සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක ඉල්ලා අස්වෙයි

  👤  2524 readers have read this article !
By mawbima 2019-02-12

අනුරාධා හේරත්

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධුරයෙන් අසේල සම්පත් මහතා ඉල්ලා අස්වී තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ දින කිහිපය තුළ අඩු කළ ආහාර මිලට සාපේක්‍ෂව තම සංගමයද ආහාරවල මිල අඩු කිරීමට කටයුතු කළ බවත් ඊට විවිධ පාර්ශ්ව විරුද්ධ වූ අතර තමාට මරණ තර්ජන එල්ලවූ බවත් අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව තමාට එල්ලවූ මරණ තර්ජන හමුවේ සිය ධුරයෙන් ඉවත්වූ බව පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ආපනශාලාවලට සහ හෝටල් සඳහා දඩ ගසා පාරිභෝගික අධිකාරිය වසරකට රුපියල් කෝටි නවයක ආදායමක් ලබා ගන්නා අතර තම සංගමය මැදිහත්වී හෝටල් නවීකරණය කිරීම මඟින් එම දඩ ආදායම ආණ්ඩුවට නොමැතිවීමද ඔවුන්ට බලපෑ බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon