ගස් කපන යන්ත්‍රවලටත් බලපත්‍රයක්

  👤  2548 readers have read this article !
By mawbima 2019-02-12

පහන් විජේසේකර

ගස් කැපීමට භාවිත කරන කුඩා ප්‍රමාණයේ දම්වැල් කියත් (චේන් සෝ) යන්ත්‍රවල සිට විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දක්වා සියලු යන්ත්‍රවලට අනිවාර්යයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු යැයි චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.

බලපත්‍රයක් නොමැතිව එවැනි යන්ත්‍ර පරිහරණය කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (11දා) පැවැති ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන අමතමිනි.

එවැනි යන්ත්‍ර ළඟ තිබෙන පුද්ගලයන් මේ පෙබරවාරි 15දා සිට මාර්තු 01 දක්වා කාලය තුළ ඒවා ළඟම තිබෙන පොලිසියට වාර්තා කළයුතු බවත් ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.

සෑම පොලිස් ස්ථානයක්ම සිය බල ප්‍රදේශය තුළ එවැනි යන්ත්‍ර ළඟ තිබෙන පුද්ගලයන් පිළිබඳ නාම ලේඛනයක් පවත්වා ගෙන යා යුතු අතර ඒ අනුව එම යන්ත්‍ර සඳහා බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගැනේ. "මේ දිනවල නිතරම ඇහෙන්නේ මේ වසර මැතිවරණ වසරක් කියලා. මැතිවරණ වර්ෂයක් නම් ඇත්ත කතාව දේශපාලනඥයෝ වැඩ කරන්නේ නෑ. ඔක්කොම එන්නේ මැතිවරණයට සටන් කරන්න. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම හා යුතුකම වෙන්නේ සිය කාර්යය නිසි ලෙස ඉටු කිරීම" යැයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon