බැඩ්මින්ටන් තරගාවලියේ අයැදුම්පත් 18දා අවසන්

  👤  2528 readers have read this article !
By mawbima 2019-02-12

දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමයේ අධීක්‍ෂණය යටතේ ගුත්තිල එදිරිසූරිය මහතා සංවිධානය කරනු ලබන "ස්මෑෂ් ඉන් රුහුණ" වයස් කාණ්ඩ දීපව්‍යාප්ත බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

දෙවැනි වරටත් පවත්වනු ලබන මෙම බැඩ්මින්ටන් තරගාවලියේදී වයස අවුරුදු 9න්, 11න්, 13න්, 15න්, 17න් හා 19න් පහළ වයස් කාණ්ඩ මෙන්ම අවුරුදු 40න් හා 50න් ඉහළ වයස් කාණ්ඩ සඳහාද තරග පැවැත්වේ.
එහිදී අවුරුදු 11න් පහළ තරගාවලියේ කේවල ඉසව් පමණක් පැවැත්වෙන නමුත් සෙසු ඉසව් සඳහා කේවල, යුගල, මිශ්‍ර යුගල ඉසව් පැවැත්වේ.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට කුසලාන හා සහතිකපත්වලට අමතරව මුදල් ත්‍යාගද පිරිනැමෙන බවත්, අයැදුම්පත් එවිය හැකි අවසන් දිනය පෙබරවාරි මස 18න් අවසන් වන බවත්, තරගාවලියේ ප්‍රධාන සංවිධායක ගුත්තිල එදිරිසූරිය මහතා පවසයි. කෙසේ වෙතත් 19 වැනිදා පෝය දිනයක්ව ඇති බැවින් ඊට පසු දිනද (20දා) අයැදුම්පත් භාරගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඵථචඵඩඪදපභඩභදච ෆේස් බුක් ගිණුමෙන් අයැදුම්පත් ලබාගත හැකි අතර, 0772862788 හා 0718152370 යන දුරකතන අංකවලින් ගුත්තිල එදිරිසූරිය මහතා අමතා වැඩි විස්තර ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon