චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්න විමර්ශන

  👤  2523 readers have read this article !
By mawbima 2019-02-12

චාමර අමරසූරිය,
දෙමෝදර _ ජයලත් දිසානායක

බණ්ඩාරවෙල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහර දීමේ චෝදනාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය ඊයේ (11දා) අධිකරණයට කරුණු දක්වා තිබේ.

රියදුරු මේ මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් ගතකොට තිබේ.

එසේම අදාළ මන්ත්‍රිවරයාගේ රියැදුරුද බණ්ඩාරවෙල පොලිසිය මඟින් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

එම රියැදුරුද තමාට පොලිස් නිලධාරීන් පහරදුන් බව පවසමින් දියතලාව රෝහල වෙත ඇතුළත් වී තිබේ.

එම රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන නෛතික ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය පොලිස් පාර්ලිමේන්තු කොට්ඨාසය හරහා කථානායකවරයාද දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.

බණ්ඩාරවෙල නගරයේ පෙරේදා (10දා) පස්වරුවේ සිදු වූ මෙම පහරදීමෙන් පොලිස් කොස්තාපල්වරයාද බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථයට පොලිස් ජීප් රිය ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා නොදීමේ සිද්ධියකට අදාළව මෙම පහර දීම සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයාගේ රියැදුරු ඊයේ (11දා) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon