මා පාර්ලිමේන්තු මැති සබය තුළ කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් කළේ නෑ

  👤  2536 readers have read this article !
By mawbima 2019-02-12

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජුල

තමා පාර්ලිමේන්තු මැති සබය තුළ කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොකළ බවත් තමා හැම විටම ක්‍රියා කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නීති විරෝධී ලෙස සම්ප්‍රදායට පටහැනි ආකාරයෙන් ගෙන යන විට ඊට විරුද්ධ වීම ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහජන නියෝජිතයකුගේ අයිතියක් බවත් ඒ අනුව ක්‍රියා කළ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට නඩු පැවැරීමේ තීරණය පිළිනොගන්නා බවත් ප්‍රසන්න රණවීර පෙන්වා දෙයි.

විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට චෝදනා කිරීමට පෙර මුලින්ම මැති සබයට පිහි රැගෙන පැමිණි නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගත යුතු බවත් එසේ නොකොට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් පළිගන්නා මෙම කමිටුව වරප්‍රසාද කමිටුව නොව පළිගැනීමේ කමිටුව වශයෙන් හැඳින්වීමට හැකි බව ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon