එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පුද්ගලයකුට නිවෙසට ඇවිත් පහරදීලා

  👤  2542 readers have read this article !
By mawbima 2019-02-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ මුලතිව් විශ්වමඩු පළාතේ පුද්ගලයකුට නාඳුනන පිරිසක් විසින් පෙරේදා (10දා) රාත්‍රි ඔහුගේ නිවෙසට පැමිණ පහරදී පලාගොස් තිබේ.
මේ සාමාජිකයා පුනරුත්ථාපනය වී ආපසු මුලතිව් විශ්වමඩු ප්‍රදේශයට පැමිණ පසුව පළාතේ දේශපාලන කටයුතුවල නිරතව සිට ඇත.

රාත්‍රි කාලයේ නිවෙසට පැමිණි පිරිසක් ඔහුට පොලුවලින් පහරදුන් අවස්ථාවේදී ඔහුව බේරා ගැනීමට ඉදිරිපත් වූ ඔහුගේ පුතාටද පහරදී තිබේ.

අනිරාසන් සෙල්වරාසා නමැති මෙම හිටපු කොටි සාමාජිකයා එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අතර ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ට පහරදුන් පිරිස කවුරුන් දැයි නොහඳුනන බවයි.
පහරකෑමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඔහුව මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.

මුලතිව් විශ්වමඩු පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon