මහසොහොන් බළකායේ නායක ඇතුළු සැකකරුවන්ට යළිත් ජූලි මස අධිකරණයේ පෙනී සිටීමට නියෝග

  👤  2534 readers have read this article !
By mawbima 2019-02-12

තෙල්දෙණිය - කේ. නිශ්ශංක

පසුගිය වසරේ මාර්තු මස පස්වැනි දින දිගන නගරය අවට සිදුවූ කලහකාරී සිද්ධීන් පිළිබඳ ඇප ලබා සිටින මහසොහොන් බළකායේ නායක අමිත් ජීවන් වීරසිංහ ඇතුළු සැකකරුවන් දහතුන් දෙනා ඊයේ (11දා) තෙල්දෙණිය අධිකරණයේ පෙනී සිටියහ. අංක බී 260/18 හා අංක 295/17 යන නඩු විභාග දෙකම තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ ආර්.එම්. සමන් රත්නායක මහතා ඉදිරියේදී මෙදින පැවැත්විණි.

තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශය විසින් පවරා තිබූ අංක බී 260/18 යටතේ පවරා තිබුණු නඩු විභාගයේ වැඩිදුර විභාගය හත්වැනි මස අටවැනි දින යළි පැවැත්වෙන බව අධිකරණය දැනුම් දුන්නේය.

මේ අතර ත්‍රස්ත විමර්ශන අංශය මඟින් බී 295/17 යටතේ ගොනු කර තිබූ නඩු විභාගය මෙදින පැවැත්වූ අතර ඒ සඳහා මහසොහොන් බළකායේ නායක අමිත් ජීවන් වීරසිංහ ඇතුළු සැකකරුවන් හය දෙනා තෙල්දෙණිය අධිකරණයේ පෙනී සිටියේය.

එම නඩු විභාගය යළි හත්වැනි මස විසිනව වැනි දින තෙල්දෙණිය අධිකරණයේ යළි පැවැත්වෙන බවත් එදිනට අධිකරණයේ පෙනී සිටීමටත් අධිකරණය නියෝග කෙළේය. සැකකරුවන් වෙනුවෙන් සරත් ප්‍රේමකුමාර, බාන්ස් රඹුක්වැල්ල හා සුදත් ගුණසේකර යන නීතිඥවරු පෙනී සිටියහ. ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් හා තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් මෙදින අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon