28

කොළඹ

නවතම පුවත්

බෝම්බ වලට සහරාන්ලා ගත්තේ C4 වලට වඩා පුපුරන IS ත්‍රස්තයින් හදපු ''යක්ෂයාගේ මව'' නම් වූ අලුත්ම දෙයක් (PHOTOS)

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන තුනකට සහ ප්‍රසිද්ධ හෝටල්

10:59 AM May 22 2019

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගැටුමක් - එක් අයෙක් මරුට

10:42 AM May 22 2019

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

විෂ්ණුගේ අවසන් මොහොතට පෙර කළ ප්‍රකාශයෙන් ශ්‍රියාකාන්තාවද කම්පා වෙයි

සැණකෙලිය

ලංකාද්වීපයේ නෞකාධිපතියා පැවැසූ දේ සත්‍ය වෙමින් පැවැතිණි. මේ වෙද්දී වශිෂ්ඨ කෛලාස කූඨයේ විසූ විෂ්ණු සොයා පැමිණෙමින් සිටියේය. ඔහු, විෂ්ණු සතපවා තිබුණු ලී දඬුයෙන් සකස් කොට තිබුණු සයනය අසලට එද්දී එහි දුක්බරව සිටියේ විෂ්ණුගේ බිරිය ශ්‍රියාකාන්තාවය. ඕ විෂ්ණුගේ අවසන් මොහොත ළංව තිබුණු බව දැන උන්නා සේ විය.

ඉතා දුබලව වැතිර හුන් විෂ්ණුගේ හදගැස්ම පවා සොයා ගත නොහැකි තරමට ඔහුගේ සිරුර කෘෂ වී තිබිණි. වශිෂ්ඨ ළංවත්ම ශ්‍රියා කාන්තාවද ඔහු හැඳින්නාය. තවත් මොහොතකදී ඕ ඒ බැව් විෂ්ණුට ළංව කොඳුරා කීවාය. එසැණින් විෂ්ණුගේ දෙනෙත් විවර විය. ඔහු වශිෂ්ඨ හැඳින්නේය. යාන්තමින් ඇසිපිය ගසා අතින් සංඥාවක් දුන්නේය. එහි වූයේ ඔහු ළඟට එන්නැයි කියන්නාක් මෙන් වූ බැල්මකි.

‘විෂ්ණුගේ ඉරියව්ව ඒ හැටි හොඳ නෑ. තව මොහොතක්වත් විශ්වාස නෑ. දශරථ රජුගෙ ඉල්ලීම මා ඉක්මනින් නොකළොත් එය නොදැනම විෂ්ණු මියයාවි.’

වශිෂ්ඨ සිතීය. ශ්‍රියාකාන්තාවද විෂ්ණු ළඟටම වී අනවතප්ත විලෙන් ගෙනා ආ දිය බිඳක් ඔහුගේ දෙතොලතරට එක් කළාය. එය හෙමිහිට පානය කළ විෂ්ණු වශිෂ්ඨගෙන් ආ ගිය තොරතුරු විමසන්නට වූයේ ඉතා දුර්වල ලෙසය. ඔහුගේ මුවින් වදන් නික්මුණේ ආයාසයෙනි. මේ මොහොතේදී විෂ්ණුගේ මුවින් නිකුත් වූ වදන් ඇසූ වශිෂ්ඨ පුදුමයට පත්වූයේය.

‘මා ලංකාවේ සුමාලි රජුට කළේ මහා වැරැද්දක්. මම ඔහුට එරෙහිව ඔහු පරාජයට පත්කරන්න සිතුවේ, ඔහු ලංකාද්වීපයේ සිට මහා භාරතය සිය අණසකට අරන් කටයුතු කිරීම වළක්වන්නයි. බමුණන්, රාජ රාජ මහා මාත්‍යාදීන් ඇවිත් මා කීවේ සුමාලි රජු මහා දරුණු රාක්ෂ පාලකයෙක් කියලයි.’

එයැසූ වශිෂ්ඨ මේ ගැටලුව කුමක්දැයි විමසා සිටියේය. ඊට ආයාසයෙන් පිළිවදන් දුන් විෂ්ණු කීවේ..

‘මම සිතුවේ එය පමණයි. ඒ වුණත් සුමාලි පැරැදවීමෙන් වාසි අත්කර ගත්තේ සතුන් මරා බිලි පූජා තබමින් යාගහෝම කරන අවස්ථවාදී බමුණන්. ඔවුන් ඉස්මතු වුණා. බලවත් වුණා. මේ කපටි බමුණන්ගේ ඊනියා වාදය නිසා ඔවුන්ගේ වැරැදි දහම නිසා ප්‍රාදේශීය රජවරු පවා භාරතයේ අසරණයි. ඔවුන් මේ කපටි බමුණන්ට රැවටිලා. භාරතය විනාශ වේවි’ය කියලාය.

වශිෂ්ඨ ඉන් ගල්ගැසී ගියාක් මෙන් වූයේ ඔහුද මේ කියන තාලේ බමුණන්ට සහාය වන බිලිපූජා යාගහෝමාදියට අනුමැතිය දෙන නිසාය. කෙසේ වෙතත් විෂ්ණුට කිවයුත්ත ඉක්මනින්ම කියා දැමිය යුතු බව හේ තදින් සිතට ගත්තේය.

‘ඔබ වහන්සේ මේ මොහොතේදී මහත් අසීරුතා මැදවුව හමුවන්ට ආවේ වැදගත්ම ඉල්ලීමක් කරන්නයි. ඒ අපේ දශරථ රජු වෙනුවෙනුයි‘ වශිෂ්ඨ අසීරුවෙන් කියාපෑවේය.

‘දශරථ...ට මට කීමට ඇති දේ කුමක්ද?’

‘මහා සම්මත පරපුරෙන් පැවැත එන දශරථ රජුට ඔහුගේ පරපුර ගෙනයන්නට දරු සම්පතක් නෑ. එතුමා සූර්ය වංශිකයෙක්. බිරිය කෞශල්‍යා කෝසල රජුගේ රුවැති දියණියයි. ඔබ වහන්සේ මරණයට පත්වුවහොත් ඊළඟ ජන්මයේදී දශරථ රජුට දාව කෞශල්‍යා බිසවගේ කුසෙහි පිළිසිඳ ගත්තේ නම් ඒ අඩුව පරිපූර්ණ වේවි. ඒ ජන්මය ඉතා උතුම් භාග්‍යවත් එකක් වේවි. එහෙව් ජන්මයක් ලබන්න පාරමිතාවක් පුරන්නැයි කියන්නටයි මං මෙහි පැමිණියේ’

දශරථ රජු වෙනුවෙන් වශිෂ්ඨ අසීරුවෙන් කියාදැම්මේය. මොහොතක නිහැ¾ඩියාවක් විය. විෂ්ණු තමන් දැහැන්ගතව ප්‍රගුණ කරගත් සිත දියුණු කර ගත් තත්ත්වය අනුව එම ඉල්ලීමේ අනාගත ඵලය ගැන සිත යොමු කරන්නට පටන් ගත්තේය. ඔහු සැණින් සියල්ල වටහා ගත් අතර කෙසේ හෝ එය වශිෂ්ඨ වෙත දැන්විය යුතු බවත් සිත බල කළේය.

‘මම දැන් හොඳටම බෙලහීනයි. මට දැනෙනවා මා ඉක්මනින්ම මියයන බව. මගේ ශරීරයෙන් ඒ වග මගෙ හිතට දනවනවා. ඔබ මා හමුවන්ට ආ සැණින්ම මට මහා අමුත්තක් දැනුණා. එහෙනම් එය මේ ප්‍රාර්ථනාව, මේ ඉල්ලීම නිසාවෙන්ම තමයි. ඔබගේ ඉල්ලීම ගැන මගේ අප්‍රසාදයක්, අකැමැත්තක් නෑ. මම කොහි ගිහින්, කොහොම උපදීවිදැයි සිතුවෙත් නෑ. මට දැනුණෙ මට බොහෝ අසීරු බව, මරණාසන්න බව පමණයි. මට දැන් අරමුණක් තියෙනවා. මම ප්‍රාර්ථනාවක් කරනවා. ඒ හිතත් එක්ක මට අරමුණක් ගන්ට හැකි වේවි. මා කෙතරම් සිත දියුණු කර ගන්නට දැහැන්ගත වුවත් මරණයට එරෙහි වන්නට බැහැනේ. මම දැන් ඊට සූදානම්. ඔව්. දශරථ රජුගේ බිසොව කෞශල්‍යාගේ කුස තුළට උපදින්නට මට වාසනාව ලැබේවා.’

දුබල වුවද විෂ්ණු සිය සිතැඟි එසේ පවසා සිටියේය. වශිෂ්ඨ බෙහෙවින් සතුටට පත් වූයේය. ඔහු මේ සත්පුරුෂයාගේ පුනර්ජන්මය ගැන යළි යළිත් සිහිපත් කොට ප්‍රාර්ථනා කළේය.

විෂ්ණුට යමක් දැනුණේය. හේ ශ්‍රියාකාන්තාවට ළඟට එන්නැයි කතා කළේය. ඕ බෙහෙවින් දුකට පත්වූයේ ඒ ඇසිල්ලේය. සිරුර සීතල වී තිබෙනු ඇය දුටුවාය. තව මොහොතකින් නිසැකයෙන්ම මෙතුවක් තමන් හා දිවිගෙවූ සුහදයාණන් සමුගන්නා බවත් ඇය වටහා ගත්තාය.

‘මම තව මොහොතකින් මරණයට පත්වෙනවා ශ්‍රියා.. ඔබ මා හා මෙතුවක් කල් ගතකර මගේ දුක සැප බෙදා හදාගෙන මේ දැහැන්ගත ජීවිතයට අත්වැලක් වූවා. මා ඔබට ණය ගැතියි කියා හිතනවා. මා මළ පසු හැකි ඉක්මනින් මා සිටින ඉසව්වකට ඔබත් එන්න. මට ඔබ යළි මුණගැහෙන්නැයි හිත බලකරනවා.’

විෂ්ණු කොඳුරන්නට වූයේ බිඳුණු හ¾ඩිනි. තවත් මොහොතකදී ඔහුට වම් ඇලයට හැරෙන්නට අවැසි බව කියා සිටියේය. වශිෂ්ඨ හා ශ්‍රියාකාන්තාව ඉතා ප්‍රවේශමෙන් ඔහුට ඒ සඳහා සහාය වූහ. විෂ්ණුගේ වෙනසක් දැනිණි. එකෙණෙහිම ඔහු අවසන් හුස්ම පොද වාතලයට එක්කොට මරණයට පත්වූයේය. මේ මොහොතේදී දශරථ රජු පුතේ‍රෂ්ඨි යාගය පවත්වමින් සිටි අතර එහිදී ඉදුණු කිරිබත්වලින් පළමු බත් පිඬ කෞශල්‍යා දේවියට යවා එය ඇය අනුභව කොට තිබුණු අතර ඇයට එසැණින් මහා අමුත්තක්ද දැනිණි.

‘නිසැකයෙන්ම ඒ ප්‍රාර්ථනයත් සමඟ විෂ්ණු දේවියගේ කුස තුළ උපදින්න ඇති. දැන් ඇය බොහෝ ප්‍රවේශමෙන් රැක බලා ගත යුතුයි. ඇය බිහි කරන්නේ බොහෝ බලවන්ත, පින් ඇති කුමරුවෙක්ම වෙන්න ඕනෑ.’ වශිෂ්ඨ දශරථ රජු හමුවේ සතුටින් යුතුව තොරතුරු දන්වා සිටියේය.

(ලබන සතියට)

එස්. රණසිංහ