බන්ධනාගාර ගත කර සිටි එල්.ටී.ටී.ඊ.සැකකාරියක් ඇප මත මුදා හරියි

  👤  2606 readers have read this article !
By mawbima 2019-02-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මඟින් මීට වසර හතරකට ඉහතදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කර සිටි එල්.ටී.ටී.ඊ. සැකකාරියක් කැබිතිගොල්ලෑව දිසා අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ.

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍රන් මදනී නමැති තිස් දෙහැවිරිදි මෙම සැකකාරිය පදවිය හා වැලිඔය පළාතේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත ඇයව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මඟින් 2014 මාර්තු මස 10 වැනිදින අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයට එරෙහිව ගොනු කරන ලද චෝදනා මෙතෙක් ඔප්පු නොවීම නිසා මන්නාරම දිස්ත්‍රික් පුරවැසි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම් පතක් සැලකිල්ලට ගැනීමෙන් පසුව ඇය රුපියල් 25,000ක ඇපයක් මත මුදාහැර තිබේ.

ඇප මත මුදාහළ ඇයට මේ මස 27 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද කැබිතිගොල්ලෑව දිසා විනිසුරුවරයා නියෝග කොට තිබේ.
සැකකාරිය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ මන්නාරම දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ නිලධාරීන් ඇය මුලතිව් විශ්වමඩු ප්‍රදේශයට කැටුව ගොස් පවුලේ ඥාතීන් වෙත භාරදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon