තනතුරෙන් පහකළ ජ පුර රෝහල් අධ්‍යක්‍ෂ බලෙන් වැඩ

  👤  2530 readers have read this article !
By mawbima 2019-02-12

ජේ.ටී. ද සිල්වා

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ස්ථාන මාරු කර ඇතත්, ඊයේ (11දා) දවස පුරාම ඔහු ජයවර්ධනපුර රෝහලෙන් ඉවත්ව නොගොස් සිය කාර්යාලය

තුළ රැඳී සිට ඇත.

ඔහු ජයවර්ධනපුර රෝහලේ ජාතික සේවක සංගමයේ ඇතැම් සාමාජිකයන්ගේ රැකවරණය ලබමින් මෙසේ සිය කාර්යාලය තුළ රැඳී සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

රෝහලේ සභාපතිවරයා විසින් එහි ආරක්ෂක අංශ ප්‍රධානියා වෙත ලිඛිත දැනුම්දීමක් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා ස්ථානමාරු කර ඇති බැවින් ඔහුට සිය කාර්යාලයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස දැනුම් දී තිබුණද අධ්‍යක්ෂවරයා ඊයේ උදෑසනම රෝහලට ඇතුළු වී සිය කාමරය වෙත පැමිණ සුපුරුදු පරිදි එහි රැඳී සිටි බව වාර්තා වේ.

පරිපාලන හේතු මත එම අධ්‍යක්ෂවරයා තනතුරෙන් ඉවත් කර රිජ්වේ ළමා රෝහලට ස්ථානමාරු කරන බව ඔහුට එවා ඇති ස්ථාන මාරු ලිපියෙහි සඳහන්ව ඇතැයිද දැනගන්නට ඇත.

රෝහලේ අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය තිබෙන දෙවැනි මහලේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (11දා) උදේ සිටම රඳවා සිටි බවද වාර්තා වේ.

කාර්යාල වේලාව අවසන් වන තෙක්ම රෝහලේ අධ්‍යක්ෂවරයා සිය කාමරය තුළ රැඳී සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

පස්වරු 5.00ට පමණ ඔහු පිටව යන අවස්ථාවේදී රෝහල් සේවකයෝ රෝහල් ගේට්ටුව අසල සිට රතිඤ්ඤා පත්තුකරමින් සතුටු වූ බවද එම ආරංචිමාර්ග පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon