28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

රහස් රැසක් හෙළි කරමින් වසර 4300ක් පැරණි ඊජිප්තු ප්‍රභූවරයකු සොහොනකින් නැඟිටියි

සැණකෙලිය

වසර 4,300කට පෙර ඊජිප්තුවේ පස් වැනි රාජ වංශයට අයත් යුගයේ එරට විසූ කූවි නමැති ප්‍රභූවරයකුගේ මෘත දේහය ඉංග්‍රීසි ‘එල්’ (ඹ්) අකුරේ හැඩයට හුනු ගලෙන් තැනුණු සොහොන් ගැබක තිබී හමු වී ඇත. එම සොහොන් ගැබේ බිත්ති මස් පිණිස මරන ලද සතුන්ගේ රළු චිත්‍රවලින් සරසන ලද්දේය. සොහොන් ගැබ්වල තැන්පත් කෙරෙන සමහර වටිනා ද්‍රව්‍ය සොයා ඒවා රහසිගතව හාරන සොරුන් මෙම සුසානයද හාරා ඇති අතර එහිදී මෙම ප්‍රභූවරයාගේ දේහයේ කොටස්ද සුසානය තුළ තැනින් තැන විසිරී තිබේ.

සුසානයේ බිත්තිවල දක්නට ලැබෙන බොහෝ චිත්‍රවල මුලින්ම යෙදුණු වර්ණාලේපද පැහැදිලිව පෙනෙන අතර සමහර චිත්‍රවලින් ලොකු මස් කුට්ටිද අතැතිව ඝාතනය සඳහා ගව දෙනුන් දක්කාගෙන යන මිනිස්සු පිළිබිඹු වෙති. මෙය පිහිටි අසාමාන්‍ය භූමි ප්‍රදේශය ක්‍රි.පූ. 2388 _ 2356 දක්වා නයිල් නිම්නයද පාලනය කළ පස් වැනි රාජ වංශයට අයත්ව තිබිණැයි සැලැකේ.

කයිරෝ නගරයෙන් පිටත සකාරා පිරමීඩ සංකීර්ණයේ තිබෙන මෙම සුසාන ගර්භයේ බටහිර බිත්තියේ ‍ෙදාරටුවෙන් ඇතුළු වී අභ්‍යන්තර ‍ෙදාරටු දෙකක් ඔස්සේ ගිය ගවේෂණ කණ්ඩායමට ලොකු කාමරයකට බද්ධව තිබුණු කුඩා කාමරයකදී මෙම ප්‍රභූ දේහය සහිත හුනු ගල් මිනී පෙට්ටිය හමු වුණු බව ඊජිප්තුවේ පුරාවස්තු භාර අමාත්‍ය ආචාර්ය මොහමඩ් මෙගහෙච් අහ්රාම් පුවත් සේවයට පැවැසීය. එහි තිබෙන ඉඩකඩ ප්‍රමාණය සලකා බලන විට එය සෙල්මුවා මීනී පෙට්ටිවලින් පිරී තිබෙන්නට ඇතැයිද සොහොන් ගැබ් හෑරූ සොරුන් අතින් සහමුලින්ම විනාශ වී ඇතැයිද සිතිය හැකි බවද ආචාර්ය මොහමඩ් ප්‍රකාශ කළේය. මුලදී මමීකෘතව තිබුණු ප්‍රභූ දේහයද සොරුන් අතින් විනාශයට පත්ව ඇති බවත් දේහයේ කල්පැවැත්ම සඳහා යොදන ලද ලාටුවල හා තෙල් වර්ගවල සලකුණුද එහි දැකිය හැකි බවත් ගවේෂකයෝ කියති.

සොහොන් ගැබ තුළ තිබෙන රතු පැහැති සෙල් ලිපියක සඳහන් කරුණු අතර වැඩි ප්‍රසිද්ධියක් නැති සෙබ්තිහර් නමැති බිසවකගේ නම සඳහන් බව තහවුරු කරන සාධක සොයා ගැනීමට පුරාවිද්‍යාඥයනට හැකි වී තිබේ. ඇය ඊජිප්තුවේ පස් වැනි රාජ වංශයේ අට වැනි හා අවසාන රජු වූ ජෙඩ්කාරේ ඉසෙසි රජුගේ බිසව යැයි විශ්වාස කරනු ලැබේ. එම රජුගේ නාමයට කැප කරන ලද එහෙත් නමක් නොසඳහන් සොහොන් ගැබක් මෙම සොහොන් ගැබ අසලින්ම මීට කලින් සොයා ගැනීමට පුරා විද්‍යාඥයන්ට හැකි වූ නමුත් එය මෙකී රජු හා බිසව වෙනුවෙන් ඉදි කෙරුණු ද්විත්ව සුසාන ගර්භයෙන් එකක්ද යන වග අනාවරණ වී නැත. ඊජිප්තුවේ පස් වැනි හා හය වැනි රාජවංශ අතර කාලය පිළිබඳ සාධක සපයා ගැනීම සඳහා මෙම සොහොන් ගැබ් දෙකම පිළිබඳව තවදුරටත් ගවේෂණ පැවැත්වීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.

පරිවර්තනය 

ප්‍රේමචන්ද්‍ර අල්විස්