.ව. දහවැනි සියවසේ දී ද යාපන ප්‍රදේශය සිංහලයන් සතුව පැවැති බව මේ සෙල්ලිපියෙන් මනාව ඔප්පු වේ.

මෙය ඇත්තේ මීට අවුරුදු කීපයකට පෙර යාපන අර්ධද්වීපයේ චුන්නාකම් (පුරාණ හුණුගම) නමින්, දන්නා ස්ථානයට නුදුරින් පිහිටි පුරාතනයේ කදුරුගොඩ විහාරය නමින් හැඳින්වුණු දැනට කන්දරෝඩෙයි නමින් දන්නා ගමින් සොයාගන්නා ලද අත්තාණි කණු කැබැල්ලකය. මේ අත්තාණි කණුව පිහිටුවන ලද්දේ කවර ආයතනයකට හෝ ගමකට පරිහාර දීම සඳහා ද යන්න සෙල්ලිපියේ දැනට ඉතිරි වී ඇති තොරතුරුවලින් හෙළි නොවෙතත් එය යාපන අර්ධද්වීපයේ තිබී හමුවීම පමණක් වුවද එකල ඒ ප්‍රදේශයේ භාෂාව සිංහලය වූ බව හා ඒ ප්‍රදේශය සිංහලයන් සතුව පැවැති බවත් පෙන්වන බැවින් මෙ සෙල්ලිපි කැබැල්ල පළ කිරීම ඵලදායක බව අපේ හැඟීමය. මේ ලිපි කැබැල්ල මූණත් හතරකින් යුක්ත වූ අඩි කිහිපයක් උසට තිබූ ගල් කුලුනක කොටසකි. 

එහි උස අඟල් 17ක් පමණ වන අතර මූණතක පළල අඟල් 9 1/2ක් පමණය. ක්‍රි.ව. නවවැනි දහවැනි සියවස්වල සෙල්ලිපිවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ආරම්භක වාක්‍යයක් වන “සිරිබර් කැත්කුල කොත්” යන පාඨය එක් පැත්තක දක්නට ලැබෙන බැවින් අපට ලැබී ඇත්තේ අත්තාණි කණුවේ උඩ කොටස බව පැහැදිලි ය. එක් පැත්තක ඇත්තේ සූර්යයාගේ රූපයක් පමණක් බැවින් ලිපිය කොටා තිබුණේ තුන් පැත්තක පමණක් බව සිතාගත හැකිය. මුළු ලිපියෙන් ම දැනට අපට ඉතිරිව ඇත්තේ එක පැත්තක පේළි අටක් බැගින් පේළි 24ක් පමණි. වෙනත් වචනවලින් කියතොත් දැනට ඉතිරිව ඇත්තේ මුළු ලිපියෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් හෝ පමණි. ලිපියේ අකුරු පේළි කෙළින් සිටින සේ කෙටීම පහසුවෙනු පිණිස කුලුනේ මූණත් සැස ඉරිගසා වෙන්කොට ඇත. රූල් දෙකක් අතර දුර ප්‍රමාණය අඟල් දෙකක් පමණ වේ. අකුරු තරමක් ගෙවී ගොස් ඇතත් අමාරුවෙන් හෝ අකුරු සියල්ලම පාහේ කියවා ගත හැකිය.

ලිපියේ අක්ෂර සම්බන්ධයෙන් කිව යුත්තේ ඒවා ක්‍රි.ව. නවවැනි හා දහවැනි සියවස්වල දක්නට ලැබෙන අකුරුවලට සමාන බවත් අකුරක උස අඟල් 1 1/2 සිට 2 දක්වා පමණ වන බවත් සමස්තයක් වශයෙන් ගත් කල සියලුම අකුරු ප්‍රමාණයෙන් එක සමාන වන බවත්ය. මේ ලිපියේ ඇති අක්ෂර සිව්වැනි දප්පුල රජුගේ කාලයට අයත් ඇල්ලෙවැව (E.Z.V.Pl.45) හා ඇටවීරගොල්ලෑව (E.Z.II.Pl.4) ටැම් ලිපිවල අක්ෂරවලට ඉතාම සමානය.මේ ටැම් ලිපි දෙකෙහි ඇති ක, ග, ප, න, ස, හ, හා, ල යන අකුරු කන්දරෝඩය ලිපියෙහි ඒ අකුරුවලට ඉතාම සමීප වෙයි. එමෙන්ම මේ අකුරු නූතන සිංහල හෝඩියෙහි එම අකුරුවලට ද බෙහෙවින් සමානය. මේ ලිපියේ ඇති “ව” හා “ප” යන අකුරු දෙකෙහිද “ග” හා “හ” යන අකුරු දෙකෙහි ද වෙනස පැහැදිලිය. “ම” යන්න ක්‍රි.ව. අටවැනි සියවසේ පෞරාණික “ම” යන්නට සමානය. “ර” යන්නේ වම් පැත්තේ ඉර දකුණු පැත්තේ ඉරට උඩ දී හෝ යට දී හෝ සම්බන්ධ වී නැත. එමෙන්ම පාපිලි ලකුණු යෙදීමේ දී ද පාපිල්ලේ ඉරි දෙක යට දී එකට සම්බන්ධ කොට නැත.

මේ අත්තාණි කණුව පිහිටු වූයේ කවර රජකුගේ කාලයේ දී දැයි ලැබී ඇති කොටසෙහි සඳහන් ව නැතත් ලිපියේ ශෛලිය හා සෙල්ලිපියෙන් ලැබෙන යම් යම් සාක්ෂි අනුව එය පිහිට වූ රජුගේ නම අපට අනුමාන වශයෙන් සිතාගත හැකිය. අනුරාධපුර රාජධානියේ දෙවැනි උදය රජුගේ ඇවෑමෙන් රජ වූ ඒ රජුගේ බාල සොහොයුරු හතරවැනි කාශ්‍යප රජු (ක්‍රි.ව. 898-914) තමා රෝහණ රාජ්‍යය යටත් කොටගත් දෙවැනි උදය අභා රජුගේ (887-898) සොහොයුරා බව ඔහු විසින් පිහිටුවන ලද සෙල්ලිපි කිහිපයකම සඳහන් කොට ඇත.

 ඒ රජුගේ දැනට පළකොට ඇති මොරගොඩ තිඹිරිවැව හා කොළඹ කටුගේ ටැම් ලිපිවල හා මෙතෙක් පළ නොකළ කුංචිකුලම, අඹගස්වැව හා හල්මිල්ලකුලම ටැම් ලිපිවල ද මේ පුරසාරම දැකිය හැකිය. ඒ හැම ලිපියකම මේ පිළිබඳව ලියැවී ඇත්තේ එක සමාන පාඨයකි. පහත දැක්වෙන්නේ මොරගොඩ ටැම් ලිපියෙහි එන අදාළ කොටසයි. “සිරිලක්දිව්හි පිහිටි සිරිපිඩ් යස ඉසිරි රුහුණු දනවු මලමඩුලූ එක ආන්නෑ කොට් තමහට් සිරිභොග කළ උදා අභයි මහරජ්හු සෙහොවුර් කසුබ් සිරිසඟබෝ මපුර්මුකා” දෙවැනි උදය රජුට කලින් අනුරාධපුරයේ රජ කළ දෙවැනි සේන රජු (853-887) ද රුහුණු රට තම රාජ්‍යයට අෑ¼දා ගත් බව දෙවැනි සේන රජුගේ පුත්‍රයකු වූ සිව්වැනි දප්පුල රජු (924-935) තමාගේ ඇල්ලෙවැව ටැම් ලිපියෙහි හා කදුරුගස්කඩ ටැම් ලිපියෙහි ද සඳහන් කොට ඇත. 

මේ ලිපි දෙකෙහිම මේ පිළිබඳව කියැවෙන කොටස සමානය. ඇල්ලෙවැව ටැම් ලිපියෙහි ඒ පුවත දැක්වෙන්නේ මෙසේය. සිරිබර් කැත්කුලකොත් ඔකාවස් රජ පරපුරෙන් බට ලක්දිව පොළොයොන් පරපුරෙන් හිමි වූ අභා සිරිසඟබෝ මහරද්හුතුමා සත් ලැගු නවවන හවුරුදුයෙහි පා¾ඩි රට් පැහැර ජය කීර්ති ලද් රුහුණු දනවු මලමඩුලු කම්හට් ඒකාන්නෑ සිරිභොග කළ මරද්හු දරු අභාසලමෙවන් දපුළු මහරද්හු. මෙම ලිපි දෙකෙන්ම කියැවෙන්නේ තමා පාණ්ඩ්‍ය රට හා රුහුණු රට ජයගත් දෙවැනි සේන රජුගේ පුත්‍රයකු බවයි. සිවුවැනි දප්පුල රජු ද (924-935) තමා රුහුණු රට අෑ¼දාගත් බව තමාගේ ටැම් ලිපියක සඳහන් කරයි. ඒ ලිපියෙහි අදාළ පාඨය පහත දැක්වෙයි.

 “ස්වස්ති, සිරිබර් කැත්කුලකොත් ඔකාවස් රද්පරපුරෙන් බට් ලග්දිව් පොළොයොන් පරපුරෙන් හිමි වූ සිරිසඟබෝ මහරද්හු (දරු) රුහුණු දනවු දන මඩුලු තමහට් එකැ ආන්නෑ සිරිභොග කළ අභා මහරද්හු” යනුවෙනි. යට දැක්වූ හතරවැනි කාශ්‍යප රජුගේ සෙල්ලිපිවල එන පාඨය සිවුවැනි දප්පුල රජුගේ සෙල්ලිපිවල එන පාඨය හා සසඳන විට පෙනී යන්නේ කන්දරෝඩෙයි ටැම් ලිපියේ එන පාඨය දප්පුල රජුගේ සෙල්ලිපිවල එන පාඨයට ඉතාමත් ම නැතහොත් වඩාත් ම සමීප බවයි. කන්දරෝඩෙයි ලිපියේ අක්ෂරවල වර්ධනය අනුව බැලුව ද සිවුවැනි කසුබ් රජුගේ සෙල්ලිපිවල එන අකුරුවලට වූ වඩා සිවුවැනි දප්පුල රජුගේ සෙල්ලිපිවල, එන අක්ෂරවලට - විශේෂයෙන් ම ඇටවීරගොල්ලෑව හා ඇල්ලෙවැව ටැම් ලිපිවල අකුරුවලට බෙහෙවින් සමානය. 

එබැවින් කන්දරෝඩෙයි ටැම් ලිපිය සිවුවැනි දප්පුල රජුගේ කාලයට අයත් යැයි අඩමාන කළ හැකිය. කන්දරෝඩෙයි ටැම් ලිපිය පිහිටුවීමට සම්බන්ධ වූ කිලිග් අග්බෝනාවන්ගේ නව සිවුවැනි දප්පුල රජුගේ පොළොන්නරුව අංක 2 දරන ශිව දේවාලයේ ටැම් ලිපයක හා ඒ රජුට අවුරුදු තුනකට පසු රජ පැමිණි තුන්වැනි සේන රජුගේ (938-946) කාලයට අයත් බණ්ඩාර රත්මලෙන් හා කන්තලේ ඇල්ලේ පාරෙන් හමුවූ ටැම් ලිපි දෙකක ද සඳහන් වී ඇති බැවිනුත් කිලිග් අග්බෝනාවන් ගේ නියෝගයෙන් කන්දරෝඩෙයි අත්තාණි කණුව සිටුවීමට ගිය කිලිග් බෝසත් ගේ නව සිවුවැනි දප්පුල රජුගේ ඇටවීර ගොල්ලෑව ටැම් ලිපියෙහි හා බණ්ඩාර උල්පොත ටැම් ලිපිය හතරවැනි දප්පුල රජුගේ කාලයට අයත්ය යන මතය වඩාත් තහවුරු වෙයි.

 මේ අත්තාණි කණුව පිහිටුවීමේ අරමුණ අනුරාධපුරයේ අභයගිරි විහාරය හා සම්බන්ධ වී හෝ එය සතුව යාපනය අර්ධද්වීපයේ පිහිටා තිබූ යම්කිසි ගමකට හෝ ආයතනයකට හෝ පරිහාර දීම බව සිතිය හැකිය. එහෙත් අභයගිරි වෙහෙරෙ යන වචනයට පසුව වූ වාක්‍ය කොටස ලැබී නැති හෙයින් පරිහාර ලැබූ ගමේ හෝ ආයතනයේ නම දැනගැනීමට ක්‍රමයක් නැත. කෙසේ වෙතත් අනුරාධපුරයේ අභයගිරි හා සම්බන්ධව පැවැති ආයතනයක් එකල යාපනය ප්‍රදේශයේ පිහිටා තිබූ බවට ඉඟියක් මේ සෙල්ලිපියෙන් ලැබේ. මේ ලිපිය සොයාගනු ලැබුයේ පුරාණ කදුරුගොඩ විහාරය පිහිටා තිබූ ස්ථානයෙන් බැවින් එකල ඒ විහාරය අනුරාධපුරයේ අභයගිරි විහාරයට සම්බන්ධ වී හෝ අනුබද්ධ වී හෝ පැවැති බව විශ්වාස කළ හැකිය.

විජිත කේ. පතිරණ