28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන...

සැණකෙලිය

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මාධ්‍යවේදීන්ට සුවිශේෂ කෞතුකාගාර දෙකට යෑමට සහ නැරැඹීමට ද අවස්ථාව ලැබිණ. මෙම කෞතුකාගාර දෙකම මෙතෙක් අපිට හුරු පුරදු ජාතියේ කෞතුකාගාර නොවේ. එකක් සමාගමක ඉතිහාසයකට අදාළය. අනෙක නොදියුණු පළාතක් දැවැන්ත සංවර්ධනයක් ලැබීමේ අභිමානයේ ඉතිහාසය කැටි කළ අපූරු කලාගාරයකි. මේ පළමු රචනය ඒ සුවිශේෂ සමාගමේ කෞතුකාගාරය පිළිබඳවය.


යම් රටකට, ආයතනයකට, පුද්ගලයකුට අනන්‍ය වූ ස්වීය ඉතිහාසයක් ඇත. ඒ ඉතිහාසය බොහෝදුරට වර්තමාන හා මතු පරපුරට තක්සලාවකි. ඕනෑම කාලයකදී අතීතය යනු වර්තමානය ගොඩනඟන පාඩම් පෙළයි. විශිෂ්ට පුද්ගලයන්ගේ චරිතාපදාන අපේ ජීවිතවලට හරි මඟ කියන ප්‍රදීපාගාර බව විද්වතුන් කියන්නේ ඒ නිසයි. එසේම ඉතිහාසයට අදාළ දෑ සුරක්ෂණයේ වටිනාකම අමිල වන්නේ ඒ තතු සොයා අපට ඉතිහාසයට යළි යා නොහැකි නිසාය. ඒ නිසා යම් ඉතිහාසයක් පිළිබඳ නිගමනවලට අපි අද එළැඹෙන්නේ අතීතය අපට ඉතිරි කර ගිය, අපි ආරක්ෂා කරගත් ඓතිහාසික අත්දැකීම්වල භෞතික සාක්ෂි මතය. එම නිසා අපි අපේ අතීතයට හෙවත් ඉතිහාසයට අදාළ දෑ සංරක්ෂණය මඟ හැර යා නොහැකි ජාතික වගකීමකි. එය ඕනෑම රටකට, ජාතියකට, ජන වර්ගයකට පමණක් නොව ආයතනයකට හෝ පවුලකට ද අනන්‍ය වගකීම් සහගත සත්‍යයකි. සමහර විට පුද්ගලයකුට ද මෙය අදාළය.

නමුත් අපේ රටේ මේ ජාතික වගකීම පිළිබඳව රජය හෝ ආණ්ඩුව හෝ උගතුන්, බුද්ධිමතුන් හෝ අදාළ රාජ්‍ය ආයතන හෝ රාජ්‍ය නිලධාරීන්ගේ ජාතික මට්ටමින් වගකීම් සහගත අවධානයක් යොමු වී නැති බවට ඕනෑතරම් සාක්ෂි සාධක ඇත. ඒ අපේ රටේ මහා පරිපාලකයන්ගේ වැඩවල හැටි. මෙය අපේ පරිපාලනමය නොසැලකිල්ලේ ජාතික ලක්ෂණයකි. අපේ රාජ්‍ය ආයතනීය ප්‍රභවයන්ගේ පැහැදිලි විධිමත් නිවැරැදි තොරතුරු නොමැතිවීම නිසා එම ආයතන ද සමහර අවස්ථාවල බරපතළ අර්බුදවලට මුහුණදීමට සිදුවීම නොවැළැක්කිය හැකි කරුණකි. සමහර රාජ්‍ය ආයතනවල වටිනා ලියකියවිලි බෝතල් කඩේට යන්නේ මේ නොසැලකිල්ල නිසාය.

එහෙත් වසර එකසිය හතළිහකට (140)  පෙර ආරම්භ වූ පෞද්ගලික සමාගමක් තම සමාගමේ ඉතිහාසය සුරක්ෂණය සඳහාම විශිෂ්ට ප්‍රමිතියෙන් යුත් කෞතුකාගාරයක් පවත්වාගෙන යන අන්දම අපට - ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ට - දැකගත හැකි විය. ඒ චීනයේ දකුණු පළාතේ ෂෙන්සෙන් (SHENZHEN) හි ෂේකු (SHEKOU) නගරයේ දීය. නූතන සාම්ප්‍රදායික ආකෘතිමය වාස්තු සැලසුම් මත නිර්මාණය කර ඇති HISTORICAL MUSEUM OF CHINA MERCHANTS  හෙවත් චයිනා මර්චන්ට් සමාගමේ කෞතුකාගාරය ඉතාමත් ප්‍රෞඪ, අභිමානවත් සිය ඉතිහාසය, ඉපැරණි හා නූතන තාක්ෂණයෙන් ඉතිරි කරගත් සාක්ෂි මත සහ නූතන සන්නිවේදන තාක්ෂණ ක්‍රම ඔස්සේ අපට ඉතාමත් සුපැහැදිලිව විදාරණය කරයි. 

CHINA MERCHANT  සමාගම යනු අද ලෝකයේ අංක එකට ශේ‍ර්ණිගත වූ, පරිවාර සමාගම් පනහකට (50)  ආසන්න ප්‍රමාණයක් ඇති, 2017 වසරේ දී යුවාන් බිලියන 584.4ක් බදු ගෙවූ 2017 වනවිට යුවාන් ටි්‍රලියන 7.3 ඉපයූ වත්කම් ඇතිව සිටින වසරකට 18%ක අඛණ්ඩ ව්‍යාපාරික වර්ධනයක් පෙන්වන 2017 වසරේදී යුවාන් බිලියන 127.7 ශුද්ධ ලාභයක් පෙන්වා ඇති ලොව පුරා 15,665ක් ස්ථිර සේවක සමූහයක් සේවය කරන චීනයේ නූතන ජාතික සංවර්ධන ඉතිහාසයේ වසර 140 ඉතාමත් ගෞරවනීය දායකත්ව ඉතිහාසයක් ඇති සමාගමකි.

1872 දෙසැම්බර් 26 දා ලී හොන්ග්ෂැන්ග් (LI HONGZHANG) China Merchant  සමාගම අරඹන ලද්දෙ එවකට චීන අධිරාජ්‍යයා ඇරඹූ ‘ස්වයං ශක්තිමත්වීමේ ව්‍යාපාරය’ යටතේ ලද අනුකූලතාව ඔස්සේය. China Merchant  සමාගම යනු චීනයේ ප්‍රථම නාවික ප්‍රවාහන සේවා සමාගමයි. එසේම China Merchant   සමාගම යනු නූතන චීන ඉතිහාසයේ ඇරඹූ ප්‍රථම පෞද්ගලික ව්‍යාපාරික සමාගමයි. ලී හොන්ග්ෂැන්ග් ඇතුළු චීන ජාතිකයන් අට දෙනකු එක්ව ඇරැඹූ China Merchant   සමාගම නූතන දියුණු චීනයේ ආර්ථික, මූල්‍ය හා සමාජ සංවර්ධනයෙහිලා දේශීය ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ සහ ඉටු කරමින් සිටින විශිෂ්ට සමාගමකි. එසේම චීන ආර්ථික ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ China Merchant   සමාගම යනු ‘නූතන චීන ඉතිහාසයේ ජාතික කර්මාන්ත හා වාණිජකරණයේ විප්ලවීය පියවර තැබූ ආයතනය’ ලෙසය. එසේම China Merchant   යනු තනි කර චීන ජාතිකයන්ගේ අයිතිය යටතේ බිහි කළ ප්‍රථම නාවික සමාගම ද වේ. අද චීන රාජ්‍ය සතු, පෞද්ගලික සමාගමක ආකෘතියෙන් ක්‍රියාත්මක වන චයිනා මර්චන්ට් සමාගම රටවල් රැසක දැවැන්ත ආර්ථික, මූල්‍ය, වෙළෙඳ, නාවික, වරාය, බලශක්ති, අධිවේගී මාර්ග, දේපළ සංවර්ධනය, රක්ෂණ, සන්නිවේදන, බැංකු යනාදී ක්ෂේත්‍රවල සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යයි.

1872 සිට මේ දක්වා චයිනා මර්චන්ට් සමාගම ආ ගමන් මඟේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානවලට අදාළ ස්මරණීය වස්තූන්, ඡායාරූප හා ඉපැරැණි චිත්‍ර සාක්ෂි මෙම කෞතුකාගාරයේ මනාව පෙළගස්වා ඇත. HISTORICAL MUSEUM OF CHINA MERCHANTS  යනු ෂෙන්සෙන් පළාතේ ඉදිවූ ප්‍රථම කෞතුකාගාරය බව කියවේ. 2003දී ඉදිකිරීම් අරඹා, 2004 සැප්තැම්බර් 06දා මහජනයාට විවෘත කෙරිණ.

පිටත සහ අභ්‍යන්තර ප්‍රදර්ශන ශාලා ඒකක දෙකකින් සමන්විත මෙම කෞතුකාගාරය, වර්ග මීටර් 800ක වපසරියකින් යුක්තය. මෙහි වාස්තු සැලසුම් සහ නිර්මාණාත්මක පාර්ශ්වයේ සැලසුම්, නිමැවුම්කරුවන් වන්නේ SHENZHEN UGLY DESIGN AND PROMOTION සමාගමය.

මෙම ගොඩනැඟිල්ලේ බාහිර හා අභ්‍යන්තර සැලසුම් තුළ සියුම්, ස්ථාවර එමෙන්ම සංක්ෂිප්ත හා නවීන කාල ගෘහ නිර්මාණ කලාවේ යථාර්ථවාදී දෘශ්‍යමානයන් දැකිය හැකිය. සත්‍ය වශයෙන්ම එය චයිනා මර්චන්ට් හි වසර 145ට ආසන්න කාලයක් පුරා උපයාගත් රක්ෂා කළ නොබිඳුනු අභිමානයේ ප්‍රතිමූර්තිය පිටපත් කිරීමකි.

චයිනා මර්චන්ට් සමාගමේ ඉතිහාසය අද සහ හෙට දවසේ පරපුරට දැක බලා ගැනීමට අදාළ ඓතිහාසික තත්කාලීන භෞතික සාක්ෂි සාධක පුනරූපණ විශාල ප්‍රමාණයක් සමාගමේ වර්ධනයේ ගමන්මඟේ අනුපිළිවෙළ පෙරදැරිව පුළුල් සංරක්ෂණීය ප්‍රවේශයක් සහිතව මෙහි තැන්පත් කර ඇත. මෙම කෞතුකාගාරය නරඹන අයකුට නව චීනයේ නව ආර්ථික සංවර්ධනයේ අතීත මූලාරම්භය ද එහි ඉතිහාස කතාව ද ඒ ඔස්සේ ෂෙන්සෙන් ප්‍රදේශයේ සිදු වී ඇති තවමත් සිදුවෙමින් පවතින ඇදහිය නොහැකි සංවර්ධනයේ මහා වංශ කතාව කියවා ගත හැකිය. ඒ මහා පුරාවෘත්තය අධ්‍යයනය කළ හැකිය.

මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඉපැරණි ප්‍රෞඪ වස්තූන් අතර චයිනා මර්චන්ට් සමාගමේ පුරෝගාමියා වූ ලී හොන්ග්ෂැන්ග්, එවකට චීන අධිරාජ්‍යයා වෙත සමාගම පිහිටු වූ බව දන්වමින් 1872 දෙසැම්බර් 23 යැවූ හසුන හෙවත් සමාගම් පත්‍රය හෙවත් සමාගමේ අධිකාරි පත්‍රය - ප්‍රඥප්තිය මෙහි වේ. මෙම ලිපියට අධිරාජ්‍යයා දින තුනක් ඇතුළත අනුමැතිය දී ඇත. එදා අධිරාජ්‍යයා එසේ කඩිනමින් අනුමැතිය ලබා නුදුන්නා නම් අද චීනයට මේ සංවර්ධනයේ මුදුනට එන්න හැකිවේද යන්න සිතා බැලිය යුතුය. එදා චීන අධිරාජ්‍යයා තමන්ගෙ ස්වදේශීය වෙළෙඳ සමාගමකට එසේ කඩිනමින් අනුමැතිය ලබා දුන්නේ ඔහු තමන්ගේ රටේ ආර්ථික අභිවෘද්ධිය ඉත සිතින් පැතූ නිසාය. නමුත් ඒ සම්බන්ධව අපේ රටේ පාලකයන් හා නිලධාරීන්ගේ හැසිරීම කෙසේද? මෙවැනි නාවික සමාගමකට අපේ රටේ අවසර දෙන්න අඩුම ගානේ අවුරුදු තුනක්වත් ගැනීම ස්ථිරය. . CHINA MERCHANTS  නම් වූ එම සමාගම චීනයේ ස්ථාපිත ප්‍රථම ජාතික ව්‍යවසාය ව්‍යාපාරය බව පොතපතේ දැක්වේ.

එසේම සමාගමේ ප්‍රථම නිල මුද්‍රාව (COMPANY SEAL)   ද ඉතාම ගෞරවනීය ලෙස මෙහි තැන්පත් කර ඇත. නව සමාගම ප්‍රථම වරට මහජනයාට කොටස් නිකුත් කළ ප්‍රසිද්ධ ලියවිල්ල හෙවත් දැන්වීම ද අදටත් මෙම කෞතුකාගාරයේ දී දැක ගත හැකිය. එය සමාගමේ ප්‍රථම ආයෝජන පත්‍ර ලෙස සැලකේ.

China Merchant   සමාගමේ ඉතිහාසීය අභිමානය විශද කරන ඉපැරණි ඡායාරූප විශාල සංඛ්‍යාවක් ප්‍රතිරූපකරණය කර ප්‍රදර්ශනයට තබා ඇත. විශේෂයෙන් සමාගමේ ස්වර්ණමය අවස්ථා විදහා දැක්වෙන තත් කාලීනව සිතුවම් කළ විශිෂ්ට තෙල් සමාගම් සහ වෙනත් මාධ්‍ය චිත්‍ර රැසක් ද මෙහිදී දැකගත හැකිය. විශේෂයෙන් චයිනා මර්චන්ට් සමාගම 1872 දෙසැම්බර් 23 හිදී පිහිටු වූ අවස්ථාව නිරූපණය කරමින් එකල ඇඳි වර්ණ සිතුවම මෙහි ප්‍රදර්ශනයට තැන්පත් කර ඇති ගෞරවනීය අමිල ඓතිහාසික වස්තුවකි. එම චිත්‍රයේ දැක්වෙන  උත්සවයට පැමිණි අයගේ ඇඳුම් පැලදුම්වලින් එකල චීනයේ ජනසමාජයේ සිටි රදල, ප්‍රභූ, වෙළෙඳ හා සාමාන්‍ය මිනිසුන් අපට හඳුනා ගත හැකි බවත්, ඒ සාධක අනුව ඒ ඒ ජන කොටස් අපට හඳුන්වාදුන් එම කෞතුකාගාරයේ තොරතුරු අපට පැහැදිලි කරදුන් විස්තර ප්‍රකාශිකාව පැවසුවාය. එසේම එදා යුගයේ නාවිකයන්ගේ සංස්කෘතික සාධක සාක්ෂි ඉපැරණි නැව් ආකෘති රැසක් මෙහි දැක ගැනීමට තබා ඇත.

එසේම එහි ඉපැරණි ලිතෝ ග්‍රාෆ් මුද්‍රණයෙන් යුතු ඉපැරණි චිත්‍රද, 1937 සිනෝ ජපන් යුද්ධයේ දී China Merchant  සමාගමේ නැව් 24 ගිල්වා දැමීම පිළිබඳ ඇති චිත්‍රය ද ඉමහත් ඓතිහාසික වටිනාකමකින් යුත් නිර්මාණාත්මක චිත්‍රයකි.

