රාජ්‍ය අංශයේ දූෂණ හා වංචා සියල්ල හෙළි කරනවා

  👤  2527 readers have read this article !
By mawbima 2019-02-12

නුවන් හෙට්ටිආරච්චි

රාජ්‍ය අංශයේ දූෂණය හා වංචා හෙළි කිරීමට ඇමැතිවරුන්ගේ අවසර ලැබුණද නොලැබුණද දිගමට සිදු කරන බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපෙනේ සුමංගල හිමියෝ පවසති.

රාජ්‍ය අංශයේ පසුගිය කාලය තුළ වැඩි වශයෙන් වංචා හා දුෂණ හෙළි වූයේ මහ බැංකුවේ වුවද දෙවැනි තැන මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය බවත් එම රාජ්‍ය අංශය ඇතුළු තවත් අංශවල දූෂණ වංචා හත්සියයක් පමණ පැමිණිලි කළ බවත් පෙන්වා දෙන එම හිමියෝ සඳහන් කරන්නේ සියලුම පැමිණිලිවල නිවැරැදි තොරතුරු ලැබී තිබියදී කිසිදු පැමිණිල්ලක් මෙතෙක් විභාග නොකළ බවයි.

එසේම අද වන විට මත්ද්‍රව්‍ය හා මත්කුඩු අත්අඩංගුවට ගැනීම කොයිතරම් ප්‍රශස්ත මට්ටමක පැවතියද ඒවා විනාශ කිරීම පිළිබඳව විශාල දූෂණ අක්‍රමිකතා පවතින බවත් එම හිමියෝ පැවැසූහ.

එම නිසා රාජ්‍ය අංශය නියෝජනය කරන අමාත්‍යවරුන් පිළිබඳව හා ජනපති, අගමැති පිළිබඳවත් කිසිදු ප්‍රසාදයක් දූෂණ වංචා පිළිබඳව නීති ක්‍රියාමාර්ග ගන්නේ යැයි අදහසක් තමන් වහන්සේට නොමැති බවත් මෙතෙක් ඉතිහාසය පුරාම එසේ දූෂණ වංචා පිළිබ¼දව කිසිදු රජයක් නිසි පියවර නොගෙන ඇති බවත් එම හිමියෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon