මැතිසබය විසුරුවීම ගැන නඩු තීන්දුව ලෝක ප්‍රසිද්ධ වෙලා

  👤  2531 readers have read this article !
By mawbima 2019-02-12

ශිරාන්

රණසිංහ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව මෙරට ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව මේ වනවිට පාකිස්තානය හා එංගලන්තය ඇතුළු රටවල් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නිසා මෙරට ශේ‍ර්ෂ්ඨාධිකරණයට විශාල කීර්තියක් ලැබී ඇතැයිද මේ වනවිට එය ලෝක ප්‍රසිද්ධ නඩු තීන්දුවක් බවට පත්ව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා කියා සිටී.

මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු මාරු කිරීමේදී ශ්‍රී ලංකාවේ නඩු තීන්දුව ආදර්ශයට ගන්නා බවට වාර්තා වී ඇතැයිද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මෙම සාධාරණය ඉටු වූයේ යැයිද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon