අවුරුදු 32ක් තිස්සේ ලංකාවට ඉන්නේ අක්ෂි විශේෂඥයෝ 106යි

  👤  2526 readers have read this article !
By mawbima 2019-02-12

අනුරාධා හේරත්

අවුරුදු 32ක් තිස්සේ ලංකාවටම සිටින අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 106ක් බව අනාවරණය වේ.

මේ පිළිබඳ තොරතුරු හෙළි කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස 'මව්බිම'ට ප්‍රකාශ කළේ 1987 වසරේ සිට 2018 වනතුරු සිටි අක්ෂි විශේෂඥවරුන් ගණන 106ක් බවය.


ඒ අනුව නැඟෙනහිර පළාතට එකදු අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ නොමැත.

මන්ත්‍රිවරයා පැවැසුවේ එකී වෛද්‍යවරුන් 106න් රජය පාර්ශ්වය නියෝජනය කරන්නේ වෛද්‍යවරුන් 57ක් වන අතර ඉන් 27ක්ම සේවා ස්ථාන මාරු කළ නොහැකි අය බවය.

2020 වසරට අවශ්‍ය අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් ගණන් හදා බැලීම සිදුකර ඇතත් ඊට තවත් 49ක ප්‍රමාණයක් අඩු බව ඒ මහතා පෙන්වා දෙයි. වසරකට බඳවා ගන්නා වෛද්‍යවරු ප්‍රමාණය 14ක් බවද ඔහු කියා සිටී.


ඉහත කී වෛද්‍යවරු 106න් ජාතික රෝහලේ 11ක්ද රිජ්වේ ආර්යා රෝහලේ 1ක්ද දකුණු පළාතටම 9ක්ද උතුරු පළාතට 4ක්ද මධ්‍යමට 9ක්ද සබරගමුවට 3ක්ද වයඹට 5ක්ද උතුරුමැදට 3ක් හා උෟවට 3ක් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon