26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු දැකලා අන්ද මන්ද මං මුළා

සැණකෙලිය

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු විදුහල පිහිටා තිබුණේද එවැනි පිටිසර බද ගමකය. මෙහි විදුහල්පතිතුමා දක්ෂ ගුරුවරයකු වූ අතර දැඩි විනෝදකාමියෙක්ද විය. හවස් වනවිට තවත් කවුරුන් හෝ මිතුරකු සමඟ හීන් අඩියක් ගැසීම බොහෝ විට සිදුවන්නකි. රෑබෝවීමෙන් පසු ඒ මිතුරන් සමඟම මහ කැලේ දඩයමේ යෑම ඔහුගේ විනෝදාංශයේ තවත් කොටසකි. බලපත්‍ර සහිත පතරොම් තුවක්කුවක්ද ඔහු සතුව ඇත. 

අලුතෙන් ගුරුපත්වීමක් ලැබ ළඟකදී වැඩ භාරගෙන සිටි උපගුරු පියදාස මහතාද ලැගුම් ගෙන සිටියේ මේ පාසලේම ගුරු නිවාසයකය. ඔහු කෑම කෑවේද විදුහල්පතිතුමාගේ නිවෙසින් නිසා විදුහල්පතිතුමාත් පියදාස මහත්තයාත් අතර වැඩි කුලුපග කමක් වර්ධනය වී තිබිණි. කල්යෑමේදී අඹ යාළුවන් බවට පත්වී සිටි මේ දෙපළ රෑට දඩයමේ යන්නටද ඇබ්බැහි වූහ. කොහොමටත් දඩකෙළියේ යන්නට කලින් මත්වතුර පොදකුත් සමඟ යම් කටගැස්මක් සප්පායම් වෙමින් කරුවල වැටී වේලාව හරියනතුරු ‍ෙදාඩමලු වීම මේ දෙදෙනාගේ සාමාන්‍ය පුරුද්දයි. 

එදා මේ දෙපොළ පුරුදු පරිදි මත් වතුරත් සමඟ කටගැස්මක් සප්පායම් වන්නට පටන් ගත්තේ තරමක් රෑ බෝවීමෙන් පසු දඩකෙළියේ යන බලාපොරොත්තුව ඇතිවය. තුවක්කුව බිත්ති මුල්ලට හේත්තු කර විදුලි පන්දමට අලුත් බැටරි කෑලිද දමා එළිය අෑත වදින ආකාරයට විදුලිපන්දමද සකසා සූදානම් වූයේ තව ටික වේලාවකින් දඩකෙළි සඳහා පිටත් වීමටය.

කරුවල වැඩි වන්නට වැඩි වන්නට විදුලි පන්දම් එළිය වඩාත් දීප්තිමත් වන නිසා දඩයමට යෑම පමා වෙද්දී බෝතලයද ටිකෙන් ටික හිස් විය. අවශ්‍ය තරමට අඳුර වැටී ඇති නිසාත් බෝතලය හිස්වී ඇති නිසාත් හුන් තැනින් නැඟී සිටි ලොකුමහත්තයා “එහෙනං මචං අපි යමු නේද” කියා විදුලි පන්දම අතට ගත්තේය. ලොකු මහත්තයාට මෙන්ම පියදාස මහත්තයාටත් පදම ටිකක් වැඩිවී තිබුණත් ඒ ගැන නොතකා “හරි අපි යං” කියා දෙදෙනා ගමන ආරම්භ කළේය.

මහ කැලයට ළඟා වෙද්දී ලොකු මහත්තයා අෑතට විහිද යන සේ විදුලි පන්දම මෙහෙය වූයේ සතෙක් දැක ගැනීමේ ආශාව ඇතිවය. කැලේ තුළ බොහෝ දුරක් ගමන් කළත් සතකුගේ හෝඩුවාවක්වත් නොවීය. දැන් කැලෑව තුළත් බොහෝ දුර ගමන්කර හමාරය. උත්සාහය අත නොහැර තව තවත් ඉදිරියට යද්දී විදුලි පන්දමේ එළියෙන් ගිනිකන වැටුණු අං තට්ටුවක් සහිත මුවකු විදුලි පන්දම දෙස බලාගෙන සිටිනු දක්නට ලැබිණි. අමන්දානන්දයට පත් ලොකු මහත්තයා “මුවෙක් මුවෙක් මෙහෙ ගනිං තුවක්කුව“ යැයි කොඳුරා පස්සට අත දික් කළේ දඩයම ගැන දැඩි විශ්වාසයකින් යුතුවය. ගිනිකන වැටී බලා සිටින මුවා විදුලි පන්දම් එළියෙන් පියදාස මහතාටද පෙනේ. ඒත් තුවක්කුව තමා අත නැත. 

ඔහුට තුවක්කුව ගැන නිච්චියක් නැත. 

“ඇයි තුවක්කුව ලොකු මහත්තයා ගත්තෙ නැද්ද?.” ඒ පියදාස මහත්තයා සෙමෙන් කෙඳිරීය. බලනකොට දෙන්නම තුවක්කුව ගෙනත් නැත. දැන් මොකෙන් වෙඩි තියන්නද? ලොකු මහත්තයාගේ කේන්තිය නිම්හිම් නැත. “ඇයි යකෝ වෙනද උඹ නොවැ තුවක්කුව අරගෙන එන්නෙ. දැන් ඉතිං වෙඩි තියන්නෙ උඹේ .... අහවල් එකෙන්ද? වෙරිමරගාතේ ආවට සිහියක් පතක් නෑ නොව මූට” ගිගුරුම් ස්වරයෙන් කී ලොකු මහත්තයා අත තිබූ විදුලි පන්දම පොළොවේ ගැසුවේ ඉවසන්නටම බැරි තැනය. එවිටම මුවා පැන දුවන ශබ්දයද ඇසිණි. විදුලි පන්දම කැඩී බිඳී ගිය බැවින් දැන් ඇත්තේ ඇටපල් කළුවර පමණි. ලොකු මහත්තයාගේ බැන වැදීම නම් ඉවරයක් නැත. කරුවල නිසා පාර සොයා ගෙන ආපසු යෑම කෙසේ වත් කළ නොහැකිය. දිගු වේලාවකට පසු ලොකු මහත්තයා පොළොව අතපත ගා එතැනම වාඩිවී ගසකට හේත්තු වූයේ බැරිම තැනය. 

කළ හැකි කිසිම දෙයක් නැති තැන පියදාස මහත්තයාත් ලොකු මහත්තයා අනුගමනය කරමින් බිම වාඩිවී ගසකට හේත්තු වූයේය. ටික වේලාවකින් දෙදෙනාටම නින්ද ගිය අතර ඇහැ ඇරී වටපිට බැලුවේ පාන්දර එළිවෙන ජාමයේය. සතා සරුපයාගෙන් ගැහැටක් නොවී පණ බේරී තිබීම ගැන දෙදෙනාම දෙවියන්ට ස්තුති කළේ අමනාපකම් අකාමකා දමමිනි. 


විශ්‍රාමලත් විදුහල්පති 

තල්ගහේනේ විනී වරුසප්පෙරුම