අසාධාරණ විවේචන නිසා කනස්සල්ලට මෙන්ම අප අධෛර්යට පත් වෙනවා
අසාධාරණ විවේචන හේතුවෙන් අප කනස්සල්ලට පත්වනවා පමණක් නොව එමඟින් අප අධෛර්යවත්වීමටද ලක්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය එන්.ඩී. උඩගම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් එවමින් ප්‍රකාශ කොට තිබේ.
ඉකුත් 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් එම ලිපිය යවනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයේදී වෙනත් විෂයයන්ට අමතරව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳවද කරුණු ඉදිරිපත් කළ බවත් කොමිෂන් සභාව නිරීක්ෂණය කළ බවත්, එම ප්‍රකාශය කෙරෙහි මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල පළකර සිටින බවත් එම ලිපිය මඟින් දක්වා ඇත.
ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාවක් රටකට වැදගත් වන්නේ රටෙහි සෑම ජන කොටසකගේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැව් පැහැදිලි කරුණක් යැයිද එවැනි ජනකොටස් අතරට සමාජය විසින් කොන් කරන ජන කොටස්ද අයත් වන්නේ ශිෂ්ට සම්පන්න හා ප්රජාතාන්ත්රීය සමාජයක තිබිය යුතු මූලික ලක්ෂණයක් වන මනුෂ්‍යත්වය තහවුරු කිරීම වන බව එම ලිපිය මඟින් පෙන්වාදී ඇත.
එහෙයින් මානව හිමිකම් කොමිෂන් සභාව රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හා දඬුවම් විධික්රම පිළිබඳව මානව හිමිකම් නීතිය ආශ්රයෙන් කරුණු ඉදිරිපත් කරන විට එයින් අපරාධකරුවන් ආරක්ෂාවීම අරමුණු වන්නේ යැයි අර්ථ නිරූපණය කිරීම නිරන්තරයෙන් ඉස්මතු වන වැරැදි වැටහීමක් වන බවද ලිපියෙහි දැක්වේ.
සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන මූලධර්මය හා රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නීතිය සලකා බැලීමේදී එලෙස සිතීම අසාධාරණ බැව් ඔබතුමා පිළිගන්නවා ඇතැයි අපි විශ්වාස කරමු යැයිද එම ලිපියෙහි සඳහන් වෙයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රමාද නිසා මාලි රාජ්‍යයේ ස්ථානගත කර සිටි ශ්‍රී ලංකා භට පිරිස් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රමාද වූයේ යැයි යන්න කිසිසේත්ම නිවැරැදි නොවන බව දන්වන බවද එම ලිපියේ සඳහන්ය.
පසුගිය වසර තුනක කාලය පුරා අප විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ගෞරවය හා විශ්වසනීයත්වය ගොඩනඟා ගැනීම සඳහා බෙහෙවින් කැපවී කටයුතු කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අප මානව හිමිකම් කොමිෂන් සභාවට විශිෂ්ට ශේ්‍රණියේ ජාත්‍යන්තර ඇගැයීමක් 2018 වසරේදී ජාතික මානව හිමිකම් ආයතන සඳහාවූ ගෝලීය සංසදය විසින් ප්රදානය කළ බවද එම ලිපිය මඟින් පෙන්වාදී ඇත.
අප කෙරෙහි එල්ල වන සාධාරණ විවේචන අප අගය කරන අතර, එය අපගේ අනාගත වර්ධනයට සහ ප්‍රගතියට මංපෙත් සැලසීමක් වන බවත්, රටට යහපතක් සිදුවන්නේද එවැනි අවස්ථාවලදී බව අපගේ විශ්වාසය බවත් සඳහන් කර ඇති එම ලිපියෙහි ඔබතුමාගේ අනාගත සහයෝගය අප ඉතා අගය කරන්නෙමු යැයිද සඳහන් කර ඇත.
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19