අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු ජනරජ දිනය සැමරේ

  👤  2526 readers have read this article !
By mawbima 2019-02-12

ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය විසින් සංවිධානය කරන ලද ඉන්දියානු 70 වැනි ජනරජ දිනය සහ ශ්‍රී ලංකා 71 වැනි ජාතික දිනය සමරමින් පවත්වන ලද උත්සවය 10 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවට මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සභාපති පී.එස්. ප්‍රකාශ්, ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ හිටපු සභාපති චන්ද්‍රා සාෆ්ටර් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon