27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්

සැණකෙලිය

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්දි සිනමාවට බොහෝ නළුනිළියන් දායාද කළ වත්මන් පාකිස්තාන භූමියය. එදා ඉන්දියාව බෙදන්නට පෙර මනෝජ් කුමාර් උපත ලැබුවේ පක්තුන්ක්වා ප්‍රදේශයේ කයිබර් නිම්නය අසබඩ රමණිය පෙදෙසකය. ඒ 1937 ජූලි 24දාය. උපතින් ඔහුව නම් කොට තිබුණේ ‘හරික්‍රිෂාන් ගිරි ගෝස්වාමි’ නමිනි. මනෝජ් කුමාර්ට වයස අවුරුදු 10ක් වෙද්දී මවුපියෝ ඉන්දියාව බෙදා වෙන් කරන්නට පෙර ඉන්දියානු දේශයට යන්නට තීරණය කළහ. සරණාගතයන් වශයෙන් ඉන්දීය භූමියට ඇතුල්වන ඔවුහු විජය නගර්හි කිංස්වේ කඳවුරේ රැඳෙන අතර අනතුරුව නවදිල්ලියේ රාජේන්ද්‍ර නගර්හි පදිංචිය සඳහා තෝරා ගත්හ. ඔහු අධ්‍යාපනය 

ඉහළටම ලබාගත්තේ එහි සිටය.

තරුණ මනෝජ් කුමාර්ගේ හිත පිරී තිබුණේ දිලිප් කුමාර් සහ අශෝක් කුමාර් මෙන් නළුවකු වීමේ සිහිනයෙනි. දිල්ලි සරසවියෙන් උසස් අධ්‍යාපනය නිම කරන මනෝජ් රඟපෑම තෝරාගන්නේ ඉන් පසුවය. 1949 තිරගත වූ ‘ෂාබ්නම්’ හි සුළු චරිතයකට පණ පොවන ඔහු එතැන් පටන් ඇති කරගත් සම්බන්ධතා මත රංගනයෙන් පෙරට යන ගමන ඇරැඹුවේය. 1957 තිරගත වූ ෆැෂන් හිද ඔහු යම්තාක් දුරට ප්‍රමුඛ චරිතයක් රඟපෑවේය. 1958 පංචායත් හි ශ්‍යාමා හා රඟපාන්නටද අවස්ථාව උරුම කරගත්තේය. මෙහි ප්‍රධාන නළුවා රාජ් කුමාර් හා නිළිය පන්ද්‍රරිබායි හා ශ්‍යාමාය. ලේක්රාජ් බක්රි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එම වසරේම තිරගත වූ ‘සහාරා’ හි මනෝජ් උප ප්‍රධාන චරිතයක් වූ ‘ශ්‍යාම්’ ගේ චරිතයට පණ පෙවීය. මෙයද ලේක්රාජ් බක්රි අධ්‍යක්ෂණය කළ අතර කුල්දීප් සේගාල් නිෂ්පාදනය කළේය. 1959 තිරගත වූ ‘චාන්ද්’ හිද ඔහු එවැනිම අවශේෂ චරිතයකට පණ පෙවීය.

මනෝජ් රඟපෑ 1960 තිරගත වූ අනෙක් චිත්‍රපටය වූයේ ‘හනිමූන්’ය. මෙහි ඔහු රඟපෑවේ ෂයිදා ඛාන් සහ විජය චෞද්රි සමඟය. ලේක්රාජ් බක්ෂි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ නියමාකාර ප්‍රධාන චරිත රංගනය ඇරැඹෙන්නේ 1961 තිරගත වූ ‘කාන්චි කී ගුඩියා’ තුළින්ය. හර්නාම් සිං රාවේල් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ මනෝජ් රඟපෑවේ ශයිඩා ඛාන්, ශෝභා කෝටේ සහ තරුන්බෝසේය. 1961 තිරගත වූ ‘රෙශ්මී රුමාල්’ ද මනෝජ්ගේ චිත්‍රපට ජීවිතයේ මතක සටහනක්ය. එහි ඔහු ශ්‍යාම්ගේ චරිතයට පණ පෙවූ අතර ශාලිකා ප්‍රධාන නිළිය ලෙස රඟපෑවාය. 1961 තිරගත වූ ‘හරියාලි ඕර් රාස්තා’ හි මනෝජ් රඟපෑවේ එවක ජනප්‍රියම නිළියක වී සිටි මාලා සිං සමඟය. විජය ඛාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

මාලා සිං හා කළ රංගනයෙන් තවත් පෙරට ආ මනෝජ් 1962 වසරේ තිරගත වූ ‘ඩොක්ටර් විද්‍යා” හි රඟපෑවේ වෛජයන්තිමාලා සමඟය. එම වසරේම තිරගත වූ “ශාදි” සහ “බනාර්සි තූග්” ද සාර්ථක වූයේය. ‘ශාදි’ 1959 තිරගත වූ දෙමළ චිත්‍රපටයක් වූ ‘ඔරේවැසි’ ඇසුරෙන් කළ නිර්මාණයක් විය. නර්ගෝබින්ද් ගෝබාල් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ධර්මේන්ද්‍ර හා සයිරාබානු සමඟය. ආර්. ක්‍රිෂ්ණන් හා එස්. පන්ජු චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. මනෝජ් රඟපෑ චිත්‍රපට බොහොමයක් අධ්‍යක්ෂණය කළ ලේක් රාජ් බක්රිගේ තවත් චිත්‍රපටයක් වූයේ ‘බනාර්සී තූග්’ය. 1962 වසරේ ඔහු රඟපෑ තවත් චිත්‍රපටයක් වූයේ ‘මා බේටාය’ එයද ලෝක්රාජ් බක්රිගේ අධ්‍යක්ෂණයකි.

1962 තිරගත වූ ‘පියා මිලන් කී ආස්’ මනෝජ් කුමාර්ගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයකි. ඔහුගේ සහාය නිළිය වූයේ අමිතාය. ජේ.එස්. කාශ්‍යප් නිපදවූ මෙම චිත්‍රපටය එස්.එන්. ත්‍රිපතිගේය. එම වසරේම තිරගත වූ ‘නක්ලි නවාබ්’ සහ ‘අප්නා බනා කේ දේකෝ’ ද ඉතා ජනප්‍රිය වූයේය. 1963දී ඔහු රඟපෑවේ චිත්‍රපට දෙකක් පමණය. ඒ ‘ගාර්බස්කේ දේකෝ’ සහ ‘ග්‍රනස්ථි’ ය. එම චිත්‍රපට දෙකේම මනෝජ්ගේ ප්‍රධාන සහාය නළිය රාජශි්‍ර විය.

මනෝජ්ගේ හොඳම චිත්‍රපට දෙකක් තිරගත වූයේ 1964 වසරේදීය. ඉන් පළමුවැන්න වූයේ ‘වෝකෝන් තී’ ය. මෙහි අරුත නම් ‘ඇය කවුද’ යන්නය. මෙහි මනෝජ් හා රඟපෑවේ සුරූපී සධානා සමඟය. ඇය මේ වෙද්දී බෙහෙවින් ජනාදරයට පත්ව සිටි අතර චිත්‍රපටයේ භාවාත්මක රංගනයකද නිරත වූවාය. මෙය ආත්මගත කතාවක් පසුබිම් කරගත් එකකි. රාජ් කෝෂාල් අධ්‍යක්ෂණය කළේය. දරුවා චැටර්ජිගේ කුතුහලයෙන් පිරි කතාවක් ඇතුළත් මෙහි සංගීතය මදන් මෝහන් ගෙනි. මෙහි එන ‘ජො තම්තේ දාස්තාන් අප්නී සුනායි’ ‘ලග්ජා ගලේ’ ‘නෙයිනා බර්සේ රිම්ජිම් රිම් ජිම්’ වැනි ලතා මංගේශ්කාර් ගැයූ මෝහනීය ගීත නිසාවෙන් ආදරවන්තයන්ගේ හදවත් කතාවෙන් හා රංගනයෙන් මත් කළේය. එය ඒ තරම්ම ජනප්‍රිය වූයේය. මනෝජ් මෙන්ම සධානාගේ රංගනයද සුවිශේෂ විය. 1964 මනෝජ්ගේ දෙවැනි සාර්ථක චිත්‍රපටය වූයේ ‘පූලෝන් කී සෙජ්’ ය. ඉන්ද්‍ර රාජ් අධ්‍යක්ෂණය කළ මෙහි මනෝජ් සමඟ රඟපෑවෝ වෛජයන්තිමාලා සහ අශෝක් කුමාර්ය. මෙම චිත්‍රපට නාමයේ අරුත නම් ‘මල් පොකුර’ යන්නය. වෛජයන්තිමාලාගේ සහ මනෝජ්ගේ රංගනය ආකර්ෂණීය විය.

1965 මනෝජ් චිත්‍රපට 5ක රඟපෑවේය. ඒ ‘ශාහිඩ්’ ‘බේදාග්’ ‘හිමාලයා කි ගෝඩ් මේන්’ ‘ගුම්නාම්’ සහ ‘පූනනාට් කි රාත්’ ය මෙයින් මාලා සිං සමඟ ඔහු රඟපෑ  ‘හිමාලයා කී ගෝඩ් මේන්’ වඩාත් ආකර්ෂණීය වූයේය. චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවීය. එය වසරේ හොඳම චිත්‍රපටය ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානයද දිනා ගත්තේය.

1966 වසරේ ඔහු රඟපෑවේ චිත්‍රපට තුනක පමණය. ඒ ආශා පරේක් සමඟය. ‘රඟපෑ ‘දෝ බදන්’ කල්පනා සමඟ රඟපෑ ‘පික්නික්’ සහ ශර්මිලා තාගෝර් සමඟ රඟපෑ ‘සාවන් කි ගෝටා’ ය. 1967 ඔහු රඟපෑවේද චිත්‍රපට තුනක පමණය. වහීඩා රෙහෙමන් සමඟ රඟපෑ ‘පත්තර් කෙ සනම්’ අති සාර්ථක බොක්ස් ඔෆීස් වාර්තා තැබූ චිත්‍රපට දහයෙන් හත් වැනි තැන ගත්තේය. ලක්ෂ්මී කාන්ත් ප්‍යාරේ ලාල්ගේ මියුරු සංගීතයෙන් රසවත් විය. ගීතද ඉතාමත් ජනප්‍රිය විය.  මනෝජ් අනිතා හි සධානා හා තවත් සාර්ථක රංගනයක් කළේය. එයද ඉතා සාර්ථක වූයේය. එම වසරේම ‘උපකාර්’ තිරගත වූ අතර එහි ආශා පරේක්, ප්‍රාන්, ප්‍රේම් චොප්රා, කාමිනී කෞෂාල්ද රඟපෑ අතර වසරේ හොඳම චිත්‍රපටය ලෙසත්, හොඳම අධ්‍යක්ෂකවරයා ලෙසත්, හොඳම කතාවත්, හොඳම දෙබස් රචනයත් සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මාන හිමිවූ අතර හොඳම නළුවා ලෙස නිර්දේශිත නාමලේඛනයෙහිද මනෝජ්ගේ නම තිබිණි.

1968 තිරගත වූ වහීඩා රෙහමන් සමඟ රඟපෑ ‘නීල් කමාල්’ සහ වහීඩා රෙහෙමන් සමඟම රඟපෑ ‘ආද්මී’ ද අතිශය සාර්ථක වූයේය. 1969 තිරගත වූ තවමත් කතාබහට ලක් කෙරෙන ආශා පරේක් සමඟ රඟපෑ ‘සාජන්’ ද අමරණීය චිත්‍රපට ලෙස ගැනෙයි. 1970 තිරගත වූ සයිරාබානු සමඟ රඟපෑ ‘පූරබ් ඕර් පශ්ච්මි’ ද සාර්ථක වූයේය. එම වසරේම නූටාන් සමඟ රඟපෑ ‘යාද්ගාර්’ බබීතා සමඟ රඟපෑ ‘පේචන්’ රාජ් කපූර් හා රඟපෑ ‘මේරා නාම් ජෝකර්’ ද සාර්ථකත්වයට පත්වූ චිත්‍රපටය.

ඔහු ඉතා වාසනාවන්ත නළුවකු වූයේ ප්‍රමුඛ නිළියන් රැසකම සමඟ රඟපාන්නට ඉඩ ලැබීම නිසාය. නන්දා, ජෙයා, බහදුරි, රාකි, සිනත්, අමාන්, මෞෂාමි, හේමා මාලනී, මාධවී, නිරූපා රෝයි, කරිෂ්මා කපූර් වැනි නිළියන්ද මනෝජ් හා රඟපෑම සුවිශේෂීය.

මනෝජ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙසද සාර්ථක වූයේය. උප්කාර් සඳහා 1968 හොඳම අධ්‍යක්ෂවරයා ලෙසත්, 1975 ‘රෝති කප්ඩා ඕර් මකීන්’ සඳහා ෆිල්ම් ෆෙයාර් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් දිනා ගත්තේය. කෙසේ වෙතත් භාරත දේශය වෙනුවෙන් නළුවකු, දෙබස් රචකයකු හා චිත්‍රපටය අධ්‍යක්ෂවරයකු ලෙස කළ යුග මෙහෙවර වෙනුවෙන් භාරත රජය ඔහුට 1992දී එරට ඉහළම සම්මානය වූ පද්ම ශ්‍රී සම්මානයද පුද කළේය. ඔහු විවාහ වූයේ ශෂි ගොස්වාමි සමඟය. ඇය හර්යානා ප්‍රාන්තයෙන් සොයාගත් ප්‍රේමණීය බිරියකි. පුතුන් දෙදෙනෙකි. දෙදෙනාම පියා මෙන්ම කඩවසම්ය. විෂාල් සහ කුනාල් ඒ දෙදෙනාය. විෂාල් ගායකයෙක් වන අතර කුනාල් රංගනයට කැමැතිය. ඔහු සැබැවින්ම ගෞරවනීය සොඳුරු මිනිසකු ලෙස ප්‍රකටය.