හතළිස් වසරකට පෙර මගී ප්‍රවාහන සේවයට රජයේ දායකත්වය 100%ක්

  👤  2527 readers have read this article !
By mawbima 2019-02-12

ආරියරත්න ගනේගොඩ

හතළිස් වසරකට පෙර මගී ප්‍රවාහන සේවය සදහා රජයේ දායකත්වය 100%ක් බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

අදාළ 28%ක ප්‍රමාණයක් දුම්රිය සේවය මඟින් ලබාදෙන බවත් 23%ක් ලංගමය විසින් ලබාදෙනු බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා 'මව්බිම'ට පැවැසීය.

පසුගිය වසරේදී ලංගමයට අලුතින් බස් රථ දෙදහසක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති නමුත් එම පොරොන්දු මෙතෙක් ඉටුකර නොමැති බවද ඒ මහතා සඳහන් කළේය. මේ නිසා පුනරාවර්තන වියදම ලෙස හා ප්‍රාග්ධන වියදම් ලෙස මෙවර අය - වැයෙන් රුපියල් මිලියන තිස්හතර දහසක් වෙන් කරන ලෙසට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද හෙතෙම පැවැසීය.

ලංකා ගමනාගමන මණ්ඩලය සතුව මේ වනවිට බස් රථ හත්දහසකට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් එම ප්‍රමාණයෙන් ධාවනයට සුදුසු තත්ත්වයේ බස් රථ තිබෙන්නේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් බවද ලියනගේ මහතා පවසා සිටියේය.

එසේම බස් රථ පන්දහසෙන් පවා දෛනිකව ධාවනය වන්නේ බස් රථ හාරදහස් පන්සියයත් _ හත්සියයත් අතර ප්‍රමාණයක් බවත් මේ අනුව ලංගම දිනෙන් දිනම කඩා වැටෙමින් තිබෙන බවත් සේපාල ලියනගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon