කඹය හොඳයි: ඒත් තව කඹයක් ගෙන්වා ගන්න

  👤  2528 readers have read this article !
By mawbima 2019-02-12

කුමුදු උපුල් ශාන්ත

වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගසේ තිබෙන කඹය මරණීය දඬුවම ලත් පුද්ගලයන් එල්ලා මැරීමට සුදුසු තත්ත්වයේ පවතින බවත් එහෙත් විදේශීය රටකින් තවත් සුදුසු අමතර කඹයක් ගෙන්වා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

එම බන්ධනාගාරයේ දැනට තිබෙන කඹය මරණීය දඬුවම ලත් පුද්ගලයන් එල්ලා මරා දැමීමට සුදුසු තත්ත්වයේ පවතින්නේද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කර තිබූ ඉල්ලීමකට අනුව ප්‍රමිති ආයතනය ඒ බව දන්වා එවා තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමේදී බන්ධනාගාර අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ ප්‍රමිති ආයතනයේ දැනුම්දීමකට අනුව තිබෙන කඹයට අමතරව තවත් කඹයක් විදේශීය රටකින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon