28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

දැවැන්තම ගෝරිල්ලන් මිහිමතින් තුරන් වීමේ අබිරහස් කතාවක්

සැණකෙලිය

ලෝකයේ විශාලතම ගෝරිල්ලාට ජාලයකින් බද්ධ වුණු ඇඟිලි සහිත පාද උරුම වී තිබෙන්නේ එම ගෝරිල්ලන් ගහනය අතින් අඩු වේගෙන යන ගෝරිලි වර්ගයක් සමඟ සහභිජනනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යැයි අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ‘ගේ‍රා්වර්ගේ ගෝරිල්ලා’ යනුවෙන් හැඳින්වෙන සත්ත්වයාට බද්ධ ඇඟිලි උරුම වීමට හේතුව වන හානිකර ජාන විකෘතිතාව සහිත උපත් ගත වූ අවුරුදු 100 තුළ බෙහෙවින් වර්ධනය වී තිබේ. උසින් අඩි 6ක්ද බරින් රාත්තල් 460ක්ද වන වානර විශේෂ තීරණාත්මක වශයෙන්ම ඉතා අනතුරුදායක තත්ත්වයකට පත්ව සිටින අතර එම පිරිමි සතුන්ගේ සරු බව හා ප්‍රතිශක්තිය අහෝසි වීම ඊට හේතු වී තිබේ.

අවුරුදු 100කට අෑත කාලයේ පටන් මේ දක්වාම කොංගෝ වනාන්තර නිජ භූමිය කරගෙන සිටින ප්‍රිමාටයන්ගෙන් හෙවත් පූර්වජයන්ගෙන් ගන්නා ලද ජාන හෙවත් ප්‍රවෙණ්‍යාණු සංසන්දනය කිරීමෙන් මෙම අධ්‍යයනය කරන ලද්දේය. සියවස් ගණනක් තිස්සේ මෙම සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබුණු බිම් මිනිසුන්ගේ පරිහරණය සඳහා යොදා ගැනීමත් විවිධ හේතු මත එම සතුන්ගේ වාසභූමි විනාශ වීමත් නිසා මෙම පූර්වජයන්ගේ ගහනය මෑත දශක කිහිපය තුළදී සියයට 80කින් අඩු වී තිබේ. ප්‍රවෙණ්‍යාණු විකෘතිය හේතු කොට ගෙන හට ගත් රෝග නිසා මෙම විශාලතම ගෝරිල්ලා මිහිතලයෙන් සහමුලින්ම තුරන් වී ඇත. ගේ‍රා්වර්ස් ගෝරිල්ලාගේ ප්‍රවෙණ්‍යාණු විවිධත්ව පරම්පරා කිහිපයක් තුළදී ඉතාම වේගයෙන් හීන වේගෙන ගොස් ඇති බව තමන්ට දැන ගන්නට ලැබිණැයි මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ ස්වීඩනයේ අප්සැලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්‍ෂක, නෙම්වැන් ඩි වෝක් පැවැසීය. පරිසරයේ සිදු වුණු වෙනස්කම්වලට අනුවර්තනය වීමට ගේ‍රා්වර්ස් ගෝරිල්ලාට නුපුළුවන් වීමද ඊට හේතු වී ඇති බවද ප්‍රවෙණ්‍යානු සංසන්දනයේදී පෙනී ගොස් ඇත.

මේ සත්ත්ව ගහනය කෙමෙන් හීන වේගෙන යද්දී අවසාන පරම්පරා දෙක තුන තුළ හට ගත් හානිකර ජාන විකෘතිතාවක් මොවුන්ගේ වඳ වීම වේගවත් වීමට හේතු වී ඇති බවද මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයන්ට දැන ගත හැකි විය. එමපමණක් නොව ගෝරිල්ලාගේ ඇඟිලිවල වර්ධනය හා සම්බන්ධ ජානවල ක්‍රියාකාරීත්වය හීන කරන ජාන විකෘතියක් හඳුනා ගැනීමටද පර්යේෂකයන්ට හැකි වූ අතර වර්තමාන ගෝරිල්ලන්ට බද්ධ ඇඟිලි උරුම වූයේ කෙසේද යන්න පිළිබඳ යම් හෝඩුවාවක්ද එයින් දැක්වෙතැයි පර්යේෂකයෝ කියති. වර්තමාන ගෝරිල්ලන්ගෙන් ගන්නා ලද හා සියවසකට පෙර ගෝරිල්ලන්ගෙන් ගන්නා ලදුව කෞතුකාගාරවල තැන්පත්ව තිබුණු ප්‍රවෙණ්‍යාණු වර්ග 11ක් මෙම අධ්‍යයනයේදී ජාත්‍යන්තර පර්යේෂකයන් විසින් සංසන්දනය කරන ලද්දේය. 

වර්තමාන හානිකර ජාන විකෘතියෙන් විශේෂයෙන්ම අවධාරණය වන්නේ ගේ‍රා්වර්ස් ගෝරිල්ලන් ගහනයේ අඩු වීම අනෙක් අතට වෙනස් විය යුතු බව හෙවත් ඔවුනගේ ගහනය  වර්ධනය විය යුතු බවට යැයි මෙම අධ්‍යයනයේ සම කර්තෘ ස්වීඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ලෝව් ඩැලන් ප්‍රකාශ කරයි. ගේ‍රා්වර්ස් ගෝරිල්ලන්ට බෙහෙවින් සමාන කඳුකර ගෝරිල්ලන් තුළ අදාළ කාලය තුළ එවැනි ජාන විකෘතියක් සිදුවී නැතැයිද පර්යේෂකයෝ ප්‍රකාශ කරති. අවුරුදු 100කටද අධික කාලයක් පුරා ඔවුන්ගේ ජානවල ජීවිකාව නොවෙනස්ව පැවැතී ඇතැයිද ඔවුහු කියති.

ලෝකයේ දැනට සිටින පූර්වජයන් වර්ග 504න් වැඩිම කොටසක් ඔවුන්ගේ අවසාන කාලයට පැමිණ ඇති බවත් ඉන් තුනෙන් දෙකක් දැනටමත් මිහිමතින් තුරන් වීමේ තර්ජනයට මුහුණ පා සිටින බවත් මුළු සත්ත්ව ගහනයෙන් සියයට 75ක් සංඛ්‍යාව අතින් කෙමෙන් අඩු වේගෙන යන බවත් 2017 ජනවාරියේ ප්‍රකාශයට පත් වුණු අධ්‍යයනයක ප්‍රතිඵලවලින් දැක්විණි. කෘෂි කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම, ගව පට්ටි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම, තෙල් ගෑස් ගවේෂණ ව්‍යාපෘති ව්‍යාප්ත වීම, වේලි ඉදි වීම හා මාර්ග පද්ධති ව්‍යාප්ත වීම යන සාධක පූර්වජ වර්ගවල පරිහානියට ප්‍රධාන වශයෙන්ම බලපා ඇතැයි පර්යේෂකයෝ සඳහන් කරති. 

වානර ගණයට අයත් සමහර සතුන් මස් පිණිස මරනු ලැබීමත් කාලගුණ විපර්යාස රෝග ව්‍යාප්තියත්් මෙම ජීවීන්ගේ විනාශයට හේතු වී තිබේ. ජනප්‍රිය ආහාර වර්ග සඳහා බහුලව භාවිත කරන ෆාම් තෙල් නිෂ්පාදනයට අවශ්‍ය ගස් වගාවේ ව්‍යාප්තිය ඉන්දුනීසියාවේද, රන් හා මැණික් පතල් ව්‍යාප්තිය මැඩගස්කරයේද පූර්වජයන්ගේ ජීවිතවලට හානිකර සේ බලපා ඇත. මෙම ජීවීන් පිළිබඳ අධ්‍යයනයෙහි යෙදුණු විද්වතුන් තවදුරටත් සඳහන් කරන පරිදි දැව සඳහා දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට හා කෘෂිකාර්මික කටයුතු සඳහා වැසි වනාන්තරවල පවා ගස් කැපීමත් එම වනාන්තර එළි කිරීමත් ඒවායෙහි වෙසෙන පූර්වජයන්ගේ ජීවිතවලට මාරාන්තික තර්ජනයක් වී තිබේ.

අවුරුදු 5000 - 10000 අතර කාලයකට ඉහතදී ගේ‍රා්වර් ගෝරිල්ලාගේ ගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර කඳුකර ගෝරිල්ලා එම කාලය තුළ දුර්ලභ ගණයේ සතකු බවට පත්වී ඇත. ඔවුන්ගේ ගහනය විසි වැනි සියවසේදී වර්ධනය වීම ආරම්භ වන්නට කලින් ඔවුන් කෙරෙහි බලපෑ ජාන විකෘතිය බැහැර කරන්නට ස්වාභාවික මරණයට ඉඩ ලැබෙන්නට ඇත. වඳවීමේ අනතුරට මුහුණ පා සිටින ජීවීන්ගේ ජානවල සිදුව ඇති වෙනස්කම් පිළිබඳ යථා තත්ත්වය ඉතා හොඳින් නිරීක්‍ෂණය කිරීමට මහෝපකාරී වන  අතුල්‍ය නිදර්ශක ඉතිහාසය පිළිබඳ තමන්ගේ කෞතුකාගාරයෙහි තිබේ යැයි මෙම අධ්‍යයනයේ සම කර්තෘවරියක වූ අප්සැල විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය, ආචාර්ය කැතරිනා ගුෂෙන්ස්කි ප්‍රකාශ කළාය. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ‘කරන්ට් බයලොජි’ (Current Biology) සඟරාවෙහි පළ විය.