1979 ජූලි මාසයේදී චීනයේ ප්‍රථම කර්මාන්ත ආයෝජන කලාපය ඉදිකිරීම සඳහා (ZHEKOU INDUSTRIAL ZONE)   ප්‍රථම ගල් වෙඩිල්ල පුපුරුවා හැරි අවස්ථාවේ ඡායාරූපයට එම කෞතුකාගාරයේදී අපගේ විශේෂ අවධානය යොමු විය. මන්ද චීනයේ ප්‍රථම කර්මාන්ත ආයෝජන කලාපය පිහිටුවීම සඳහා ඒ පිළිබඳ පූර්ව අවබෝධය චීනය ලබා ගත්තේ අප රටෙන් නිසාය. (ඒ පිළිබඳව වෙනම ලිපියක් ලියවේ) මෙම ගල් වෙඩිල්ල චීන ජනතාව හඳුන්වන්නේ චීනය ලොවට විවෘත වීමේ ප්‍රථම ප්‍රහාරය ලෙසයි. චීන රජය 1979 දී එම නිදහස් වෙළෙඳ කලාපය ඉදිකිරීම් පවරනු ලැබූ ච.ම සමාගම එම ගල් වෙඩිල්ල පිපිර වූ පසු ගෙවී ගිය වසර පනහකට (50)  ආසන්න කාලය තුළ දී එම ප්‍රදේශයේ කර ඇති සංවර්ධනීය විපර්යාසය ඇදහිය නොහැකි ආශ්චර්යයකි. China Merchant  සමාගමේ ඉතිහාසය යනු නූතන චීන ජාතික කර්මාන්තකරණයේ චීනයේ නව ආර්ථික සංග්‍රාමයේ පුරෝගාමියාගේ ඉතිහාසයයි. එය චීන නව කර්මාන්තකරණයේ ඉතිහාසය පමණක් නොව එය චීනයේ නූතන සංවර්ධනයේ ද ඉතිහාසයයි.

Shenzhen Daily පුවත්පතට ලිපියක් ලියමින්  බ්චථඥඵ ඕචදඳභඥබ ලේඛකයා කියා සිටින්නේ  HISTORICAL MUSEUM OF CHINA MERCHANTS  ෂෙන්සෙන් හි විප්ලවකාරී සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවය. ඔහු පෙන්වා දෙන පරිදි China Merchant ඛ්ඩඪදච ර්ඥපජඩචදබ  සමාගමේ ඉතිහාසයට අදාළ සියලු තොරතුරු මෙහිදී දැකිය හැකිය. එසේම ‘අපගේ ඇස් ඇද ගන්නේ එහි ඇති සංධාන චිත්‍ර දර්ශක’ බව ඔහු අවධාරණය කරයි. China Merchant   සමාගම තම සමාගමේ ඉතිහාසය සුරක්ෂාව සඳහා නිර්ලෝභීව දැවැන්ත මුදලක් යට කර ඇතිවාක් පමණක් නොව එය නඩත්තු කිරීමටද වාර්ෂිකව විශාල මුදලක් වැය කරන බව නොරහසකි. චීනයේ ෂෙන්සෙන් හි ඇති මෙම කෞතුකාගාරය තුළින් අපට ඉගෙන ගැනීමට ඇති මුඛ්‍ය පාඩම වන්නේ යම් ආයතනයක ඉතිහාසය යනු ඒ රටේ ඉතිහාසයේම කොටසක් බවත්, එම නිසා රාජ්‍ය වේවා පෞද්ගලික වේවා සෑම ආයතනයක ඉතිහාසය හා ඊට අදාළ දෑ සුරක්ෂණය සියල්ලන්ගේ අනුලංඝනීය ජාතික වගකීමකි.

උපුල් ජනක ජයසිංහ  

චීනයේ ෂෙන්සෙන් හි 

චාරිකාවකින් පසු.