ජනාධිපති එක්ක රණ්ඩු කරන්න අපි ලෑස්ති නෑ

  👤  2561 readers have read this article !
By mawbima 2019-02-12

උපතිස්ස පෙරේරා

රජය පවත්වාගෙන යන්න අපට 113ක බහුතරයක් අවශ්‍ය නොවනමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව බහුතරයක් සිටී නම් අපට රජයක් ගෙන යෑමට හැකියාවක් නැතැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සුබ සාධන අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.

බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (11දා) සවස පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීවේය.

2015 ජනවාරි 8දා අපත් සමඟ එකට හිටිගත් පිරිසක් අපට සහාය දෙන්න සූදානමින් ඉන්නවා. ජනාධිපති සමඟ රණ්ඩු කරන්න අප සූදානම් නැහැ. අපට අවශ්‍ය ජනාධිපති සමඟ ගැටුමකට නොගොස් රට ඉදිරියට ගෙන යන්නයි. ජනාධිපතිතුමා සමඟ ගැටුමක් ඇතිකර ගන්න අපට හේතුවක් නැහැ. අගමැතිතුමා හෝ මා හෝ කවුරුන් හෝ කැමැති වුණත් අපිට ඕන විදියට මහ මැතිවරණයකට යන්න බැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟත්වය ඕන. ඒක අපට තනියෙන් කරන්න බැහැ. අනෙක් පාර්ශ්වවලත් සහාය ඕන' යැයි හෙතෙම පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon