මැතිවරණයක් ආවොත් එජාප නව සන්ධානය කරළියට

  👤  2543 readers have read this article !
By mawbima 2019-02-12

ශිරාන් රණසිංහ

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවීමට අදාළ සාකච්ඡා අවසන් කර සම්මුතිවලට එළැඹ සිටින බැවින් මැතිවරණයක් පැවැත්වෙන ඕනෑම මොහොතක නව සන්ධානය කරළියට ගෙන එන බව එ.ජා.ප. උප නායක ඇමැති රවි කරුණානායක මහතා 'මව්බිම'ට පැවැසීය.මේ නව සන්ධානය සඳහා දැනට එක්සත් ජාතික පෙරමුණ සමඟ සිටින පක්‍ෂවලට අමතරව තවත් පක්‍ෂ කිහිපයක්ම එකතු වී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

ඊළඟ මැතිවරණය කුමක්ද යන්න තවමත් අවසාන තීරණයකට එළැඹ නැතැයිද මුලින් පළාත් සභාද ජනාධිපතිවරණයද යන්න ඉදිරි කාලයේදී තීරණය වනු ඇතැයිද එ.ජා.ප. උප නායක ඇමැති රවි කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පක්‍ෂයේ ප්‍රධානීන් හා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර තවදුරටත් සාකච්ඡා සිදුවන බවද ඔහු කියා සිටියේය. ඕනෑම මැතිවරණයකට එ.ජා.ප.ය සූදානමින් සිටින බවද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon