දෙවැනි කොටසේ පළමු ලකුණු දහස සොහාන්ගෙන්

  👤  2533 readers have read this article !
By mawbima 2019-02-12

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මෙවර පළමු ලකුණු දහස සම්පූර්ණ කිරීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ කවිඳු සොහාන් ද ලිවේරා පසුගියදා සමත්විය.

කඩුලු රැකීමේ කාර්යය සිදුකරමින් කණ්ඩායම මෙහෙයවීමේ වගකීමේද නිරත වන මෙම වමත් පිතිකරුවා මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ලකුණ දහස ලබාගැනීම සඳහා ශතක 2ක් හා අර්ධ ශතක 8ක් ඇතුළත් කර ඇති අතර, අම්බලන්ගොඩ පී. කුලරත්න විදුහල් කණ්ඩායමට එරෙහිව ලබා ඇති ලකුණු 138 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවටද පත්ව තිබේ.

නොකඩවා අවස්ථා දෙකකදී හොඳම පන්දු රකින්නා ලෙස සම්මාන දිනා ඇති සොහාන්ගේ වර්තමාන පුහුණුකරුවා ලෙස පී.මිල්ටන් මහතා පත්ව සිටී.

දේවානන්ද විදුහලේ හිටපු පුහුණුකරුවකු වන සුරාජ් සංජීව මහතාට විශේෂ ස්තුතියක් පුද කරන සොහාන්ගේ අපේක්‍ෂාව වී ඇත්තේ අධ්‍යාපනයද සමසේ පවත්වා ගනිමින් ක්‍රිකට්වලින් ඉදිරියට යෑමය. වර්තමාන පුහුණුකරු පී. මිල්ටන් මහතාට අමතරව විද්‍යාලයේ විදුහල්පති එස්.සූරියාරච්චි, රෝහණ චන්ද්‍රකාන්ත, පත්මසිරි පින්නදූව ශි්‍රයාන් හේවාවසම් යන මහත්වරුන් තමන් පැමිණි මෙම ගමනට උදවු උපකාර ලබා දුන් බවද කවිඳු සොහාන් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon