කොළඹ ආනන්දයේ සෙනුරට ශූරතා දෙකක්

  👤  2531 readers have read this article !
By mawbima 2019-02-12

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ

අධීක්ෂණය යටතේ මහනුවර දිස්ත්‍රික් මේසපන්දු සංගමය විසින් පළමුවරට සංවිධානය කරන ලද පුරපති කුසලාන සමස්ත ලංකා මේසපන්දු ශූරතා තරගාවලියේ පිරිමි ශූරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රිෂාන් වික්‍රමරත්න විසින් දිනා ගන්නා ලද අතර, එහි කාන්තා ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ එරන්දි වරුසවිතාන සමත් වූවාය.

වයස් කාණ්ඩ 6ක් යටතේ මහනුවර ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී අවුරුදු 21න් පහළ ශූරයා ලෙසින් මොරටුව විශ්වවිද්‍යාලයේ සුපුන වරුසවිතාන සම්මාන දිනා ගන්නා ලද අතර එම වයස් කාණ්ඩයේ කාන්තා ශූරතාව කොළඹ විශාකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දුට හිමි විය.

වයස අවුරුදු 18න් පහළ බාලිකා අවසන් තරගයේදී මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ තනුෂි රුද්‍රිගු තරග වට 3-2ක් ලෙසින් පරාජයට පත් කළ කොළඹ විශාකා විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර එහි ශූරතාව දිනා ගත් අතර, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හිරුණ වරුසවිතාන තරග වට 3-1කින් පරාජයට පත් කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා එම වයස් කාණ්ඩයේ බාලක ශූරතාවට හිමිකම් කීවේය. තවද වයස අවුරුදු 15න් පහළ ශූරයා ලෙසින්ද සෙනුර සිල්වා සම්මාන දිනා ගැනීම කැපී පෙනුණු අතර මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර එම වයස් කාණ්ඩයේ ශූරිය ලෙසින් සම්මාන දිනා ගත්තාය.

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ රසිඳු ජයසුන්දර වයස අවුරුදු 12න් පහළ ශූරයා ලෙසින් ද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිව්‍යා ධරණි එම වයස් කාණ්ඩයේ ශූරිය ලෙසින් සම්මාන දිනා ගත් අතර, අල් හිදා ජාත්‍යන්තර පාසලේ ශයිෆුල්ලා අක්‍රම් වයස අවුරුදු 10න් පහළ ශූරයා ලෙසින් සහ කොළඹ මියුසියස් විද්‍යාලයේ සඳිති ජයසිංහ එහි ශූරිය ලෙසින් ද සම්මාන දිනා ගත්තාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon