26

කොළඹ

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

පෝරකයේදී එල්ලා මරා දැමුණු තරුණයෙක් වසර 15කට පසු යළි ඉපදී කළ හෙළිදරව්වක්

සැණකෙලිය

පෙර භවය පිළිබඳ පර්යේෂණ කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ කෘතියක විවිධ අංශයන් යටතේ සිදු කෙරුණු පර්යේෂණ වාර්තා රැසකි. එයින් වඩාත් කතාබහට ලක් කෙරෙන සිදුවීම් කිහිපයක් ඇත. එක් සිදුවීමකට අනුව මරණ දණ්ඩනයට පත්වූ තරුණයකු එම තත්ත්වයට මුහුණ දුන් ආකාරයත්, මරණ දණ්ඩනය සිදුවූ ආකාරයත් පිළිබඳව තොරතුරු හෙළි කිරීම සුවිශේෂීය.

‘මරණයට පත්වූ කෙනකුට, එම මරණයේ සැබෑව කිව හැකි නම් එය කොයිතරම් දුර්ලභ අත්දැකීමක්ද? ‘කෙනකුට එහෙම සිතෙන්නට පුළුවන. සැබැවින්ම ඕනෑම තත්ත්වයකට පත්වී මරණයට පත්වීමත්, මරණ දණ්ඩනයකින් මරණයට පත්වීමත් දැන ගැනීම සුවිශේෂී දුර්ලභ අත්දැකීමකි.

‘මානසිකව ඇදවැටී, අවසාන මොහොතේ තමන් මරණයට පත්වෙන්න යන බව දැන දැන සිතින් වධ වෙමින් අවසන් මොහොතට මුහුණ දීම ගැන කියාපාන්න කාටද හැකිවෙන්නෙ. මෙය ඇත්තක්මද? එය විශ්වාස කරන්නෙ කොහොමද?’ ඕනෑම කෙනකු එසේ විමසන්නට පෙලඹෙනවා වන්නට පුළුවන.

මෙම සිදුවීම සිදුවී තිබෙන බව මහාචාර්ය ස්ටීවන්සන් සටහන් තබා ඇත්තේ 1927 සිදුවූවක් හැටියටය. මරණයට පත් වූ තරුණයාට දඬුවම් නියම කර තිබෙන්නේ 1927දී වුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කෙරී තිබෙන්නේ 1928 ජූලි 17දා වැලිකඩ බන්ධනාගාරයේදීය. 

මරණකරුගේ නම් ගම් මෙහි සඳහන් නොකරන්නට වගබලා ගන්නා අතර ඊට පසුබිම් ගතවූ කරුණු පමණක් මෙම පුනර්භව කතාවේ විශ්වසනීයත්වය උදෙසා ඉදිරිපත් කළ හැකිය.

‘ඔහු බොහෝ, සිතින් ආදරය කළ තරුණියක් සිටියා. ඒ බව ඇයට දැනුණා වුවත් ඔහුට ප්‍රතිචාර දක්වන්නට ඇය ගියේ නෑ. ඒත් සිතේ උපන් ආදර හැඟීම බලවත් වීම නිසා තරුණයා මේ තරුණිය විවාහ කර ගන්නට සිහින මවමින් කල් ගත කළා. තරුණියගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණත් උත්සාහය ඔහු අත්හැරියේ නැහැ. බොහෝ අවස්ථාවල ඇයට ළංව කතා කරන්නට උත්සාහ කළත් මෙය වටහා ගත් තරුණිය මෙම තරුණයාට අකැමැති නිසාවෙන් ඔහු මඟහැරියා. මෙය දරාගන්නට තරම් ආත්ම ශක්තියක් තරුණයාට තිබුණෙ නෑ. 

ඔහු තම සොයුරාට බැරිම තැන කීවේ මෙය සිතේ දරා ගන්නට බැරි නිසායි. සොහොයුරා පිළිතුරු දෙමින් කීවේ තමන්ට ඇය අකැමැති නම් ඇය ගැන බලාපොරොත්තු තබා ගැනීම මෝඩකමක් නේද කියලායි. එහෙත් එය විශ්වාස කරන්නට තරම් ශක්තියක් මේ තරුණයාට තිබුණේ නැහැ. ඔහු දිනක් හිත දැඩි කරගෙන ඇයගේ නිවෙසට ගිහින් මේ ගැන විමසන්න උත්සාහ ගනිද්දීත් කිසිදු පිළිතුරක් නොදී ඇය නිවෙසෙහි සැඟවගත්තා. ඔහු ආපසු හැරී ආවා. මේ ගැන සොයුරාට කීවත් ඔහු කීවේම පෙර උපදේශයමයි. ඇය උත්තරයක් නොදී සැඟවීම දරාගන්න ඔහුට බැරි වුණා. තවත් දිනක් ඔහු සිතට අරන් ඇගේ නිවෙසට ගියේ තියුණු පිහියක් සඟවා ගෙනයි. 

මෙය මෝඩකමක් යැයි හිතාගන්නට ආත්ම ශක්තියක් නොමැතිවීම කනගාටුදායක දෙයක් වුණා. තමන්ට අකැමැති වන්නට හේතුව මොනවාදැයි ඔහු ඇසුවත් ඇය ඊටද පිළිතුරු නොදී නිවෙසේ සැඟවුණා. ඔහු කුස්සියටම ගිහින් යළිත් ඇගෙන් ඇකැමැති හේතුව විමසුවත් ඇය උත්තර දුන්නෙ නෑ. ඔහුට ඔහුව පාලනය කරගන්න බැරිව ඉණේ සඟවා තිබූ පිහිය ගෙන ඇයට අනින්නට පටන් ගත්තා. පිහිපහර කිහිපයකින් අඩපණවූ ඇය පපුවට එල්ල කළ මරු පහරින් ජීවිතයෙන් සමුගත්තා. ඔහු මිනීමරුවෙක් වුණේ මෙහොතකිනුයි. 

එය සිදු කළාට පසුවයි ඔහුට බරපතළකම වැටහුණේ. ඉන් පසු ජීවිතය ඉවර බව ඔහු සිතුවේ නෑ. අත්අඩංගුවට ගත් වූ ඔහු බේරාගන්න වැඩිමහල් සොහොයුරා මහත් වෙහෙසක් ගත්තා. අවසානයේදී දීර්ඝ නඩු විභාගයකින් පසු ඔහු මිනීමරුවකු බවට තීරණය කළ අධිකරණය ඔහුව එල්ලා මරා දැමීමට නියෝග කළා. මේ පෙර භවය ගැන වූ සැබෑම තත්ත්වයයි. එල්ලා මරා දැමුවේ 1928 ජූලි 17දා උදෑසනයි. එදිනට පෙර අවසන් වතාවට සිය වැඩිමල් සොහොයුරා මේ අවාසනාවන්ත ඉරණම උදාකරගත් මරණය අද්දර සිටි බාල සොයුරා බලන්නට වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය.

‘ඇයි මල්ලියේ මේතරම් මෝඩ වෙලා මේ වගේ ඉරණමක් උදා කරගත්තෙ. අකැමැති කෙනෙක් එක්ක අමිහිරි ජීවිතයක් ගත කරන්න බැහැ කියලවත් හිත හදාගන්න තිබුණො නේද?

දැන් ඉතින් කාගේ පිහිටක්ද උඹට. ඒ කෙල්ලත් අකාලයේ නිරපරාදේ උඹ නිසා මැරුණා. උඹත් හෙට උදේ මැරෙනවා. මොකක්ද මේ කර ගත්ත විනාසේ.’

එසේ කියා ළතැවූ සොහොයුරාට මරණයට නියමවූ බාල සොහොයුරා කියූවක් අමතක කර දමන්නට බැරි තරම් වූවක් විය.

‘අයියා හොඳ කෙනෙක්. මම කරගත්ත මෝඩ වැඩේට මට වන්දි ගෙවන්නම වෙනවා. උඹ මාව බේරාගන්න නොකළ දෙයක් නෑ. ඒත් උඹටත් ඒක බැරි වුණා. දැන් කරන්න දෙයක් නෑ. මම හෙට මැරුම් කනවා. ඒත් මම උඹ ළඟට ආයෙත් එනවා අයියණ්ඩියේ.’

එය ඇසූ වැඩිමල් සොහොයුරාට වාවාගන්නට බැරි තරම් විය. ඔහු අවසන් සමුදීම තම බාල සොහොයුරාට දී නික්ම ගියේ හැඬ­ූ කඳුළිනි.

වසර පහළොවකට පමණ පසු මරණයට පත්වූ මේ සොහොයුරාගේ අයියාද විවාහ ජීවිතයට පත්වූ අතර ඒ වෙද්දී මල්ලිගේ මරණය මතකයෙන් අෑතට යමින් තිබිණි. මෙම විවාහයෙන් පසු, එනම් වසර පහළොවකට පමණ පසු ඔහුට දාව පිරිමි දරුවකු උපන්නේය. එහෙත් එම පිරිමි දරුවාගේ ශරීරයේ විශේෂ ලකුණු කිහිපයක්ම තිබුණේය. දරුවාගේ දකුණු අතේ ඇඟිලි කිහිපයක් එකට බද්ධ වීමෙන් ඇලී තිබිණි. 

පපුව ප්‍රදේශයේද ඇතුළට නෙරා ගිය ලකුණක් තිබිණි. බහ තෝරන වයස එළැඹිණි. දරුවාගේ කියැවීමේ වෙනස්කමක් තිබුණු බව කාටත් වැටහුණේය.

‘මේ අතින් තමයි මම එයාට ඇනලා මැරුවේ’ යි දරුවා කිහිප වතාවක්ව කීවේය. ‘මෙන්න මෙතැනට තමයි මම අන්තිමට පිහියෙන් එයාට ඇන්නේ’ යි තමන්ගේම පපුවේ ඇතුළට නෙරා ගිය තැන. පෙන්වමින් දරුවා කීය.

එක්වරම දරුවාගේ පියාට මතක් වූයේ තමන්ගේ මියගිය මල්ලීය. හිටි ගමන් තම මල්ලී පිහියෙන් ඇන මරා දැමූ ඔහු සිතින් ආදරය කළ තරුණියගේ නමද කියන්නට වූයේය.’ තමන් අනින්නට ගියදා පිහිය කෙසෙල් මුලක අතුල්ලා මුවහත් කරගත් බවත් කීවේය. එම කෙසෙල් මුල හා එය පිහිටි තැනත් පෙන්වූයේය.

දිනෙන් දින බිඳෙන් බිඳ පිහියෙන් ඇන තරුණිය මරා දැමූ ස්ථානය දක්වා සම්පූර්ණ කතාව දරුවා කියන්නට වූයේය. මෙය ඇඟ කිලිපොළා යන තමන්ගේ ජීවිතයටම බද්ධ වූ දෙයක් වූ බැවින් දරුවාගේ මවට එතෙක් රහසක්ව තබාගෙන තිබුණු සොයුරා පෝරකයට යෑමේ පුවතද හෙළිකරන්නට දරුවාගේ පියාට සිදුවිය.

‘මෙම සිදුවීම් එකිනෙකට විමසා බැලූ මහාචාර්ය ස්ටීවන්සන් දරුවා කියූ ආකාරයටම තරුණිය මිය ගිය ආකාරයත් ඒ පිළිබඳ මරණ පරීක්ෂණ වාර්තාවත්් විද්‍යාත්මක කරුණුත් ගළපා ගත්තේය. එය නිවැරැදිම විය. 

මෙහි ඇති සුවිශේෂී තත්ත්වය නම් එල්ලා මරන්නට පෙර සොහොයුරා කියූ ලෙස ඔහු යළි අයියාගේ දරුවකු වී ඉපැදීමේ කතාවය. එයත් මරණයෙන් වසර පහළවක් යනතුරු ඔහු කොහි සිටියේද යන්න ගැටලුවක් විය. ඇතැම් විට වෙනත් භවයක හෝ උපදින තුරු අන්තරාභවයක හෝ සිටියා වන්නට පුළුවනැයි සිතිය හැකිය. ඊටත් වඩා ඔහු එල්ලා මරද්දී දැනුණු හැඟීම පළ කළ අයුරු ඉතා වැදගත්ය.

‘අයියා ගියාට පස්සේ මගේ බර කිරලා බැලුවා. වැලි ගෝනියක බරත් කිරුවා. කළු රෙද්දකින් අන්තිම දවසෙ මාගේ මුහුණ වැසුවා. ඒත් එක්කම බෙල්ලට තොණ්ඩුව දැම්මා. තොණ්ඩුව සිරවෙන්න මොහොතක් ගියේ නෑ. ඒත් එක්කම හිරවුණා. මාව ගිනි ගොඩක් ඇති වළකට ඇදගෙන වැටුණා වගේ වුණා.’

අවසන් මොහොතේ හිතයට තිබුණු තදබල ප්‍රාර්ථනාවකට අනුව කර්මානුරූපීව තමන්ට, තමන්ගේ සොහොයුරාව හොයාගෙන යන්නට, ඔහු විවාහවන තුරු දරුවකු හදන්නට සැරසෙන තුරු බලා සිටින්නට වූවා වන්නට පුළුවන. එයත් වසර පහළොවක්ම බලා සිටින්නටත්, ඒ වනතුරු සැරිසරන්නටත් වීම මෙම පර්යේෂණයේ ඉතා තියුණු නිරීක්ෂණයන් තව තවත් මතු කරවන්නේය.


පර්යේෂණ වාර්තා ඇසුරෙනි

විජිත කේ. පතිරණ