විගණන පනත ගැන දැනුවත් කරන්න නිලධාරීන් 45කට කුකුළේගඟදී සම්මන්ත්‍රණයක් පවත්වලා

  👤  2543 readers have read this article !
By mawbima 2019-02-12

ශිරාන් රණසිංහ

ජාතික විගණන කොමිසම බලගැන්වූ පසු විගණන අධිකාරිවරු හා විගණන පරීක්‍ෂකවරු හතළිස් පස් දෙනකු කුකුළේගඟ ප්‍රදේශයේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවකදී 'පනත'
පිළිබඳව දැනුවත් කිරීමට රුපියල් ලක්‍ෂ 12ක පමණ මුදලක් වැයකර ඇතැයි විගණන නිලධාරීහු පවසති.

මහ භාණ්ඩාගාරය, රේගුව ඇතුළු ප්‍රධාන ආයතනවල තෝරාගත් නිලධාරීන්ට 'විගණන පනත' පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පසුගියදා පැවැත්වීම කිසි වරදක් නොමැති වුවද රුපියල් ලක්‍ෂ 12ක පමණ මුදලක් වැයකර විගණන නිලධාරීන්ව දැනුවත් කිරීමට ඔවුන්ව කුකුළේගඟ ප්‍රදේශයට රැගෙන යෑම අනවශ්‍ය දෙයකැයි විගණන නිලධාරීහු කියති.

විගණන දෙපාර්තමේන්තුව තුළ සේවය කරන විගණන අධිකාරිවරු හා විගණන පරීක්‍ෂකවරුන්ට අලුතින් පනත පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය නම් එය රජයේ විගණන දෙපාර්තමේන්තුව තුළම කළ හැකිව තිබූ බවද ඔවුහු කියති. රජයේ ආයතනවල නාස්තිය හා දූෂණ පිළිබඳ කියමින් මෙලෙස මහජන මුදල් වැය කිරීම නරක පූර්වාදර්ශයක් යැයිද විගණන නිලධාරීහු කියා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon