අගමැති රනිල් සමඟ සාකච්ඡා කර තීරණයකට එන බව කිරිඇල්ල කියයි

  👤  2532 readers have read this article !
By mawbima 2019-02-12

හර්ෂනී අර්සකුලරත්න

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළැඹෙන බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පළාත් සභා මැතිවරණය සඳහා වූ පනතේ කොටසක් පමණක් මේ වන විට සම්මත වී ඇති තත්ත්වයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් තවත් පනතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත විය යුතුව පවතින බවද ඇමැතිවරයා කීවේය.

පැරැණි ක්‍රමයට හෝ මැතිවරණය පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය සෑම විටම ප්‍රකාශ කළ බවත් පළාත් සභා මැතිවරණයට කල් යෑමට එජාපය වගකිව යුතු බව ඇතැමුන් ප්‍රකාශ කිරීම සත්‍යය වසන් කිරීමක් බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ක්‍රමයට මැතිවරණ තැබිය යුතු බව දිගින් දිගටම පැවැසීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් ගොස් ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon