මධුෂ් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපතක් හිමි අයකු සිටීදැයි දැන ගැනීමට අත්අඩංගුවට ගත් අයගේ නාම ලේඛනයක් ඕනෑ

  👤  1095 readers have read this article !
By mawbima 2019-02-12

දෙනගම ධම්මික රණවීර


මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් අය අතර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි අයකු සිටිත්දැයි නිශ්චිතව දැන ගැනීමට තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගත් අයගේ නාම ලේඛනයක් ගෙන්වා ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කීවේය.


ඩුබායිහි පළවන 'කලිජ් ටයිම්ස්' පුවත්පත පසුගිය පෙබරවාරි 06 වැනිදා වාර්තා කොට තිබූ අන්දමට අත්අඩංගුවට ගත් අය අතර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි අයකු සිටින බව හෙළි වන බවද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon