නව යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම්වල ගාංචුවේ වර්ගය ගැටලුකාරියි

  👤  2537 readers have read this article !
By mawbima 2019-02-12

උදයන්ති මුණසිංහ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබෙන සියලුම නව යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම්වල ගාංචුවේ වර්ගය මේ වන විට ගැටලුකාරි ඩබල් ඩී රින්ග් (ඤධභඡතඥ ච් පඪදඨ) බවට පත්වෙමින් තිබෙන බවට යතුරුපැදිකරුවන්ගෙන් පැමිණිලි ලැබෙන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ සඳහන් කරන්නේ මෙය ඉහළ ප්‍රමිතියක ගාංචුවක් වුවත් එය නිසි ආකාරව පැලඳීම යතුරුපැදි ක්‍රීඩා කරන අයටද දුෂ්කර ක්‍රියාවක් බව යතුරුපැදි ධාවන ක්‍රීඩකයන් තම සංගමය දැනුවත් කළ බවයි.

මෙරට යතුරුපැදිකරුවන් නියෝජනය කරන තම සංගමයේ කිසිදු අනුදැනුමකින් තොරව ආරක්ෂිත හිස්වැසුම්වල ගාංචුවේ වර්ගය වෙනස් කිරීමට හිස්වැසුම් නිෂ්පාදකයන්ට අනුමැතිය ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෙරෙහි තම සංගමයේ බලවත් විරෝධය පළ කරන බවද හෙතෙම කියයි.

ඇමෙරිකාවේ හිස්වැසුම් පරීක්ෂණ ආයතනය විසින් කරන ලද පරීක්ෂණයකට අනුව, ප්‍රමිතිගත සාමාන්‍ය හිස්වැසුමක් අනතුරකදී ගැලවී යෑමේ ප්‍රවණතාව 66%ක් බවත් ෆුල්ෆේස් හිස්වැසුමක් ගැලවී යෑමේ ප්‍රවණතාව 0.8%ක් බවත් පෙන්වා දෙන ඔහු තවදුරටත් පැවසුවේ ගැලවී යෑමේ ප්‍රවණතාව ගාංචුව වෙනස් කර විසඳිය නොහැකි බවයි.

යතුරුපැදිකරුවන්ගේ ප්‍රශ්නයක් විසඳීමට කටයුතු කළ යුත්තේ යතුරුපැදිකරුවන් පිළිබඳ විශේෂත්ව දැනුමක් ඇති පුද්ගලයන් සමඟ බවත් එසේ නොවුණහොත් සිදුවන්නේ මහ විනාශයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon