මෙරට පාතාලය පවතින්නේ දේශපාලන රැකවරණය නිසයි

  👤  2620 readers have read this article !
By mawbima 2019-02-12

දේශපාලකයන්ගේ රැකවරණ සහ අනුග්‍රහය නැතිව රටක පාතාලයක් පවතින්නේ නැතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.


ඔහු එසේ පැවැසුවේ ඊයේ (11දා) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී උදය ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.

මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුණු පුවත මාධ්‍යවල ප්‍රසිද්ධ නොකළා නම් කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් ගෙනාවා වගේ මධුෂ් ලංකාවට ගෙන එන්න තිබුණා කියලා ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා මාධ්‍යවලට ‍ෙදාස් කියනවා අපි දැක්කා. නමුත් ඒක බොරුවක්. කේ.පී. කියන්නේ ලංකාවේ අපරාධ කර මැලේසියාවේ සැ¼ග වී සිටි අයෙක් මිස මැලේසියාවේ අපරාධ කළ අයෙක් නොවෙයි. ඒ නිසා ඔහුගෙන් මැලේසියාවට වැඩක් නැහැ. ඉල්ලූ සැණින් ලංකාවට එව්වේ ඒ නිසයි.

නමුත් මධුෂ් කියන්නේ ලංකාව වගේම ඩුබායිවලත් අපරාධ කළ අයෙක්. ඒ නිසා ලංකාවේ ආණ්ඩුව ඉල්ලූ සැණෙකින් කිරිඇල්ල ඇමැතිතුමා කියනවා වගේ දෙන්නේ නැහැ. දැනට ඔහුට චෝදනා දෙකක් ගොනු කරන්න සූදානම් වෙනවා. එකක් මත්ද්‍රව්‍ය භාවිතය, අනෙක මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම. සමහර විට මත්ද්‍රව්‍ය විකිණීමේ චෝදනාවත් ගොනු කරන්න පුළුවන්. ඒ අනුව වසර දහයක් දක්වා සිරදඬුවම් ලබා දෙන්න පුළුවන්. එහෙම වුණොත් එහි සිරදඬුවම් විඳලා ආවට පස්සේ ලංකාවේ නඩු අහලා දඬුවම් කරන්න පුළුවන්.

ආණ්ඩුවට තවත් විකල්ප දෙකක් තියෙනවා. දෙවැනි විකල්පය තමයි එහි සිරදඬුවම් නියම වුණාට පස්සේ ඒ රටින් ලංකාවේ සිර ගෙදරකට මාරු කර ලංකාවේ නඩු ඇසීම, තුන්වැනි විකල්පය තමයි එහි නඩු පැවැරීමකින් තොරව ලංකාවට පිටුවහල් කර ලංකාවේ අපරාධවලට නඩු පැවැරීම.

ඩුබායිවලදී අත්අඩංගුවට පත් වුණු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියකු සිටිත්දැයි තමන් ආගමන - විගමන පාලකගෙන් විමසා සිටි බවත් එවැන්නකු පිළිබඳ තමන්ට තොරතුරු ලැබී නැතැයි ඔහු පැවැසූ බවත් රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමැතිතුමා පාර්ලිමේන්තුව නොමඟ යවන ප්‍රකාශයක් කළා. ඩුබායිවල රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියකු අත්අඩංගුවට පත් වුණාම ආගමන - විගමන පාලකට දැනුම් දීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වී සිටින අයගේ් නම් සහ ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියකු සිටිත්දැයි කියලා අපේ තානාපති කාර්යාලය ඒ රටින් විමසිය යුතුයි. ඒ පිළිතුර ප්‍රසිද්ධ කිරීමෙන් පමණයි මේ ප්‍රශ්නය විසඳෙන්නේ.

අපරාධකරුවකුට රටින් පැන ගැනීමට පහසුවීම සඳහා රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් නිකුත් කළ බවටයි ආරංචි පැතිර යන්නේ. රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් හිමි අයකු සිටින බව ආණ්ඩුවට මඩ ගහන්න විපක්‍ෂය ගොතපු කතාවක් බවට රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමැතිතුමා කියන්නෙත් බොරු. මේ කතාව අපි ගෙතුවේ නැහැ. ඒක වාර්තා කළේ 2019 පෙබරවාරි 06 වැනි දින කලිජ් ටයිම්ස් පුවත්පතයි. ඒ පුවත්පත තමයි ඩුබායිවල වැඩියෙන්ම පළ වෙන්නේ.

නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රිවරයාටත් චෝදනා තිබෙනවා?

චෝදනා තිබෙන්න ඕන පදනමක් ඇතිව. ඔය කියන චෝදනාවට මොනවද තිබෙන සාක්‍ෂි? නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රිතුමා ලංකා බැංකුවෙන් ලබා ගත් ණයට මාසිකව 725,000ක් ගෙවනවා. ඒත් ඒක වැරැදියි කියලා සාක්‍ෂි සහිතව කවුරුවත් මොකුත් කියන්නේ නැහැ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon