26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

පරංගින් වනසා දමන්න පිටියේ බණ්ඩාර දෙවියෝ රාජසිංහ රජ්ජුරුවන්ට බලවේගයක් වුණු හැටි

සැණකෙලිය

උඩරට පුද ලබන පිටියේ බණ්ඩාර දෙවි මුල් යුගයේ වී ගොවිතැන, ගව පාලනයට අධිපති ලෙඩ රෝග දුරලන ලද දෙවියකු ලෙස ඉමහත් භක්තියට ලක් විය. පිටියේ දෙවිඳු වූයේ මියගිය දුටුගැමුණු රජුගේ පුනර් ජන්මයක් බව එක් ජනප්‍රවාදයකි. තවත් ජන කතාවක් අනුව ඉතා ධාර්මිකව අනුරාධපුර රජ කළ එළාර රජු අතින්ම කුමරු කළ වරදකට පියා අතින් මරා දැමුණු එළාර රජුගේ පුතා පිටියේ දෙවිඳු වූ බව තවත් ජන කතාවකි. තුන්වැනි ජනකතාවක් අනුව දකුණු ඉන්දියාවේ සොලී රජකු විසින් පුතා කළ වරදකට පියා විසින් මැර වූ සොලී කුමරකු පිටියේ දෙවි ලෙස උපත ලබා ඇත.

පියාගෙන්  පළිගැනීමට යක්ෂයකුව උපන් පිටියේ බණ්ඩාර කුමරු යක්‍ෂ පිරිවර සමඟ ලංකාව මැද හුන්නස්ගිරිය අවටින් අහසින් යද්දී කඳු මුදුනේ හිස් පිට්ටනි දැක ඒවාට ඇලුම් කර එහි නැවතුණු බැවින් පිටියේ දෙවි ලෙස ප්‍රකට විය. පිටියේ දෙවිඳුගේ මුල්ම බල අඩවිය රට මැද හුන්නස්ගිරි කඳු මුදුන හා ඒ අවට බිම විය. ඒ වන විට ලංකාවේ රට මැද දුම්බර අඩවිය නාථ දෙවිඳුගේ බලයට යටත් ව තිබිණි. නාථ දෙවිඳුගේ මුල් දේවාලය අවුරුදු දෙදහසක් පමණ පැරැණි පිලවල සියඹලා ගස අවට තිබී ඇත. යක්ෂයකු ලෙස අලුතින් දුම්බරට පැමිණි පිටියේ බණ්ඩාර දෙවි අතින් නාථ දෙවි පරාජය වී මහවැලි ගඟෙන් එතෙර වී හේවාහැටට පලාගොස් මහනුවර ධර්මරාජ කන්දට පසුබැස මහනුවර දළදා මැඳුර ඉදිරිපිට නාථ දේවාල බිමේ පසුව පදිංචි විය. රෝග සුව කිරීමේ බලයක් ඇති නාථ දෙවි මුල් කල මහායාන බෝධි සත්ත්වයකු ලෙස මුහුදුබඩ තොටුපළවල පුද ලබා ඇත. වැලිගම කුෂ්ඨරාජගල නාථ දෙවිගේ රෝග සුව කිරීමේ බලය පෙන්වන ප්‍රතිමාවක් ඇත. මහයාන බෝධිසත්ත්වයකු ලෙස ප්‍රකට වූ නාථ පසු කල මතු බුදුවන මෛත්‍රිය බෝධිසත්ත්වයන් යැයි වැරැදි විශ්වාසයක් පැතිර ගියේය.

උඩරට දෙවැනි රාජසිංහ රජු කල රජුට විරුද්ධව ඉතා රහසිගතව පෘතුගීසි සේනාංකයක් කටුගස්තොට හරහා මහවැලි ගඟ දිගේ උඩරටට ඇතුළු විය. ඉතා රහසිගතව සිදු වූ මෙම පෘතුගීසි ආක්‍රමණයේදී දෙවැනි රාජසිංහ රජුට මේ පිළිබඳව චරපුරුෂ තොරතුරු ලැබෙමින් පැවැතීමට විය. පිටියේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ රජු පෘතුගීසීන් පැරදවීමට පිටියේ දෙවිඳුගේ පිහිට ඉල්ලා බාර විය. මහවැලි ගඟ දිගේ ඉදිරියට ආ පෘතුගීසි හමුදාව ලේවැල්ල දෙසින් අරුප්පොළ බලා ඉතා රහසිගත අයුරින් ඉදිරියට ඇදෙන්නට විය.

කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු කල ලියැවී ඇති ‘පිටියේ සුරිඳු පුවත’ කාව්‍ය ග්‍රන්ථය අනුව එක් හිමිදිරි උදෑසනක පෘතුගීසීන් ලේවැල්ල තොටුපළට ළඟා වී ඇත. 

ගඟ දෙපස පැතිර තිබූ සුදු වැලිතලා ඉතා විසිතුරු විය. උදේ දීප්තිමත්ව පායා තිබූ හිරු පිටියේ දෙවිඳුගේ බලපෑමෙන් මොහොතින් අඳුරු වී අහස කළු වලාකුළින් පිරී තද අන්ධකාරයක් මැද පෘතුගීසි හමුදාව අතරමං විය. ‘පිටියේ සුරිඳු පුව’ කවි පොත අනුව අන්ධකාරය පැතිරයත්ම සිංහල හමුදාව ලේවැල්ල තොටුපළේදී පෘතුගීසි හමුදාව වට කළේය. දැඩි අන්ධකාරය මැද පෘතුගීසීන්ට කිසිවක් කළ නොහැකි විය. ඉතා කෙටි කලක් තුළ සිංහල හේවායන් අතින් පෘතුගීසි සේනාව මුළුමනින්ම විනාශ විය. ලේවැල්ල තොටුපළ දෙපස පැතිර තිබූ සුදු වැලි තලාව පෘතුගීසි ලෙයින් තද රතුපාට විය. ඒ නිසා මේ තොටුපළේ නම ඉන් පසු ‘ලේවැල්ල’ නමින් වෙනස්ව පැතිර ගියේය.ඉතා ප්‍රකට ගන්නෝරු සටන තරුණ දෙවැනි රාජසිංහ කුමරු දියෝගු ද මෙලෝ කැස්තේ‍රා් පරදවා මරා ජය ගත්තේ 1638දීය. ඊට පෙර දෙවැනි රාජසිංහ කුමරු යුද්ධයට පෙරහුරුව ලැබුවේ මේ අඹතැන්න හා ලේවැල්ල සටන්වලිනි. ඉන්පසු අඹතැන්න හා ලේවැල්ල සටන්වලදී ගන්නෝරු සටනට කුමරු පුහුණුව ලබා ගත්තේය. මහනුවර - කටුගස්තොට සිට අඹතැන්න පිගා ඔය ඉවුරේ පිහිටා ඇත. එහෙත් අඹතැන්න සටන සිදුවූ වර්ෂය පැහැදිලි නැත. අඹතැන්නට පෙර ලේවැල්ල සටන සිදුවිය. ඒ 1635 අවට සිදු වූ බව සිතිය හැකිය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 

එස්.කේ. ජයවර්ධන