28

කොළඹ

වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ විශාල ගින්නක්- අක්කර 50ක් පමණ විනාශ වෙලා

වැල්ලවාය බෝගහ්පතන මිරිස් ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් ග

09:07 AM May 24 2019

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

පෘථිවියට ඉතා සමීප ක්ෂුද්‍ර ග්‍රහයකු තුළින් ජීවයේ උපත ගැන තොරතුරක්

සැණකෙලිය

නාසා ආයතනය පොළොවට ඉතා සමීපව පිහිටි “බෙන්‍යු”  (Bennu)  නමැති ක්ෂුද්‍ර ග්‍රහයාගේ පිළිබඳ අධ්‍යයනයක් සඳහා “ඔසිරිස් -රෙක්ස්” අභ්‍යවකාශ ගවේෂණ යානය යොදාගත් අතර එම ක්ෂුද්‍ර ග්‍රහයේ පෘෂ්ඨයෙන් කුරුලු පෙඳ වැනි කිසියම් සියුම් ද්‍රව්‍යයක් නිතර පිටවන බව එම අධ්‍යයනයෙහි යෙදුණු නාසා විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එය තමන් බලාපොරොත්තු නොවූ සිද්ධියක් බවද ඔවුහු කියති. මෙම ක්ෂුද්‍ර ග්‍රහයාගේ පෘෂ්ඨයෙන් මතු වන ද්‍රව්‍යවල අපගේ ග්‍රහලෝකය නිර්මාණය වීමට පාදක වුණු ද්‍රව්‍ය අන්තර්ගත යැයි අදහස් කරන ලද බවත් විද්‍යාඥයන් කලින් හිතුවාටද වඩා එම ද්‍රව්‍ය පැරැණි බවත් දැන් ඔවුහු විශ්වාස කරති. එය වසර මිලියන 100 සිට බිලියනය දක්වා කාලයක් පැරැණි වියහැකි බවත් “බෙන්‍යු” ක්ෂුද්‍ර ග්‍රහයා ප්‍රධාන ක්ෂුද්‍ර ග්‍රහ තීරුවකින් ආරම්භ වූවක් විය හැකි බවත් ඔවුහු විශ්වාස කරති. 

ඔසිරිස්-රෙක්ස් අජටාකාශ ගවේෂණ යානය මඟින් බෙන්‍යු ක්ෂුද්‍ර ග්‍රහයා සම්බන්ධයෙන් සොයා ගැනුණු කරුණු ඇතුළත් පත්‍රිකා මාලාවක් නොබෝදා ප්‍රකාශයට පත්වූයේය. 

ක්ෂුද්‍ර ග්‍රහයා පිළිබඳ පර්යේෂණවලින් වැඩිම කොටස යොමු වූයේ එය දැක ගන්නට ලැබුණු මුල් මාස කීපය තුළදී එහි මතුවුණු කණිකා කෙරෙහිය. ඊට වඩා විස්මයජනක අන්කිසිවක් තම ගවේෂණයේදී දක්නට නොලැබිණැයි පර්යේෂකයෝ කීහ. සිය විද්‍යාඥ වෘත්තීය තුළ මීට වඩා මවිතකර අන් කිසිවක් තමාට හමු වූයේ නැතැයි ටස්කන්හි ඇරිෂෝනා විශ්වවිද්‍යාලයේ, ඔසිරිස් රෙක්ස් ගවේෂණයේ ප්‍රධාන ගවේෂක ඩාන්ටේ ලොරෙටා පැවැසීය. බෙන්‍යු ග්‍රහයාගේ ගොඩැලි සහිත රළු පෘෂ්ඨය සිය අනාවැකිවලට සහමුලින්ම පටහැනි වී ඇති බවද සඳහන් කළ ලොරේටා තමන්ගේ ඉමහත් විස්මයට හේතු වී තිබෙන බව ක්ෂුද්‍ර ග්‍රහයා වෙත යන ගමන දැන් සූදානම් වෙමින් තිබේ යැයිද පැවැසීය. විද්‍යාඥයන් බලාපොරොත්තු වුණාට වඩා ගල් කුළු බොහෝ ගණනක් මෙම ග්‍රහ පෘෂ්ඨයෙහි තිබෙන බව තහවුරු වී ඇති හෙයින් එය හුදෙක් නරඹා ආපසු පැමිණීමේ යෝජිත වැඩපිළිවෙළ වෙනස් විය යුතු යැයි ඔවුහු කියති. ඔසිරිස් රෙක්ස් ගවේෂණයේදී බෙන්‍යු ග්‍රහ පෘෂ්ඨයේ අඩි 82ක් පළල්  කොටසක මතුවන ද්‍රව්‍යවල නියැදි යානය මඟින් එකතු කර ගැනීමට කලක් සැලසුම් කරන ලද නමුත් ඒ සඳහා ඉලක්කගත බිම් කොටස කුඩා කිරීමට පසුව තීරණය විය. තමන් බෙන්‍යු වැනි ක්ෂුද්‍ර ග්‍රහයකු පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ උපත කෙසේ වූයේද යන්න උගෙනීමත් මිනිසා කොහි සිට මෙහි පැමිණියේද යන්න දැන ගැනීමත් සඳහා යැයි වොෂින්ටන් නාසා මූලස්ථානයේ ග්‍රහ විද්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ලෝරි ග්ලේශ් ප්‍රකාශ කරයි. 

බෙන්‍යු පෘෂ්ඨය පුරාම සජල ලෝහ විසිරී තිබෙන බවද මෙම ගවේෂණයේදී තහවුරු වී තිබේ. දීර්ඝ කාලයකට ඉහතදී මෙවැනි ක්ෂුද්‍ර ග්‍රහයකුගෙන් පොළොවට කාබන් මිශ්‍ර ද්‍රව්‍යයක් නිකුත් වී ඇතැයිද මෙම ගවේෂණයේදී පෙනී ගොස් ඇත. 

ජීවයේ ආරම්භය පිළිබඳ හෝඩුවාවක්ද බෙන්‍යු ග්‍රහයා තුළ තිබිය හැකි යැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ඒ අතර මෙය සෞරග්‍රහ මණ්ඩලයේම කොටසක් වශයෙන් අවුරුදු බිලියන 1.5කට ඉහතදී නිර්මාණය වී ඇතැයිද විද්‍යාඥයෝ විශ්වාස කරති. 

ඔසිරිස් - රෙක්ස් අභ්‍යවකාශ ගවේෂණ යානය විසින් 2016 සැප්තැම්බර් 8 වැනිදා පෙරදිග සම්මත වේලාවන් 19.05ට ඇට්ලස් වී රොකටය මුදා හරින ලද්දේය. බෙන්‍යු ක්ෂුද්‍ර ග්‍රහයාගේ විශේෂ ලක්ෂණ හා එහි අපේක්ෂා සහගත භූමි කොටසක්ද පිළිබඳ සුපරික්ෂාකාරී ගවේෂණයක යෙදීමෙන් අනතුරුව ඔසිරිස්-රෙක්ස් යානය එහි රොබෝ හස්තය උපයෝගී කොට ගෙන ක්ෂුද්‍ර ග්‍රහයා මත තිබෙන ද්‍රව්‍යවලින් අවුන්ස 2ත් 70ත් (ග්‍රෑම් 60 - 2000) අතර ප්‍රමාණයක් එකතු කර එම නියැදි යානයෙන් මුදා හැරිය හැකි කැප්සුලයක් මඟින් 2023දී පොළොවට  එවනු ලැබේ. 

බෙන්‍යු පෘෂ්ඨයේ විශේෂ ලක්ෂණ හැදෑරීම සඳහා ඒ මත අහසේ සැරිසරන ගවේෂණ යානය ඉන් අනතුරුව එය තප්පරයට අඟල් 4ක් පමණ වන ඉතාම සුළු වේගයකින් බෙන්‍යු අසලට පාත්වනු ඇත. 

ඔසිරිස් - රෙක්ස් ගවේෂණ යානයට ලේසර් උච්ච මානයක්ද ඇරිසෝනා විශ්වවිද්‍යාලය විසින් සැපයුණු කැමරා පද්ධතියක්ද වර්ණාවලි මානයක් හා දුර මැනීම සඳහා ගුවන් විදුලි තරංග වෙනුවට ආලෝකය යොදා ගන්නා ලිඩාර් (මෙය රේඩාර් සමානය) පද්ධතියක්ද ඇතුළත්ය. 


පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්