ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඇතිවන වන හානිය සියයට එකක් අඩු වෙලා

  👤  2536 readers have read this article !
By mawbima 2019-02-12

උදයන්ති මුණසිංහ

වාර්ෂිකව ශ්‍රී ලංකාවේ වන හානිය සියයට එකක් (1%) දක්වා අඩු වී තිබෙන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පැවැසුවේය.

දැනට මෙරට පවතින වන ඝනත්වය 28%ක් බවත් 2020 වසර වන විට එය 32%ක මට්ටම අබිබවා ගෙන යෑමට සැලසුම් සකස් කර ඇති බවත් ඔහු පැවැසුවේය.

වාර්ෂිකව වන හානිය සිදුවන්නේ සංවර්ධන කටයුතු මෙන්ම නීත්‍යනුකූලව සහ නීත්‍යනුකූල නොවන ලෙස සිදු කරන ක්‍රියකාරකම් නිසා බවත් ඉතිහාසය සමඟ සස¼දා බලන විට ඉතා අවම වන හානියක් මෙහිදී වාර්ෂිකව සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

උතුරු - නැඟෙනහිර කැලෑ ප්‍රමාණය සියයට හැටක් (60%) දක්වා වැඩි වී ඇති අතර එයට හේතු වී ඇත්තේ එම ප්‍රදේශවල වසර 30ක් පැවැති යුද වටපිටාව බව වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා ලංකාවේ අඩුම වන ඝනත්වය ඇති දිස්ත්‍රික්කය ගම්පහ බවත් එය 2%ක් බවත් කියා සිටියේය.

උතුරු - නැඟෙනහිර ප්‍රදේශවල මෙන්ම අනෙකුත් ප්‍රදේශවලද වන ඝනත්වය වැඩි කිරීමේ අභියෝගය ඇති බවත් මේ වන විට ඒ වෙනුවෙන් දිසාපතිවරුන් සමඟ සමීක්‍ෂණ
සිදුකොට තිබෙන කැලය ආරක්‍ෂා කර ගනිමින් වැඩිදුරටත් වන ඝනත්වය ඉහළ දමා ගැනීමට සැලසුම් ආරම්භ කර ඇති බවත් ඔහු පැවැසුවේය.

එමෙන්ම මේ වනවිට රට තුළ දැව අවශ්‍යතාව උග්‍ර වී බිලියන 13ක දැව ආනයනය වාර්ෂිකව සිදු වන බවත් මීට පිළියමක් ලෙස දැව ලබා ගැනීම සඳහා ගෙවතු වගාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

'පරිසර සමුළුව' පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් ඊයේ (11දා) මහවැලි කේන්ද්‍රයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon