චීන ජාතික අයියයි - නංගියි අයිස් විකුණන්න ගිහින් මාට්ටු

  👤  2533 readers have read this article !
By mawbima 2019-02-12

අමිල අබේරත්න

'අයිස්' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගත් චීන ජාතිකයන් දෙදෙනකු ලබන සිකුරාදා (15දා) වන තෙක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (11දා) අවසර ලබාදුන්නේය.

කොල්ලුපිටිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත මහෙස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබාදෙනු ලැබිණි.

'අයිස්' නමැති මත්ද්‍රව්‍ය සමාජශාලාවල අලෙවි කිරීම සඳහා කොල්ලුපිටියේ පිහිටි නිවෙසක සන්තකයේ තබාගෙන සිටියදී කොල්ලුපිටිය පොලිසියට ලැබුණු ඔත්තුවක් මත අදාළ පුද්ගලයන් පෙරේදා (10දා) අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ අයිස් මිලිග්‍රෑම් 20ක් සහ ගංජා ග්‍රෑම් 1200ක ප්‍රමාණයක් තිබී ඇත.

අදාළ පුද්ගලයා 'සුයිම්වාවෝ' නමැති චීන ජාතිකයකු වන අතර කාන්තාව ඔහුගේ සහෝදරිය වන 'ඩෝලි වෙයි' නමැත්තියකි.

ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ අයිස් ජාවාරමේ නිරත ප්‍රධානීන් දෙදෙනා බවට පොලිසිය සැක කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon