27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

ශ්‍රමිකයාණනි...

සැණකෙලිය

විශාරද ජගත් වික්‍රමසිංහ


“ශ්‍රමිකයා යනු ශ්‍රමය ප්‍රදානය කරන්නායි. විවිධ අංගයන්හි ශ්‍රමය යොදවන රැකියා නියුක්තික මිනිසුන් එසේ හැඳින්වෙනවා. කාර්යක්‍ෂමව සිය කාර්ය ඉටුකරන අයට සමාජයෙන් සාධාරණ සෑහෙන ප්‍රතිදානයක් ලැබෙනවාද? මෙතැනදී අවංකව සිය කාර්යය ඉටු කරන, වැඩ කරන ජනතාව අසමානතාවක් අත්විඳිනවා. කෙසේ වුවත් අවංක ශ්‍රමිකයා වැඩදායි සමාජ ක්‍රියාධරයෙක්. එහෙත් ශ්‍රමය හා ශ්‍රමිකයා ඇගැයීමට ලක්වීම අවමයි. ශ්‍රමය ඇගැයීම සමාජගත විය යුතු අවශ්‍යතාවක්. පොදු ජනතාව නොහොත් සමාජ නිෂ්පාදනයේ පුරෝගාමීන් ඉහළට ඔසවා තැබීම මෙම ගීතය මඟින් සිදුව තිබෙනවා. මෙහි අර්ථකථනය වන්නේ යහපත් සාමාන්‍ය පුරවැසියකුගෙන් වන සේවයයි. මෙය සමාජශීලී  මෙන්ම ශ්‍රමිකයකු සතු විය යුතු සාධනීය ගුණාංග ඉස්මතු කරනවා. නිර්මාණශීලී ශ්‍රමිකයකුට සමාජයේ ඉටුවිය යුතු යුතුකම මෙමඟින් ඉටු කෙරෙනවා.

මෙම ගීතය මඟින් පොදුවේ ශ්‍රමිකයන් ස්වයං විනයකින් හා කාර්යක්‍ෂම බවින් යුතු වීමට අනුබලයක් ලැබෙනවා. එම ගුණාංගය ප්‍රතිලාභ අරමුණු කොටගෙන ඇති වන්නේ නැහැ. හුදු ස්වකීය පැවැත්ම සඳහා වුවත් පරාර්ථකාමීව ඇති වෙනවා. එහෙත් පොදු මිනිසුන්ගේ ශ්‍රම ශක්තිය කේවල් කිරීමට ලක්වීම සාමාන්‍ය තත්ත්වයයි. එසේ ශ්‍රමය නිර්ධය ලෙස සූරා කමින් සමාජයේ ඉහළින් වැජඹෙන පිරිසක් සිටින බැව් වසන් කරන්නට බැහැ. මෙය සමාජ සංස්ථාවන්හි සංවිධානාත්මකව සහ නීතිය අවභාවිත කරමින් සිදුවෙනවා. 

මෙම ගීතයේ නිර්මාණය තුළින් ශ්‍රමය දානය කරන්නන් කලා කෘතියක් මඟින් දිරිමත් කැරෙන අවස්ථාවක් මම දකිනවා. එමඟින් ශ්‍රමයට අභිමානයක් මෙන්ම ශ්‍රමිකයාට ආදර්ශයක් සැපැයෙනවා. එය මැයි දිනය බඳු එක් දිනයකදී නොව නිරන්තරව සිදුවිය යුත්තක්. විවිධ ආයතනයන්හි, නිෂ්පාදන ‍ෙක්‍ෂත්‍රයන්හි ඵලදායකත්වයට ශ්‍රමය ඇගැයීම සෘජුවම බලපානවා. එතෙකුදු නොව සාධාරණ ශ්‍රමිකයෝ බිහිවීමට පාලක හා විද්වත් මණ්ඩලවල අනුබලය ලැබීම සමාජයට වැඩදායී වෙනවා. 

මේ ගීතය සංගීතවත් කරගැනීමට නයනා රාජපක්ෂ මා වෙත ගෙන ආවා. එය ඉටු කිරීමේදී “දැන් ඉතින් නැඟිටියව්!” තේමාව මම පාදක කොට ගත්තා. ශ්‍රමිකයන් පිළිබඳ කියැවෙන වෙනත් ගීතවලට අනුරූපීව මම මෙය සංගීතවත් කළා. අවශ්‍ය රිද්මයට අනුකූලව නිර්මාණය කළා.

“මේ ගීතය ගායනා කරන්නේ විශාරද නයනා ශ්‍යාමලී රාජපක්ෂයි. ඇගේ ස්වර වින්‍යාසය, ගයන ස්වරූපය සහ හ‍ෙ¾ඩ් ගුණාත්මකභාවය ගීතය අලංකාර කිරීමට මම ප්‍රයෝජනයට ගත්තා. නායනාගේ හඬ විවිධ පරාස තුළ මෙහෙයවීමට මම සමත් වුණා. නයනාගේ ගීතයක් ලෙස ඇය ආකර්ෂණීයව ඉදිරිපත් කර තිබෙනවා. ඇය විශාරද මාලනී බුලත්සිංහලගේ හඬ ඡායාව ඇති ගායිකාවක්. ඇගේ හඬද ගීතය සමාජගත වීමට පිටිවහලක් වෙනවා. සිය කටහ¾ඩින් ඇය ප්‍රයෝජනයක් ගෙන තිබෙනවා. මාලනී ජීවතුන් අතර නැතත් ඇයගෙන් විය යුතුව තිබූ සේවයක් නයනා රාජපක්ෂගෙන් ඉටුවී තිබෙනවා. 

ඇගේ ගායන හැකියාව සහ කටහඬෙහි සෞන්දර්යාත්මක ගුණය මේ ගීතයට ආලෝකයක් සපයා තිබෙනවා. ගීතය තුළ සමූහයක් ගායනා කළ යුතු තැන්ද නයනාගේ තනි හ¾ඩින් පූර්ණ කර තිබෙනවා. ගීතයෙහි යම් අවස්ථාවල සමූහ ගායනා ස්වරූපයක් තිබෙනවා. 

එය ගායිකාවගේ තනි කටහඬ මඟින් මා ඉදිරිපත් කළා. වැඩ කරන ජනතාව යන තේමාව සංගීතාත්මකව ඉදිරිපත් කිරීමට සුදුසු පරිදි මම සංගීත භාණ්ඩ යොදා ගත්තා. ලොව වැඩ කරන ජනතාවට විවිධ හැඩතලවලට අනුව ගී නිර්මාණය වී තිබෙනවා. ඒවාට අනුරූපවයි මම සංගීතය නිර්මාණය කළේ. 

තවද රසාත්මකව ගීතයක් ඉදිරිපත් කළ යුතුය යන්නත් මම අනුගමනය කළා. ඒ අනුව ගීතයට අවශ්‍ය හැඟීම ඇතුළත් කළා. ශ්‍රමිකයා සමාජයට සාධාරණයක් ඉටුකරන, යුතුකම් ඉටුකරන ලෙසයි ගීතය සමාජගත වන්නේ. එඩිතරව, අව්‍යාජ බව, නිවැරැදි හා සාධාරණ බව සංගීතය මඟින් මම යම් ආකාරයකට ඉදිරිපත් කළා. 

ගීතයක් විනාඩි තුන හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත ශ්‍රවණය වන්නක්. එහෙත් පෘථුල අත්දැකීමක් සමාජයට මුදාහරින හොඳ වෑයමක්. එසේම අගය කළ යුතු යුතුමක් මේ ගීතයෙන් ඉටුවී තිබෙනවා. එයින් ලැබෙන අනුබලය සමාජය යහපත් කිරීමට ඉවහල්වනවා නම් එය අපේ ප්‍රාර්ථනය ඉටුවීමක්.” 


ආමන්ත්‍රණය මගේ 

සිත් ගත්තා 


 විශාරද නයනා රාජපක්ෂ


“සමාජ දේශපාලන ක්‍රියාධරයකු වන වීරතුංග පල්ලියගුරු ඔහු අතින් ලියැවුණු මේ ගීතය මා අතට පත් කළේ එහි ගුණ‍ෙදාස් අපේක්ෂාවෙන්. එය සාර්ථක නිර්මාණයක් බව මට වැටහී ගියා. එමෙන්ම ශ්‍රමිකයා පිළිබඳ එහි වන ආමන්ත්‍රණයන් මා සිත් ගත්තා. ශ්‍රමිකයාණනි. පරහිතකාමී සේවකයාණනි. නිල නොවනා නායකයාණනි. දුර දක්නා සොහොයුරාණනේ ආදී වදන් ගීතයට ආලෝකයක් එක් කරනවා. ශ්‍රී   ලාංකේය ගීත කලාවේ ශ්‍රමිකයාව තේමා කොට නිර්මාණය වූ ගීතයක් මා දන්නා තරමින් තිබී නැහැ. මෙම ගීතය මඟින් එම රික්තය පිරවුණා යැයි මා විශ්වාස කරනවා. එවැන්නකට දායකත්වයක් ලබාදීමට අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා.” 


කම්කරු ස්මාරකය නිමිත්ත වුණා. 

“ගාලු පාර අද්දර ගල්කිස්සේ පිහිටුවා ඇති ශ්‍රී  ලංකාවේ ප්‍රථම සහ එකම කම්කරු ස්මාරකය මෙම ගීතය නිර්මාණයට විභවය වුණා. දිවංගත ප්‍රකට ව්‍යාපාරික ඩී.සී. අබේවර්ධන මහතාගේ පෞද්ගලික ධනයෙන් එය ඉදි කරනු ලැබුවා.”