28

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුපිරි සබ්මැරීනය මෙන්න

සැණකෙලිය

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා සමූහයක් නිෂ්පාදනය කරවා ගැනීම සඳහා බෝයිං ගුවන් සමාගම තෝරාගෙන ඇත. ඉදිරි අවුරුදු කිහිපය ඇතුළතදී බෝයිං ආයතනය ප්‍රතිධ්වනි ස්වයංක්‍රිය අධෝජල යාත්‍රා පදනම අනුව, අසාමාන්‍ය විශාලත්වයකින් යුත් “ඩර්කා” නමැති සබ්මැරීන් යාත්‍රා හතරක් සැලසුම් කිරීමට තීරණය කර ඇත. මාස ගණනාවක් දිය යට රඳවා තැබිය හැකි අන්දමින් ඒවා නිර්මාණය කිරීම කෙරෙහි ආයතනයේ විශේෂ අවධානය යොමු වී තිබේ. එපමණක් නොව අනාගතයේද දිගු කාලයකට ගැළපෙන සේ නිර්මාණය කරනු ලබන මෙම සබ්මැරීනය, අඩු වියදමින් නොයෙක් මෙහෙවරවල යෙදවිය හැකි වන සේ සැලසුම් කිරීම කෙරෙහිද විශේෂ සැලකිල්ලක් යොමුවී තිබේ. වසර 2022දී මෙය සම්පූර්ණ කිරීමට බෝයිං සමාගම බලාපොරොත්තු වෙයි. 

රොබෝ සබ්මැරීනය දිගින් අඩි 51ක් පමණ වනු ඇති අතර වරකට යෙදෙන ඉන්ධන ප්‍රමාණයෙන් නාවික හැතැප්ම 6,500ක දුර ප්‍රමාණයක් යාත්‍රා කළ හැකි වෙයි. විවිධ කාර්ය සඳහා අවශ්‍ය වන නොයෙක් භාණ්ඩ හෝ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මෙහි වෙන් කරන කුටිය දිගින් අඩි 34කි. 

එහි ඝන ප්‍රමාණය ඝන අඩි 200කි. බෝයිං සමාගම කියන පරිදි රොබෝ සබ්මැරීනය අන් කිසිදු යානයක ආධාර නැතිව මාස ගණනාවක් දිය යට රඳවා තැබිය හැකිය. සාගර ඉන්ධන සමඟ ක්‍රියාත්මක වන දෙමුහුන් යාන්ත්‍රණයකින් මෙය ධාවනය වෙයි. 

මින් වසරකට පමණ කලින් සැලසුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතා සම්මාන ලොක්හිඩ් මාර්ටින් හා බෝයිං සමාගම් දෙකට පිරිනැමුණයින් පසු රොබෝ සබ්මැරීනය සැලසුම් කිරීමේ කාර්යය බෝයිං සමාගමට පැවරීමට තමන් තීරණය කළ බව ඇමෙරිකා නාවික හමුදාව පසුගිය මාසයේ නිවේදනය කළේය. බෝයිං සමාගම ඇ.කා. නාවික හමුදාවේද අදහස් විමසමින් රොබෝ සබ්මැරීනයේ මූලික සැලසුම් සකස් කරගෙන යයි. 

ගිවිසුමට අනුකූලව රොබෝ සබ්මැරීනය යොදා ගැනෙන සියලු කාර්ය සඳහා සෑම අතින්ම යෝග්‍ය වීමේ අවශ්‍යතාව අතිශයෙන්ම තීරණාත්මකය. 

මෙහි සැලැස්මට මං දක්වන විශේෂ යාන්ත්‍රණයක්, ස්වයං පාලන පද්ධතියක්, අවට පරිසරය නිරීක්ෂණය කරන විද්‍යුත් තාක්ෂණ පද්ධතියක්, සන්නිවේදන ක්‍රමවේදයක්, මෙන්ම අධිසංවේදී ගවේෂණ යාන්ත්‍රණයක්ද ඇතුළත් යැයි ඇමෙරිකා නාවික හමුදාව කියයි. ඉලක්කගත බහුකාර්ය අරමුණු උපරිම සාර්ථකත්වයෙන් සපුරා ගැනීමට අවශ්‍ය සියලු අංගෝපාංග සහිතව පමණක් නොව ස්වාභාවික තර්ජනවලින් රැකවරණය සලසා ගැනීමට අවශ්‍ය දියුණු විද්‍යා තාක්ෂණ උපක්‍රමද සහිතව මෙවැනි සබ්මැරීන පෙළක් ඉදිරි කාලයේදී නිර්මාණය කිරීමද බෝයිං ආයතනයේ අපේක්ෂාව වී තිබේ. බැටරියකට හා සාගරයට ගැළපෙන ඩීසල් බලශක්ති ජනකයකට සම්බන්ධව ක්‍රියාත්මක වන දෙමුහුන් යාන්ත්‍රණයකින් මෙම සබ්මැරීනය ධාවනය වෙයි. බහුවිධ මෙහෙවරක් ඉටු කරන නවතම නිර්මාණයක් වශයෙන්ද අනාගත සේනා සංවිධානයේ කේන්ද්‍රීය සේවයක් සලසන්නක් වශයෙන්ද “ඔර්කා - ඔතභභප රොබෝ සබ්මැරීනය බෝයිං සමාගමේත් ඇමෙරිකා නාවික හමුදාවේත් ඇගයීමට දැනටමත් ලක්ව තිබේ. 2022 ජුනියේදී මෙය අත්හදා බැලීමට ආයතන දෙක බලාපොරොත්තු වෙයි. 

ප්‍රේමචන්ද්‍ර අල්විස්