සේනා දළඹුවා සාර්ථකව පාලනය කළා

  👤  2550 readers have read this article !
By mawbima 2019-02-12

උදයන්ති මුණසිංහ

ගොවීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අත්දැකීම් සමඟ සේනා දළඹුවා සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරියන් සඳහන් කළේය.

මේ දළඹුවා සීයට සීයක් විනාශ කිරීමට නොහැකි වුවත් බලාපොරොත්තු වූවාටත් වඩා යල කන්නයේ ගොවීන්ට වගාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබා දීමේ හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා පැවැසුවේය.


එමෙන්ම සේනා දළඹුවාගේ කීට අවස්ථා පරිසරය තුළ තවත් තිබීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියේය.

රසායන ද්‍රව්‍ය, ගොවීන් සොයාගත් විවිධ උපක්‍රම, දේශීය වෛද්‍යවරු සොයාගත් උපක්‍රම සියල්ලම භාවිත කරමින් සේනා දළඹුවා පාලනය කිරීමේ හැකියාව ලැබුණු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon