මට අවශ්‍ය ලංකාවේ භූමි පුත්‍රයෝ දාහක් නිර්මාණය කරන්නයි

  👤  2546 readers have read this article !
By mawbima 2019-02-12

නුවන් හෙට්ටිආරච්චි

මැලේසියා ජනතා නායකයා භූමි පුත්‍ර සංකල්පය යටතේ රටට ආදරය කරන ව්‍යවසායකයන් දහස් ගණනක් නිර්මාණය කළා මෙන් ලංකා භූමි පුත්‍රයෝ දහසක් නිර්මාණය කිරීමට කැපවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පොල් සංවර්ධන අධිකාරිය එක්ව අනුරාධපුර, ඉපලෝගම, හිරිපිටියාගම සහ කාගම පාර යන ස්ථානවල ඉදිකළ දිසිදි පොල් කාර්මාන ශාලා විවෘත කිරීමේ අවස්ථාවේදීය.

අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

පොල් කියන්නේ අද සුපර් ෆූඩ් එකක්. විශේෂිත වූ ආහාරයක්. බටහිර ලෝකයේ පොල්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. පද්මලාල් මහතා කරන නිෂ්පාදන අපි දැක්කා. ඒවා ඉතාමත් කාලෝචිත නිෂ්පාදන. ඔහු අපේ රටට සම්පතක්. අපේ රටින් ඉගෙන ගෙන විදේශගත වුණත් ලංකාව අමතක නොකළ සැබෑ භූමි පුත්‍රයෙක්. ඒකයි මුල අමතක නොකර මෙවැනි කර්කශ ප්‍රදේශයකට ඇවිත්, දුගී දුප්පත් අපේ අසරණ ජනතාවගේ විරැකියා ගැටලුවක් විසඳමින් මේ කර්මාන්ත ශාලාව නිර්මාණය කරන්නේ.

මාඕ සේතුන්ගේ ප්‍රාර්ථනය මල් දාහක් පිපේවා යනුවෙනි. මගේ දර්ශනයත් ඒකයි. මටත් ඕනේ මේ ලංකාවේ භූමි පුත්‍රයෝ දාහක් නිර්මාණය කරන්නයි. ඒ දාහකින් එක්කෙනෙක් පද්මලාල් මහතා. අපි මේ ලංකාවේ භූමි පුත්‍රයෝ 1000කට පිපෙන්නට අවකාශය ලබා දෙන්න ඔවුන් හරහා ආර්ථික වර්ධනයක් ඇති කරන්න දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට තෝරා ගෙන ඒ භූමි පුත්‍රයන්ට අවශ්‍ය බැංකු පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ හරහා ඉතාමත් ඉක්මනින් මේ රට දියුණු කරන්න අපිට පුළුවන් වේවි.

2015 පොල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැදගත් තීරණ අර ගත්තා. විශේෂයෙන්ම දිසිදි පොල් කර්මාන්තය පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික් දෙකට සීමා වෙලා තිබුණේ. නමුත් ඒ සීමාව විවිධ මත භේද හමුවේ බිඳ දැමුවා. දිසිදි පොල් කර්මාන්තකරුවන් 53 දෙනෙක් මේ දිස්ත්‍රික්ක දෙකේ හිටියා. ඔවුන් අපට දැඩි ලෙස කීවා මේ කර්මාන්ත 53ට අමතරව දිසිදි පොල් කර්මාන්තයට තවත් බලපත්‍ර දෙන්න එපා කියලා. ඔවුන් නොයෙකුත් බලපෑම් කරලා දැඩි ලෙස ඒ තීරණයේ හිටියේ.

නමුත් මම ඇමැති වෙලා මාසෙකින් ඒ තීරණය වෙනස් කළා. තව දිසිදි පොල් කර්මාන්ත ශාලා දෙකක් ඇති කරන්න මට අවසරය ලබා දුන්නා. සමහර අය ඒකට අකැමැති වුණත් අෑත දුෂ්කර දරිද්‍රතාවයෙන් පෙළෙන දිස්ත්‍රික්කවලට දිසිදි පොල් කර්මාන්ත ගෙනියන්න මම තීරණය කළා. එම නිසා යාපනය, නැඟෙනහිරට මෙන්ම හම්බන්තොටට, අනුරාධපුරයටත් දිසිදි පොල් කර්මාන්ත ශාලා ගෙනියනවා. සන්මික් ආයතනයේ සභාපති ඇතුළු පිරිස අනුරාධපුරයේ දිසිදි පොල් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න කැමැති වුණා. ඉතින් අපිට අද පෙනෙන්නේ ස්පර්ශ වෙන්නේ ඒ ගත්ත තීරණයයි.

අද විවෘත වන කර්මාන්ත ශාලාවට රුපියල් මිලියන 500ක් පමණ වියදම් වෙලා තියෙනවා. මෙය මුළු පළාතටම විශාල ආලෝකයක්. රැකියා 160 ගණනක් නිර්මාණය වෙනවා. පවුල් 160 ගණනක් මේ ආයතනයෙන් ජීවත් වෙනවා. ඊට අමතරව සෙසු කර්මාන්තවලටත් මෙය රුකුලක් වෙනවා. ඉතින් මම හිතන්නේ මෙවැනි දේවල් හරහා තමයි අපි ආර්ථික කළමනාකරණය කළ යුත්තේ. මේක තමයි සංවර්ධනය කියන්නේ.

මම හිතනවා යම්කිසි දෙයක් පටන් ගත්තහම එහි යම් පැවැත්මක් තියෙන්න අවශ්‍යයි. මම හිතනවා ආයතනයේ කළමනාකාරීත්වයේ අත්දැකීම්වලින් දූරදර්ශීභාවය තුළින්ද පද්මලාල් මැතිතුමා ජාත්‍යන්තරය ජයගත් කෙනෙක්. ඒ නිසා මේ කර්මාන්ත ශාලාව ඉහළ තලයකට ගෙන යෑමට එතුමාට හැකි වෙයි කියලා.

දේශගුණික විපර්යාස නිසා අපේ කෘෂි කර්මාන්තයට ඉදිරියේදී කුමක් වේදැයි අපි දැන්ම ඇසිය යුතුයි. ඒ සඳහා ක්‍රියාමාර්ග සොයාගත යුතුයි. ඒ නිසා ඉථචපබ ඒඨපඪජභතබභපඥ බුද්ධිමත් කෘෂි කර්මාන්තයට අපි යා යුතුයි. කෘෂි කර්මාන්තය තාක්ෂණයත් සමඟ ගැබ් විය යුතුයි. අපි ඊශ්‍රායලය වැනි රටක් දිහා බලලා අපේ කෘෂි අංශය දියුණු කළ යුතුයි. අපිට ඉදිරියේදී විශාල අභියෝග තියෙනවා. ඒ අභියෝග අපි එකට එක්ව ජය ගත යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon